මට මගේ අම්මා ගැන මතකයක් නෑ. තාත්තගෙන් ඇහුවට කවදාවත් මට උත්තරයක් දුන්නෙත් නෑ. මට අම්මාව දකින්න තිබුණ එකම විදිය තාත්තා ළඟ තිබුණ පුංචිම පුංචි photo එක විතරයි.තවත් දෙයක් තිබුණා. ඒ මගේ කරට දාලා තිබුණ මාලේ.

මට ලස්සනට නටන්නයි සිංදු කියන්නයි පුළුවන්. තාත්තා නම් කිව්වේ ඒ අම්මා නිසා කියලා. අම්මට වගේ ලස්සන ඇස් දෙකක් නම් මට නෑ. ඒත් තාත්තා නම් කියන්නේ මම අම්මා වගේමයි කියලා.

මම ඒක විශ්වාස කරන්න කැමති නෑ. මට අම්මා වගේ නම් ලස්සන වෙන්න බෑ. මට තියෙන්නේ තාත්තට වගේ කැරළි ගැහුණු කොණ්ඩයක්. ඒත් මට ඕනේ අම්මගේ වගේ සිනිඳු කඩා හැලෙන කොණ්ඩයක්. මට හොඳටම විශ්වාසයි තාත්තා අම්මට හුඟක් ආදරේ වෙන්න ඇති ඉස්සරෝම දැකපු දවසේ. මොකද අම්මා හිනවෙනකොට එයාගේ dimples එනවා. ඒක හරි ලස්සන හිනාවක්. අම්මගේ photo එක මුළු දවස තිස්සෙම බලලා මට ඒ photo එකේ හැම දශමයක්ම කට පාඩම්.

අනේ… මට අමතක වුණානේ මගේ නම කියන්න. ඕක ඉතින් මට හැමදාම වෙන දේ. අම්මා ගැන කියන්න ගියාම අනික් හැමදේම මට අමතක වෙනවනේ. මම මේනු.

මගේ තාත්තා ටිකක් විතර පෝසත්. ඒ තාත්තගේ අම්මා එහෙමත් නැත්තන් මගේ ලොකු ආච්චි නිසා. එයාලට පරම්පරාගත ඉඩම් තියෙනවලු. මම නම් දැකලා තියෙන්නේ ගේ පිටිපස්සේ තියෙන පොල් වත්ත විතරයි. මගේ තාත්තා මිනින්දෝරුවෙක්. එයාලට කියන නමක් තමයි “කූඩැල්ලා”. මැන මැන යන එකනේ කරන්නේ.

කොහේ හරි කැළෑවක් හොයාගෙන මදුරුවෝ තල තල මනින රස්සාව නම් මට පේන්න බෑ. ඒත් තාත්තා නම් බැහැලා වැඩ කරන්නේ. කොච්චර වැඩද කිව්වොත් සමහර දවස් වලට එයා ගෙදර එන්නේ ගාසා තීරේ යුද්ධෙට ගිහින් එනවා වගේ. මූණ අත පය හූරගෙන ඇඳුම් ඉරාගෙන. අපේ තාත්තා මනිනවා කියලා හැමදාම කටු පඳුරු අස්සේ රිංගගෙන මොනවා කරනවද මංදා.

“මහත්තයා හැමදාම කටු පඳුරු අස්සේ රිංගලා ඇඳුම් ඉරාගන්නවා. කොච්චර මැහුවත් වැඩක් නෑ නෝනා…” යසෝමා හැමදාම එයාගේ සුපුරුදු CD එක play කරනවා.

“එයා ඉතින් ඒ කාලේ ඉඳන්ම පඹගාල් වල පැටලෙන්න දක්ෂයිනේ…” ලොකු ආච්චි තාත්තට චරිත සහතික දෙනකොට තාත්තා කාමරේට යන්නේ ඉබ්බා කටුව අස්සට රිංගනවා වගේ. ආයේ ඉතින් එළියට එන්නේ හීන හතක් දැකලා.

“මේනු…අන්න ඔයාගේ English sir ඇවිල්ලා. යන්න class එකට…” ලොකු ආච්චි කෑගහන විදියට වහලෙත් ගැලවෙනවා.

හොඳ වෙලාවට සීයා දුර දිග හිතලා වහලෙට තහඩු… ආ….නෑ… නෑ.. ෂීට් දැම්මේ. බැරිවෙලාවත් උළු එහෙම දාලා තිබුණානම් වෙන විනාසේ මට හිතාගන්න බෑ.

English sir…. එයා ගැන නම් මොන කතාද? එයත් නිකන් English Literature පොතක් වගේ. දැක්කම බඩ රිදෙනවා. එයාගේ වයස නම් හැටත් පැනලා. හැබැයි එයා හිතන් ඉන්නේ තාම විස්සක්වත් නෑ කියලා. බඩ මැද්දට් කලිසම ඇඳලා, මල් මල් ෂර්ට් එකක් ඇඳලා සුවඳ ගහන්න හඳුන්කූරු ගහගෙන එනකොට මට හිතෙන්නෙම වළක් හාරගෙන පැනලා මැරෙන්න.

“Hai darling…sit baby. How are you doing today?…”

“වෙනදා වගේම තමා කරන්නේ. වෙනසක් නෑ ” කියන්න කටත් හදලා මම කට වහගත්තා.

එයා පුරුදු විදියට Literature පොත දිග ඇරගත්තා. මට හිතාගන්න බැරි ඇයි මම මේ කෙහෙල්මල ඉගෙන ගන්නේ කියලා. එක Literature පොතක් මම කියවලා නෑ. සර් කියවනවා. මම එයාගේ මූණ දිහා බලන් හිටියා.

එහෙන් මෙහෙන් ඉදුණු කෙස් ගස් පේනවා. මේ සැරේ ඩයි එක හරියට වැදිලා නෑ. ඒත් බුරුසු රැවුල නම් ගාණට ඩයි කරලා. නහය උඩ තියෙන කණ්නාඩිය වැටෙන්නයි යන්නේ තව ටිකකින්. සර් නිදිනේ. කණ්නාඩිය වැටෙද්දිම එයා නැඟිටිනවා. ඔළුව දෙපැත්තට හොලවලා දිරලා ගියපු දත පෙන්නලා හිනාවෙනකොට මගේ ඔළුව පිපිරෙන්න වගේ. ඇයි ඉතිං හිතේ හැටියට හිනාවෙන්න කියලයැ.

“Yes, darling what is the last point..?” එයා last point එකක් ගැන අහනවා. මම එයාගේ දිරපු දත් ගණන් කළා මිසක් එයා කිව්ව ඒවා අහන් හිටියේ නෑනේ.

මරු ගුරයි ගෝලයයි.

“You told about Charles Dickens..” මම දන්න එකම මනුස්සයා ඒ. මම චාර්ල්ස් ඩිකන්ස් ගැන කිව්වේ කීවෙනි සැරේටද කියලවත් මට මතක නෑ.

“Yes..Yes.. he was a great writer. Try to write something…you can be like him…” සර් මඟුලක් කතා කරනවා. චාර්ල්ස් ඩිකන්ස් තියා එයාගේ ළඟකින්වත් මම ලියන ඒවා තියන්න බෑ. ඒ තරම් සුපිරි ගණයේ රචනාවන් මගේ තියෙන්නේ.

ටිකක් වෙලා යද්දි එයා ආයෙත් නිදි. කණ්නාඩිය වැටෙනකොට එයා නැඟිටිනවා. නැඟිටලා ආයෙත් last point එක ගැන අහනවා. මම ආයෙත් බොරුවක් කියනවා. එයා ඒක ගැන කිය කිය නිදාගන්නවා. පැයක් තිස්සේම ඕක ඔහොම තමයි. කිසිම වෙනසක් නෑ.

“OK, darling. See you next week. Study well…” එයා අවුරුද්දක් තිස්සේ ඔය දේශනාව දුන්නත් තාම එකම කවියක් තියා පද පේලියක්වත් මම ලියලත් නෑ. ලියන්න තුන් හිතකවත් නෑ.

පැය ඉවරවෙලා රුපියල් දාහක් අතට දෙනකොට නම් එයාගේ කටේ දරපු දත් ඔක්කොම මම ගණන් කරනවා. එයා ගියාම දැනෙන නිදහස ගැන නම් කවි ලියන්න පුළුවන් ටොන් ගාණක්.
මේක නම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේ තාත්තට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැනේ.

“හරි මට කියන්න ඇයි ඔයාට literature ඉගෙන ගන්න බැරි..?” තාත්තා අහනවා.

“මම සර්ට කැමති නෑ. එයාගේ වයස වැඩියි.අනික එයාගේ ඉස්සරහ දත දිරලා. කොයි වෙලාවක හරි බොන තේ කෝප්පෙක තියෙයි දත..” මම කියද්දි තාත්තා හිනාවෙනවා.

“ඔයා මොනවටද කැමති..??” තාත්තා ඇහුවා.

“ම්… ඒක නම් මම තාම දන්නේ නෑ තාත්තේ…”

“හරි එහෙනම් ඔයා කැමති දෙයක් බලලා මට කියන්නකෝ” තාත්තා මගේ ඔළුව ඉඹින ගමන් කිව්වා.

හරි ලේසියෙන් ගොඩයන්න පුළුවන් දෙයක් හොයාගන්න ඕනේ.

– නදිශානි බණ්ඩාර

- A word from our sposor -

spot_img

අත්වැල ගිලිහී – 01 කොටස

අදත් මහනුවරට ඇඳිරිනීතිය

නුවර නගර සභා සීමාවට හැර මහනුවර දිස්ත්‍රිකයේම රාත්‍රී 8.00 සිට හෙට අළුයම 5.00 දක්වා නැවතත් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කරයි.

විශේෂිත නිවුන් දරු උපතක්

ඉතාම විරල සිදුවීමක් වන නිවුන් දරු උපතක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. මාදුරු ඔය ජාතික වන උද්‍යානයේ සැරිසැරූ ඇතින්නක් විසින් නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු බිහිකර...

නිළියක් වගේ ලස්සන වෙන්න හාල් සෝදන වතුරෙන් කරන ඉන්දියානු රහස් බෙහෙත් වට්ටෝරුවක්

ඉන්දියානු කාන්තාවන් ලස්සන වෙන්න බොහෝ ඖෂධ වට්ටෝරු භාවිතා කරනවා. මෙහි විශේෂත්වය වන්නේ ස්වභාවික ඖෂධ ද්‍රව්‍ය භාවිතා කිරීමයි. ඔබත් නිළියක් වගේ ලස්සන වෙන්න නම් මේ...

දිය ලුනු වලින් ලස්සන වෙමුද

01.මැරුණු සම ඉවත් කර ගැනීමට සිහින්ව අඔරාගත් ලුනුකුදු සමග ඔලිව් තෙල් ස්වල්පයක් මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණය මුහුණේ ආලේප කර ඇඟිලි තුඩු වලින් රවුම් ආකාරයට මෘදුව...

විවාහකයි නම් මොහොතක් නැවතිලා කියවලා යන්න

ගෑණු ලමයෙක් කවදා හරි මව් පදවිය ලබනවා.මව් පදවිය ලැබුවට පස්සේ අර කෙළිදෙලෙන් ගත කරපු කාලය එතනින් ඉවරයක් වෙන්වා. දැන් මවක් විදියට ඉන්න ඔනේ, ළමයි...

ඇයි මේ රුපලාවන්‍ය ක්ෂේත්‍රයට කළු පැල්ලමක්

පහුගිය දිනවල රුපලාවන්‍ය ශිපියෙකු ලෙස නමක් දිනා සිටි කෙනෙකු විසින් පැවැත්වූ උපන්දින සාදයක් නිසා රුපලාවන්‍ය ක්ෂේත්‍රය ගැන බොහෝ දෙනෙකු අතර කතා බහට ලක් වුනා....

ලිංගිකව එක්වීමට ඇති අකමැත්ත සැකයට මුලික හේතුවේද ?

දෙන්නෙක් අතර විවාහ සම්බන්ධතාවක් ඇති වන්නේ දෙදෙනා අතර ජිවිත කාලය තුල දැඩි බැඳීමක්, විශ්වාසයක් සහ එකඟතාවයක් ඇතිව ජිවත් වීමේ අරමුණින්. නමුත් දැන් සමාජයේ බොහෝ...

Kidswood Awurudu Educational Toys Fair – April 2018

Kidswood Awurudu Educational Toys Fair - April 2018 Shop for Exciting New Collection of Educational Toys. Amazing Discounts on ALL items. 1st of April 2018 from...