Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ලස්සන වෙන්න ආයුර්වේද රහස් කිහිපයක්

ඔබ කුමන වයසක වූවත් අපේ කාන්තාවන්, (women) ගැහැණු (girls) ළමයින් නිසි ආයුර්වේද ප්‍රතිකාර කිරීමෙන් ඔබෙන් ගිලිහී ගිය තාරුණ්‍ය යළි ප්‍රතිනිර්මාණය කළ හැකි වීම ඔබේ සතුට දෙගුණ තෙගුණ කරන කාරනාවක් නේද? අතීතයේ දී අප රජ බිසෝවරු, රජ කුමාරිකාවන් තම තරුණබව රැක ගැනීම සඳහා භාවිත කළ අතිශය දුර්ලභ, රහස්‍ය ඖෂධ සංයෝග අද ද රූපලාවණ්‍ය රහස් (beauty tips) වශයෙන් පවතිනවා. එවැනි අතිශය දුර්ලභ වූ ඖෂධ වර්ග කිහිපයක් ගැනයි අද අපි ඔබට කියලා දෙන්න යන්නේ.

 

ලොධ්‍රාදී ලේපය

මෙය සමේ පැහැපත්බව රකින දිව්‍යමය ඖෂධයක් බඳුය. එය සකසා ගන්නේ මෙලෙසිනි. ලොත් සුඹුල් කුඩු, කොත්තමල්ලි කුඩු සම

ව ගෙන එයට වදකහ කුඩු ස්වල්පයක් දමා පිරිසුදු ජලය සමඟ මිශ්‍රකර ආලේපනයෙන් සම පැහැපත් වේ. මුහුණේ පවතින කුරුලෑ නැතිවේ.

 

චන්දනාදී ලේපය

දිදුලන පැහැපත් සමකට මෙය අතිශයින්ම මහෝපකාරී වේ. රත් හඳුන් කුඩු, වැල්මදට කුඩු, ලොත් සුඹුළු පොතු කුඩු, සුවඳ කොට්ටං කුඩු, පරිප්පු කුඩු සමව ගෙන එළකිරි සමඟ මිශ්‍රකර ආලේප කිරීමෙන් සමෙහි පැහැපත් බව වර්ධනය වේ.

 

ස්ක්‍රබ් කිරීම

ස්වභාවික ලෙස ඉවත් නොවී පවතින මැරුණු සම ඉවත් කිරීමක් ස්ක්‍රබ් කිරීමෙන් බලාපොරොත්තු වේ. ස්වභාවික ඖෂධීය කුඩු වර්ග භාවිත කොට ස්ක්‍රබ් කිරීමෙන් සමට කිසිදු හානියක් සිදු නොවේ. ස්ක්‍රබ් එකක් සාදා ගැනීමේදී මුල් පසුතලය සාදා ගැනීමට ධාන්‍ය පිටි භාවිත කරනු ලබන අතර එය සුවඳවත් කරගැනීමට වියළි මල්පෙති ද භාවිත කළ හැකිය.

 

සාමාන්‍ය සමට

බාර්ලි කුඩු, සුදු හඳුන් කුඩු, මදුරුතලා කුඩු, රෝස පෙති කුඩු යන මෙම ඖෂධ සම සමව ගෙන පිරිසුදු ජලය

කඩල පිටි, ආමන්ඩ් කුඩු, අමුක්කරා කුඩු, අරළු කුඩු, උළුහාල් කුඩු, මදුරුතලා කුඩු, රෝස පෙති කුඩු, ඉරිඟු පිටි යන ඖෂධ සමව ගෙන පිරිසුදු ජලය සමඟ හෝ එළකිරි සමඟ හෝ කෝමාරිකා යුෂ සමඟ හෝ මිශ්‍රකර ආලේපය.වියළි සමටමිශ්‍රකොට ආලේපය.

 

තෙල් සහිත සමට

බාර්ලි පිටි, හාල් පිටි, නෙල්ලි කුඩු, කොත්තමල්ලි කුඩු, වැල්මදට කුඩු, කොහොඹ කුඩු, සුදු හඳුන් කුඩු යන මේවා තනුක කරන ලද දෙහි යුෂ සමඟ හෝ යෝගට් සමඟ මිශ්‍රකර ආලේපය.

 

වැඩුණු සමට

බාර්ලි පිටි, හාල්පිටි, අරළු කුඩු, අමුක්කරා කුඩු, මදුරුතලා කුඩු, වැල්මී කුඩු, දොඩම් ලෙලි කුඩු යන ඖෂධ සමව ගෙන පිරිසුදු ජලය සමඟ හෝ එළකිරි මිශ්‍රකර ආලේපය.

 

කැළැල් සහිත සමට

බාර්ලි කුඩු, අමුක්කරා කුඩු, කොත්තමල්ලි කුඩු, උළුහාල් කුඩු, කොහොඹ කුඩු, වැල්මදට කුඩු, කහ කුඩු, ඉඟුරු කුඩු යන මේවා යෝගට් සමඟ මිශ්‍රකර ආලේපය.

ස්වභාවිකත්වයට සමීපවීමෙන් ලබාගත හැකි මෙම ගුණය මිල කළ නොහැකි තරම්ය. එසේම ස්වභාවිකත්වය හා සමීප වුණු ඉහත සඳහන් ප්‍රතිකාර කිරීමෙන් සිරුරට යහපතක් මිස අයහපත් නම් නොවේ.

Popular Articles