Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

ගෙවත්තට කානේෂන් මල් පාත්තියක් එකතු කරමු

ගෙවත්තේ තියෙන මලින් පිරුන ගසක් දැකීම දෙනෙතට කොයි තරම් ප්‍රියංකර දර්ශනයක්ද? අදරය, සතුට වගේම ශෝකය පෙනවන්නත් මල් වලට පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ ඔබේ ගෙවත්තට කානේෂන් මල් පාත්තියක් එකතු කරගන්නේ කොහොමද කියලා.

දේශගුණය
කානේෂන් හොදින් වැවෙන්නේ කඳුකර ප්‍රදේශයන් වලයි. මුහුදු මට්ටමේ සිට අඩි 3000 ට වැඩ උස් ප්‍රදේශවල කානේෂන් ඉතා හොදින් වවන්න පුළුවන්. සාමාන්‍ය රාත්‍රී උස්ණත්වය සෙන්ටිග්‍රේඩ් 24 – 26 ප්‍රමාණයක් මේ මල් වගාව සඳහා ඉතාම සුදුසුයි.

පාත්ති සැකසීම හා වගා මාධ්‍ය

මීටර් 1 පළල හා ඔබට අවශ්‍ය ප්‍රමාණයට දිග පාත්ති සකසා අඟල් 6ක පමණ උස උළු කැට වලින් පාත්තිය වටේට සකසා ගන්න. ඒ තුලට වියලි ගොම කොටස් 6 ක්රතු පස් කොටස් 4ක් , ගංගා වැලි කොටස් 3ක් කොළ පොහොර කොටස් 2 ලෙස දමා සකසා ගත් වගා මාධ්‍ය පුරවා ගන්න. මුල් අද්දවා ගත් අතු කැබලි අඩියක පමණ පරතරය සිටින සේ සිටුවන්න.

පැල ලබා ගැනීම
කානේෂන් ප්‍රචාරණය බහුල වශයෙන් අතු කැබලි මගින් සිදු කරයි. අතු කැබලි අඟල් 2 -3 ප්‍රමාණයට ලබාගෙන හොඳින් ජීවානුහරණය කරන ලද වැලි කොටස් 1ක් කොහු බත් කොටස් 1ක් මිශ්‍රණයක් සදා අඟල් 1 1/2 පරතරය ඇතුව සිටුවා දින 28-35 අතරදී මුල් අද්දවා ගත හැකිය.
බීජ මගින් සිදු කරනවා නම් තාවාන් දැමීම සිදු නොකළ යුතුය. කොළ පොහොර කොටස් 1ක් වැලි කොටස් 1ක් යන මාධ්‍ය මෙයට උචිත වේ.

අග්‍රස්ථ ජේදනය
පැල සිටුවා දින 40-50 අතර අග්‍රස්ථයේ සිට පත්‍ර යුගල 5-7 අතර ජේදනය කරනු ලැබේ.ඉන්පසු මාස 3 -3 1/2 ක් අතර කාලය තුල මල් හට ගනී.

Popular Articles