මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ Mobile Phone, WhatsApp, Facebook ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්.
හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ call එකක් ගන්නවා කියන එකත් හරි ලොකු දෙයක්. ලියුම් ලියලා පොත් අස්සේ දාලා එහා මෙහා වුණ ආදර කතා එමටයි.
කොච්චර බස් ආවත් School Bus එකේම එල්ලිලා යන්න තිබුණ ඕනෙකම, තාම එහෙම්මයි. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ A/L කරන කාලේ. මම ගෙව්වේ සැහැල්ලු ජීවිතයක්.තාමත් එහෙම තමයි. හැබැයි ඒ හැමදෙයක් එක්කම මාත් එක්කම මගේ අම්මා හිටියා. එක එක හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒත් මම තාම හිතින් ජීවත් වෙන්නේ ඒ සුන්දර පාසල් කාලේ. ජීවිතේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ එකපාරයි. ඉස්කෝලේ කාලෙත් එහෙමයි. ඒ මතකය අනික් හැමදේටම වඩා සුන්දරයි. ඇත්තමයි.
මම මෙහෙම කියන්නම්,
“සංසාර චාරිකා නිමවෙනා දින තෙක්ම…එනවාද මා එක්ක පදවන්න නෞකාව…”
මම ධරණි චාරිකා
චාරිකා – 01
“වර්ණදේහ විභේදනයට බලපාන හෝමෝන….”

සටස්….. Bio මැඩම්ගෙන් චෝක් පාරක් වැදුණා ඔළුව හරහා. මම උඩ බිම බැලුවා. මෙයා එක්ක නම් බෑ මොකක්වත් කරගන්න. කල්පනා කළේ මොනවා ගැනද කියන එකත් මට අමතක වුණා.

“ධරණි…. මොන ලෝකෙද ඉන්නේ ළමයෝ….” වර්ණදේහ අතට අරන් විභේදනය කරන ගාණට Bio මැඩම් ඇවිත්.

“තාම නම් මේ ලෝකේ… වෙන කොහේට හරි යන්න තමා try එක….” කියලා හිතුවා විතරයි කිව්වේ නෑ. කෝමද ඒක ඇහුනා නම්… එයා මගේ DNA අණු ටික එකින් එක ගලවලා දෙනවා අතට හැඩ බලන්න කියලා.

මම පුටුවෙන් නැඟිටලා බිම බලාගත්තා. වෙන්න ඕනේ ඒකනේ. බිම බලනවට වඩා කෙලින් බැලීමේ හැකියාවක් මට තියෙනවා. ඒත් එයාගේ සුරූපි මූණ දැක්කම මට හිනා යනවා. ඒක හින්දා ඇඟට ගුණයි බිම බලන්ඉන්න එක. නැත්තන් ඊළඟට එවන්නේ හුණු කොට්ටේ. එයාගේ ඉලක්කේ නම් තිතට හරි. අපරාදේ එක්කෝ දුනු විදින්න හරි වෙඩි තියන්න හරි ගියානම් ලංකාවට ඔලිම්පික් medal එකක් අරන් එන්න තිබුණා.

“කියනවා… වර්ණදේහ විභේදනයට බලපාන හෝමෝන මොනවද…?” එයා ආයේ ඇහුවා.

හෝමෝන බලපානවද කියලවත් දන්නේ නැති මම හෝමෝන ගැන කොහොම දැනගන්නද….???

මං කන් දෙක උල් කරන් එයා දිහා බැලුවා. ඇඩ්රිනලීන් හෝමෝන් එක නම් වැඩ කරන බව තේරුනා.

“හිටගෙන ඉන්නවා ඔහොම. මඟුල් විසේ ගැහුවම ඔහොම තමා… මේ ලෝකේ සිහියක් නෑ…” එයා හැම එකාටම බනින්නේ ඔහොම තමා. කොල්ලෙක් හිටියා හෝ නැති වුණා හෝ… එයාට ඒක අදාලම නෑ.

එයා උගන්නන්න පටන් ගත්තා. ළමයින්ව හිටගැස්සුවම මැඩම්ලා හිතන් ඉන්නේ එතන ඉඳන් උගන්නන ඒවා ඔළුවට යනවා කියලා. මොන පිස්සුද…? ඉඳගෙන අහන් ඉන්නැති එවුන් කොහෙද හිටගත්තම අහන් ඉන්නේ.

මං පන්තියේ පිටිපස්සේ පේළියේ හිටිය නිසා හොඳයි. නැත්තන් මම හිටගත්තම මට පිටිපස්සේ පේළියේ එවුන්ගේ කැත වාග් ප්රහාර වලට ලක් වෙන්න වෙනවා.

එකෙක් අම්බානක නිදි කිරනවා. තව එකෙක් අකුරක් නෑර ලියනවා. තව එකෙක් චිත්ර අඳිනවා. එක අතකට මැඩම් පව්. එයා වද විඳගෙන වර්ණදේහ විභේදනය කරනවා. අපේ එවුන් සතේකට ගණන් ගන්නේ නෑ. බලන්යද්දි තිස් දෙනා ලෝක තිහක. Note එක ලියන එවුනුත් ඇහෙන එක ලියනවා මිසක් මොකක්ද ලියන්නේ කියන එක නම් දන්නේ නෑ ෂුවර්.

යාන්තන් ගැලවීමේ bell එක ගැහුවා. මැඩම් ඒත් කියවනවා. අපේ එවුන් පොත් ටික බෑග් වලට දාලා නැඟිටලත් ඉවරයි. සංසාරේ මෙහෙමත් ජීවිත.

අපේ එවුන් නරසීහ ගාථා වල අන්තිම පද ටික කියන්නේ නෑ. ඩෙස් පුටු පෙරලන් ඉස්කෝලෙන් ඉස්සෙල්ලම පනින්න හැදුවට කොහොමත් කරන්න බෑ. මොකද අපේ class එක තිබුණේ ඉස්කෝලේ අන්තිම කෙළවරේ.ඉතිං කොහොම දිව්වත් පෝලිමේ අන්තිම කෙළවරට තමා අපේ එවුන් සෙට් වෙන්නේ.

“ධරෝ…. school bus නේද….?” මගේ අක්මාගත fit එක තමයි තේජා. තේජාන්වි කියලා නම තිබ්බට ඒකිගේ ඇති තේජාන්විත කමක් නෑ. පස්ස නලව නලව යද්දි. මොකට ඒකිට ඒ නම් තිබ්බද මංදා.

“නැතුව… සීසන් එක ගන්නේ school bus යන්න මිසක් සල්ලි දීලා private කටු වල බඩගාන්නයැ…” අතේ තියෙන්නෙම රුපියල් 10යි.

අපේ අම්මා… ගාණට කිරලා මැනලා සල්ලි දෙන්නේ. කළු කඩේ මුදලාලි වගේ එයා.

මගේම අම්මා නෑ හරිද. නෑ කිව්වේ ඔව්… එයා මැරිලා. මම පොඩි කාලේ. මොකක්ද මංදා ලෙඩක් හැදිලා. ඉතිං තාත්තා නෑදෑ සනුහරේ බලවත් ඉල්ලීමට ආයේ බැඳලා. මම කෙල්ලෙක් නිසා මට අම්මෙක් ඕනෙ කිව්වලු.අම්මගේ අම්මලත් ඒකට හා කිව්වලු. ඉතිං ඒක නිසා තාත්තා බැඳලා. මම අම්මා කියන්නේ පුංචිට. එයා මට ආදරෙයිද නැද්ද මම දන්නේ නෑ. හැබැයි වෙනස්කම් කරන්නේ නෑ. අපිට ඉන්නේ තව සුට්ටන් නංඟි බබෙක්. මමA/L. නංඟි පුංචි පහේ හපනෙක්. හොඳම දේ අනික් පහේ හපන්නු වගේ ඒකිගේ ඔළුව ඉදිමිලා නෑ. හොඳ වෙලාවට. ඔන්න එහෙම වුණා නම් එහෙම පුංචියි මමයි ඇර ගනියි ගේ අස්සේ තාත්තගේ ඉතුරු කෙස් ගස් ටිකකෙලින් වෙන්න.

හොඳ වෙලාවට නංඟි යන්නේ ගෙවල් ළඟ ඉස්කෝලෙට. උදේට මාත් එක්ක හරි අම්මා එක්ක හරි එයා ඉස්කෝලේ යනවා. දවල්ට අම්මා එක්ක එනවා. මොනා වුණත් sweet නංඟි බබෙක් එයා. ඇත්තටම මම එයාට හරිආදරෙයි. නංඟි ශිෂ්යත්වේ පාස් වෙලා මගේ ඉස්කෝලෙට එන්න බලන් ඉන්නේ. එයා මාත් එක්ක ඉස්කෝලේ යන්න හරි ආසයි. පාර පුරාම පිස්සු නට නට යන්න පුළුවන් නිසා. අම්මා එක්ක යද්දි එයාට නටන්නහම්බුවෙන්නේ නෑනේ. පව් අහිංසක කෙල්ල මගේ.

“මේ ඕයි…. අර Boys’ school එකේ හෙඩා නේද….?” තේජා පෙන්නුවා.

ඇත්තටම ඌ නම් සිරා කුකුළ් රජෙක්. උඩින් කරමලක් නැති ටික විතරයි.

“මූට ඉස්කෝලේ වැඩ නැද්ද බන්…? ඉස්කෝලේ ඇරුනු ගමන් ගෙදර යන්නේ…?? ඒක බලහන් අපේ හෙඩා… ඒකි උදේ පාන්දර කුකුළයි, කිකිළියි, බිත්තර, පැටවු ඔක්කොම අතේ පයේ එල්ලගෙන ඉස්කෝලේ එනවා.හවසට බස්සයි, බස්සියි උන්ගේ බිත්තර, පැටවු ඔක්කොම අරන් ගෙදර යනවා…. ඒකට මූ…. පැස්බරා වගේ රඟනවා ටවුන් එකේ….”

මිනිහගේ නම විදුරංග. කිසිසේත්ම මිනිහට ඒ නම හරියන්නේ නෑ. ඌට සිරිපාල වගේ නමක් තමා හරියන්නේ. නැත්තන් පද්මේ අයියා. ඒවා හරියනවා ඌට.

“උගේ මාර රැඟිල්ලක් නේ බන් තියෙන්නේ….” තේජට උන්දැව පේන්න බෑ

“මිනිහා හිතන් ඉන්නේ මේ ටවුන් එකටම ඉන්න එකම නර පණුවා ඌ කියලා.
පටි පණුවෙක් වගේ ඇඹරෙන්නේ ඒකනේ…”

විදුරංග හිතන් ඉන්නේ කෙල්ලෝ එයාට මාර ආසයි කියලා. මේ මුළු ලෝකෙටම ඉන්න එකම පුරුෂ පරාණේ ඌ වුණත් මම තනිකඩව ඉන්නවා. එකම කෙල්ල මම නෙමේනේ මේ ලෝකේ. ඌ වෙන එකක් අල්ලගනීඑතකොට.

මතු සම්බන්ධයි.

©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල

- A word from our sposor -

spot_img

චාරිකා – 01

සුරත් සුවය

ඔබට මේ සටහන කියවන්න යැයි මම ඇරයුම් කරමි. මේ මෑත කාලයේදී අන්තර් ජාලයෙහි ඉහළම ස්ථානයක් ලබා ගත් ගීතයකි. මේ ඒ පිළිබඳව කියවීමකි.. නිල් වරළ පුරා...

දන්තාලේපයකින් ලස්සන වෙමුද

ඔබ පුදුම වෙනවද දන්තාලේපයකින් ලස්සන වෙන්න පුළුවන් කිවුවම. ඔන්න එහෙනම් අපිත් බලමු ඒ ක්‍රම මොනවද කියලා. 01) කුරුලෑ සුව කර ගැනීමට දන්තාලේප මේස හැඳි එකක් සහ...

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද

ඔබ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් ( business ) ආරම්භ කිරීමට සුදානමින් සිටිනවා නම් ඒ සඳහා සැලැස්මක් සහ ප්‍රාග්ධනයක් ඇතිව පටන් ගැනීම ඥානවන්ත ක්‍රියාවකි. ලෝකය පුරා...

පුංචි බබාලා ඉන්න අම්මලාට

පුංචි දරුවන් ඉන්න ඕනිම අම්ම කෙනෙක් හරිම කාර්ය බහුලයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එත් බරහිර රවල කට්ටිය නම් කාර්ය බහුල කම අතරේ...

චාරිකා – 11 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

අත්වැල ගිලිහී – 02 කොටස

මිස් ශානිකා නොහොත් විරූපිකා. මට මේ ලෝකේ පේන්නම බැරි ගෑණු චරිතේ. එයා යටගිය දවස බරණැස් නුවර කාලේ ඉඳන් මගේ තාත්තා ගැන hopes තියන් ඉන්නවා....

දුරකතනයට හොද කවරයක් තෝරාගන්නේ මෙහෙමයි

ඉහල මිලක් දීල ස්මාර්ට් දුරකතනයක් ගන්නේ ෆැෂන් එකට වගේම කාලයක් පාවිච්චි කරන්නත් එක්කයි. නමුත් එයට කවරයක් නොදා සිටීමෙන් හදිසි අවස්ථාවකදී බිම වැටීමක් වැනි දෙයක්...

නැවුම් පළතුරු යුෂ පානය කිරීමෙන් දැනෙන ප්‍රමෝදජනක හැඟීම විඳගන්න

ඔබ ගන්නා අහාරය ඔබ ගන්නා පානය ඔබේ මනෝභාවයට පමණක් නොව, ඔබේ සිතිවිලි වල පැහැදිලිකමටද බලපාන බව ඔබ දන්නවා ද? ඈත අතීතයේ සිට ප්‍රඥාවන්තයින් සැහැල්ලු...

මේ මගේ කතාවයි -09 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...