
ඇඹරැල්ල අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය :
පැසුණු ඇඹරැල්ල ගෙඩි 07
අඹරාගත් අබ මේස හැදි 01
විනාකිරි මේස හැඳි 01
අඹරාගත් ගම්බිරිස්, මිරිස් මේස හැඳි 01
සිනි තේ හැඳි 01
ලුණු කුඩු තේ හැඳි 01
සාදන ආකාරය :
ඇඹරැල්ල ගෙඩි සුද්ද කර කෑලිවලට කපා තලා ගන්න.
මිරිස්, ගම්මිරිස්, අබ එයට දමා කලවම්කරන්න. දැන් ලුණු, විනාකිරි, සීනි එක් කරන්න.
අඹ – අන්නාසි අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය :
පැසුණු අඹ ගෙඩි 02
පැසුණු අන්නාසි අවශ්‍ය ප්‍රමාණයට
ගම්බිරිස් කුඩු මේස හැඳි 01
අඹරාගත් අබ මේස හැඳි 01
විනාකිරි
සිනි තේ හැඳි 01
ලුණු කුඩු තේ හැඳි 01
සාදන ආකාරය :
අඹ හා අන්නාසි ලෙලි ඉවත් කර අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න.
ඉන් පසු ඉහත ද්‍රව්‍ය සියල්ලම දමා විනාකිරි සමඟ කලවම් කර හොඳින් වසා තබන්න.
වෙරළු අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය :
පැසුණු වෙරළු ගෙඩි අවශ්‍ය ප්‍රමාණයට
අඹරාගත් අබ මේස හැදි 01
විනාකිරි මේස හැඳි 01
අඹරාගත් ගම්බිරිසි, මිරිස් මේස හැඳි 01
සිනි තේ හැඳි 01
ලුණු කුඩු තේ හැඳි 01
සාදන ආකාරය :
වෙරළු ගෙඩි ගලේ තබා තලා ලුණු මිශ්‍ර වතුරේ දමා තම්ඹා ගන්න
වතුර බේරුණු පසු විනාකිරි ස්වල්පයකට අඹරාගත් අබ, ගම්මිරිස්, මිරිස් හා සීනි යොදා වෙරළුත් දමා කලවම් කර ලුණු මිශ්‍ර කරන්න.
ලොවි අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය :
පැසුණු ලොවි ගෙඩි 30
අඹරාගත් අබ මේස හැදි 01
විනාකිරි මේස හැඳි 01
අඹරාගත් ගම්බිරිස්, මිරිස් මේස හැඳි 01
සිනි තේ හැඳි 01
ලුණු කුඩු තේ හැඳි 01
සාදන ආකාරය :
ලොවි ගෙඩි හොදින් සෝදා තලා ගන්න.
මිරිස්, ගම්මිරිස්, අබ එයට දමා කලවම්කරන්න. දැන් ලුණු, විනාකිරි, සීනි එක් කරන්න.
උගුරැස්ස අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය :
පැසුණු උගුරැස්ස ගෙඩි 30
අඹරාගත් අබ මේස හැදි 01
විනාකිරි මේස හැඳි 01
අඹරාගත් ගම්බිරිස්, මිරිස් මේස හැඳි 01
සිනි තේ හැඳි 03
ලුණු කුඩු තේ හැඳි 01
සාදන ආකාරය :
උගුරැස්ස ගෙඩි හොදින් සෝදා තලා ගන්න.
මිරිස්, ගම්මිරිස්, අබ එයට දමා කලවම්කරන්න. දැන් ලුණු, විනාකිරි, සීනි එක් කරන්න.
දිවුල් අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය :
පැසුණු දිවුල් ගෙඩි 2 (ඉදුණු නැති දිවුල් තෝරාගන්න)
අඹරාගත් අබ මේස හැදි 01
විනාකිරි මේස හැඳි 01
අඹරාගත් ගම්බිරිස්, මිරිස් මේස හැඳි 01
සිනි තේ හැඳි 03
ලුණු කුඩු තේ හැඳි 01
සාදන ආකාරය :
දිවුල් ගෙඩියේ මදය සුරාගන්න
මිරිස්, ගම්මිරිස්, අබ එයට දමා කලවම්කරන්න. දැන් ලුණු, විනාකිරි, සීනි එක් කරන්න.