Saturday, April 20, 2024

Top 5 This Week

Related Posts

කොපි වලින් හැඩ වෙන්න ඔයත් කැමති ද

කෝපි (coffee) කියන්නේ අපේ රටේ හුගාක් දෙනා කැමති පානයක් (drink). අපේ රටේ විතරක්ම නෙමෙයි ලෝකෙම ගත්තත් කොපි(coffee) ජනප්‍රිය පානයක්. මහන්සි වෙච්ච වෙලාවක කොපි (coffee) කෝප්පයක රස බලන්න තියනවා නම් විඩාව මහන්සිය නිවී ගොස් ඉක්මන් ප්‍රබෝධයක් ගෙන දෙනවා. එහෙම නැත්නම් සීතල වෙලාවක උණුසුම් වෙන්නත් හොඳම පානය කිවුවොත් නිවැරදියි. කොපි මේ විදිහට අපේ ජිවිත වලට කිට්ටු වෙන්න හේතුව තමයි කොපි වල තියෙන කෆෙන්. නමුත් ඔබ දන්නවා ද කොපි කියන්නේ පානයක් පමණක් නොවන බව? කොපි වලට පුළුවන් ඔබව ලස්සන කරන්න.

 

 

අද බොහෝ යුවතියන් කාන්තාවන් කැමතියි ලස්සන වෙන්න. ඒ ලස්සන හැමදාම තියාගන්නත් අද තරුණියන් බොහෝ දේ කරනවා. විවිධ ක්‍රීම් වර්ග භාවිතා කර සම පැහැපත් කර ගන්නවාට වඩා ස්වභාවික ද්‍රව්‍යක් භාවිතා කර සම පැහැපත් කර ගන්නවා නම් විවිධ ආසාත්මිකතා වලින් වැළකෙන්න ඔබට පුළුවන්. මේ නිසා බොහෝ රසායනික නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණ තිබෙනවා. ඒවායින් සමහරක් ඔබේ සෞඛ්‍යයට අහිතකරයි. ක්‍රීම් වර්ග විතරක් නෙවෙයි වෙනත් හානිදායක ඉන්ජෙක්ෂන් පවා ඕනෙම ගාණක් දීල භාවිත කරන්න ගොඩක් අය උත්සාහ කරනවා. කොපි කියන්නෙත් අපේ සම පැහැපත් කරගන්න වගේම කොන්ඩේ ලස්සනට තබා ගන්නත් වැදගත් වෙන ස්වභාවික ද්‍රව්‍යක්නේ. ඉතින් අපි බලමු කොපි වලින් ලස්සන වෙන්නේ කොහොමද කියලා.

 

කෝපි (coffee) නාමු

සීනි රහිත කෝපි කෝප්පයක් සාදා ගන්න. දැන් එය නිවෙන්නට හරින්න. ඔබ ස්නානය කරන වතුර එකට මේ කොපි කෝප්පය එකතු කර ගන්න. පරිසර තත්වේ නිසා දුර්වර්ණ වූ සම යළි යතා තත්වයට පත් කර ගන්න මේ කොපි කෝප්පය ස්නානය වැදගත්. ඒ වගේම හිස කෙස් ගොඩාක් තුනී නම් නාන වෙලාව එනකම් කොන්ඩේ ටිකක් ඝනකම් කරලා පෙන්වන්නත් මේ කොපි කෝප්පය උදවු වේවි.

 

coffee

 

කොපි (coffee) ස්ක්‍රබ් එකක්

ස්වභාවික කොපි කුඩු මේස හැන්දකට, සිනි තේ හැඳි තුනක්, ඔලිව්, පොල්තෙල් හෝ ඔබ කැමති තෙල් තේ හැඳි තුනක් එකතු කරන්න. මේ මිශ්‍රණය ඔබේ සම මත වක්‍රාකාරව පිරිමදින්න. අතේ වැලිමිටේ, දෙපයේ දණහිස් ආදී ස්ථාන වලට වැඩි අවධානයක් යොමු කරන එක හොඳයි. මැරුණු සම ඉවත් කරලා, සුන්දර සමක් මතු කරවන්න මේ ස්ක්‍රබ් එක ඉතාම සුදුසුයි. ඒ වගේම අනෙකුත් ස්ක්‍රබ් වගේ සම වියෙලෙන්නෙත් නැති එක ඔබට අමතර වාසියක් ද වෙනවා.

 

coffee

 

කොපි ආලේපනය

මාස්ක්, එහෙමත් නැත්නම් සැමට ගුණ දෙන ආලේපන හදා ගන්නත් කෝපි ඔබට උදවු වෙනවා. සියුම්ව කුඩු කර ගත කෝපි, කිරි ස්වල්පයක් එක්ක මිශ්‍ර කරලා තලපයක් සාදා ගන්න. ඔබේ මුහුණ පිරිසිදු කර ගන්න. දැන් ඔබ පිරිසිදු කර ගත ඔබේ මුහුණ මත මේ කොපි ආලේප කරන්න. විනාඩි තිහක ( වි 30 ) පමණ කාලයක් මෙය මුහුණ මත තාබගෙන සිටින්න. මෙය විනාඩි තිහක පමණ කාලයක් මුහුණ මත තබාගෙන සිටීමෙන් ඔබට පැහැදිලි සමක් ලබා ගන්න උදවු වේවි.

 

coffee

 

කොපි වලින් පාද සත්කාරයක්

කොපි ටිකක් හදා ගන්න. මඳ උණුසුම් වතුර පිරවූ බේසමකට මේ කොපි ටික එකතු කරන්න. දැන් ඔබේ දෙපා මේ බේසමේ ගිලවාගෙන සිටින්න. දෙපා වියපත් වීම අඩු කරන්න. මේ ක්‍රමය හොඳ උදවුවක්.

 

coffee

Popular Articles