Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

අයියාරි

අයියාරි තමයි සිද්ධාර්ත් මල්හෝත්‍රා ඔබට පිරිනමන අවුරුදු තිළිණය, ඔහුගේ අලුත්ම හින්දි චිත්‍රපටය. අයියාරි ඉන්දියානු හමුදා නිලධාරින් දෙදෙනෙකුට වටා ගෙතුණු සත්‍ය කතාවක සිනමා දිගහැරුමක්. ඉන්දියානු සිනමාව තුළ නොමැකෙන නමක් තබා ඇති මනෝජ් බාජ්පායි සමඟ නස්රුදීන් ෂාහ්, සිද්ධාත් මල්හෝත්‍රා සහ දකුණු ඉන්දියානු චිත්‍රපට නිළි රාකුල් ප්‍රීත් සිං චරිත මවන මෙහි අධ්‍යක්ෂණය නීරජ පාණ්ඩේ ගෙන්. ඉන්දියාවේ නිහා දිනයට ප්‍රථම ත්‍රස්තවාදියෙකු කොටු කර ගැනීම සඳහා මේ හමුදා නිලධාරීන් දෙදෙනා දරන වෑයම තමයි චිත්‍රපටයේ දිවෙන්නේ. 2018 තිරගත වූ මෙම චිත්‍රපටයේ තිබෙන්නේ එකම එක ගීතයක් පමණක් වීම විශේෂත්වයක්. බොළඳ පෙම්වතාගේ චරිතයෙන් ඔබ්බට සිද්ධාර්ත්ට කෙතරම් රංගන හැකියාවක් තිබෙනවාදැයි බලාගැනීමට අයියාරි හොඳ අවස්ථාවක් වේවි.

 

 

 

 

 

Popular Articles