Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

සිවිල් නීතිය ගැන දන්නවද

අපි සමාජයේ ජිවත් වෙනකොට නීතිය ගැන සාමාන්‍ය දැනීමක් හෝ තිබීම අත්‍යවශය කාරණාවක්. නීතිය, සිවිල් නීතිය, අපරාධ නීතිය ලෙස කොටස් දෙකකින් යුක්ත වෙනවා.  අපි අද ලිපි පෙලින් විමසා බලමු මොකක්ද මේ සිවිල් නීතිය කියන්නේ කියලා

විවාහය

නීතිය පිළිබද කරුණු ඉදිරිපත් කර ඇත්තේ සාමාන්‍ය  විවාහ ආඥා පනත, මුස්‌ලිම විවාහ හා දික්කසාද පනත හා උඩරට විවාහ හා දික්කසාද පනත යන ඒවාගේය . වලගු විවාහයකට එලබිය හැක්කේ වයස අවුරුදු 18 දීය .

දික්කසාදය

දික්කසාදයක් සිදුකල හැකි කරුණු  3කි. එනම්,  අනාචාරය, ද්වේශ සහගත ලෙස ඇත හැර යාම,  සහ විවාහ වන අවස්ථාවේදී සුව කල නොහැකි ලිංගික බෙලහීනතාවයක් තිබීමයි. දික්කසාදය සඳහා නඩු පැවරිය යුත්තේ අදාල පාර්ශ්වය පදිංචි ප්‍රදේශයේ පිහිටි දිසා අධිකරණයේය .

දරුකමට හදාගැනීම හෙවත් කුලවද්දීම

මේ සඳහා දරුකමට හදා ගැනීම පිළිබද පනත අදාළ වේ. මේ සඳහා තිබිය යුතු මුලික අවශ්‍යතා කිහිපයකි.

  1. දරුවා හා දරුකමට හදාගන්නා අය අතර වයස පරතරය අවුරුදු 21 විය යුතුය.
  2. දරුකමට හදාගන්නා තැනැත්තාගේ වයස 25ට  වැඩි විය යුතුය.
  3. දරුවාගේ වයස අවුරුදු 10ට වැඩ වැඩි නම් ඔහුගේ / ඇයගේ කැමැත්ත තිබිය යුතුය.

භාරකාරත්වය

දික්කසාද නඩුවකදී  දරුවෙකුගේ ශාරීරික  හා නෛතික භාරකාරත්වය ඉල්ලා සිටිය හැකිය. එමෙන්ම භාරකාරත්ව නඩුවක් පවරා දරුවාගේ භාරකාරත්වය  ලබා ගත හැකිය. මෙම නඩු පැවරිය යුත්තේ දිසා අධිකරණයේය .

දේපොළ බෙදී යාම 

යම් අයෙකු මියගිය විට ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව දේපොළ බෙදී යයි. අන්තිම කැමති පත්‍රයක් නොමැති විටක පුද්ගලයට අදාල පුද්ගල නීතිය අනුව දේපොළ බෙදී යාම තීරණය වේ.

-උපුටා ගැනීමකි

Popular Articles