Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

භාණ්ඩ අලෙවියට හොදම ක්‍රමය කුමක්ද

කාගෙන් හෝ ණය මුදලක් ලබාගෙන එහෙමත් නැත්නම් ආයතනයකින් කුඩා ණය මුදලක් ලබාගෙන ස්වයං රැකියාවක් ආරම්භ කර දිවි දිනන්නට උත්සහ කරන බහුතරයක් අපි අතරේ සිටිනවා. ස්වයං රැකියා ඔස්සේ ඔබ සිහින දකින දියුණුව ඉක්මනින් ළඟ කර ගැනීමට නම් හඳුන් කූරු, බිම්මල් ,ලිපි කවර නිෂ්පාදනය වැනි මාර්ග ඔබ දකින සිහිනය ඉක්මනින් ලඟා කර ගැනීමට පහසු මාර්ග නෙමෙයි.ඉතින් ඔබේ කැමැත්ත පරිදි පටන් ගත්ත ව්‍යාපාරය දියුණු කරන්න නම් ඔබට අනිවාර්යෙන්ම අතරමදියෙකුගේ සහය අවශ්‍ය වෙනවා. උදාහරණයක් ලෙස ඔබ ස්වයං රැකියාවක් ලෙස නිමි ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් කරනවා යැයි සිතන්න. හොඳයි ඔබ ඔබේ නිෂ්පාදන අලෙවි කරන්නේ කාටද?

01) කෙලින්ම ඔබ විසින් ඔබේ නිෂ්පාදන පාරිභෝගිකයාට අලෙවි කිරීම.
02) ඔබ විසින් වැටුප් ගෙවන අලෙවිකරුවෙකු හරහා නිෂ්පාදන අලෙවි කිරීම.
03) අතරමැදියෙකු හරහා නිෂ්පාදන පාරිභෝගිකයකුට අලෙවි කිරීම.

බොහෝ දෙනෙකු සිතන්නේ තමන් විසින් තම පාරිභෝගිකයන්ට අලෙවි කිරීම වඩාත් සුදුසු ක්‍රමය කියල. එකට හේතුව ලෙස දක්වන්නේ ලාභය සම්පුර්ණයෙන්ම තමන්ට හිමි වීමයි. මේ ක්‍රමය හොඳයි මහා පරිමාණයට ඔබේ ව්‍යාපාරය ගෙන යෑමට අදහස් නොකරන සුළුවෙන් පමණක් පමණක් ව්‍යාපාරය පවත්වාගෙන උත්සහ කරන කෙනෙකුට.

නමුත් පුංචියට පටන් ගන්න ව්‍යාපාරය තව අවුරුදු 10කින් මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් කරන්න නම් ඒ සඳහා අනිවාර්යන්ම ලෝකයේ මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් කරන්න නම් ඒ සඳහා අනිවාර්යෙන්ම ලෝකයේ මහා පරිමාණ නිෂ්පාදන සමාගම් බොහොමයක් අනුගමනය කරන පොදු ව්‍යාපාරික ක්‍රම අනුගමනය කළ යුතුම වෙනවා. ඒ නිසා ඉහත ක්‍රම තුනෙන් ස්වයං රැකියාවට වඩාත්ම සුදුසු වන්නේ තුන්වන ක්‍රමයයි. එනම් අතරමැදියෙකු හරහා ඔබේ නිෂ්පාදන පාරිභෝගිකයාට අලෙවි කිරීමයි.ඒ මගින් ඔබේ ලාභයේ කොටසක් අහිමි වී ගියත් ඔබේ අලෙවියට යොමුකරන ශ්‍රමය හා කාලය ඉතිරි වීමත් කර්මාන්තය වැඩිදියුණු කිරීමට තව ක්‍රම අත්හදා බැලීමටත් වැඩියෙන් නිෂ්පාදනය කිරීමටත් කාලය ඔබට ඉතිරි වෙනවා. ගුණාත්මක ලෙසින් බැලුවාට එය ඔබට අහිමි වන මුදලට වැඩ වටිනාකමක් එකතු කරන දෙයක්.

Popular Articles