Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

බිහිසුණු දින 49ක්

ග්‍රහ ලොව යක්ෂයා වූ රුධිර කාරක කුජ ග්‍රහ තාරකාව ජනවාරි මස 17 වන දින පාන්දර 5.11 ට වෘශ්චික රාශියට පිවිසෙයි. ඒ අනුව ඉතා බලවත් ග්‍රහ යෝගයක් වූ රුචක යෝගය උදා වන්නේය.
ජනවාරි 17 වන දින විශ්ව කේන්ද්රයේ ලග්න භාවයේ යුරේනේස්ය. හතර වැන්නේ රාහුය. හත්වැන්නේ ගුරුය. අට වැන්නේ කුජය. නව වැන්නේ බුධ හා ශනිය දහ වැන්නේ රවී, සඳු , සිකුරු හා කේතුය . එකොලොස් වැන්නේ නැප්චුන්ය . විශ්ව කේන්දරයේ මෙම ග්‍රහ චාරයට අනුව ඉදිරි කාලය තුලදී ගිනි ගැනීම් හා පිපිරීම් අසන්නට දකින්නට ඇත. ජෝතිෂ්‍ය අනුව මැරයන් , කුඩු කාරයන්, දුෂිත පුද්ගලයන් හා පාතාල නායකයන් නියෝජනය කරන ග්‍රහයාගෙන් වන්නේ කුජය. මේ නිසා ඉදිරි කාලය තුලදී බලාපොරොත්තු නොවන ආකාරයට මැරයින්ගේ ක්‍රියාකාරිත්වය වැඩි වේ.

ජනවාරි 17 වන දින කුජ ගමන් කරන්නේ විසා නැකතේ හතර වන පාදයේය . විසා නැකතේ හතර වන පාදය කුජ ග්‍රහයාගෙන් හා විසා නැකත හිමි ගුරු ග්‍රහගෙන් පාලනය වේ. එහි ප්‍රතිපලයක් ලෙස ඉදිරි කාලය තුලදී ප්‍රභූවරුන්ගේ ගෞරවයට හා කීර්තියට හානිකර බොහෝ දේවල් නිර්මාණය වී ඔවුන් දැඩි අපසසුතවයකට පත්වේ.

කෙසේ වුවත් වෘෂභ, වෘශ්චික, සිංහ, කුම්භ ලග්න වලට රුචක යෝගය උදා වීමෙන් වෘෂභ ලග්න හිමියන්ට විශාල ගොඩනැගිලි මිලදී ගැනීමට හැකිවේ. සිංහ ලග්න හිමියන්ට වටිනා වාහන ගැනීමට ලැබෙන අතර වෘශ්චික ලග්න හිමියන්ට ප්‍රසිද්ධිය හා කිර්තිය අත්වේ. ඉහල තනතුරු ලබා ගැනීමේ පින කුම්භ ලග්න හිමියන්ටයි.

– උපුටා ගැනීමකි-

Popular Articles