Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

විකෘති කරන ලද මුදල් නෝට්ටු වෙනුට නව මුදල් නෝට්ටු ලබාදීම මාර්තු 31 වනදායින් අවසන් වේ

විකෘති කරන ලද මුදල් නෝට්ටු ව්‍යාජ  බැංකු වෙත භාරදී ඒ වෙනුවට මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා දී තිබූ කාලය මාර්තු 31 වනදායින් අවසන් වන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසන ලදී. කුමන හෝ හේතුවක් මත එම දිනය දීර්ඝ නොකරන බවයි ශ්‍රී ලංකා මහබැංකුව වැඩිදුරටත් සදහන් කරන්නේය.

අකුරු, ඉලක්කම් ලිවීමෙන්, ඉරි ඇදීමෙන් සහ වෙනත් අනවශ්‍ය දේ ලිවීමෙන් සිතා මතා විකෘති කරන ලද මුදල් නෝට්ටුවක් මාර්තු 31 වැනිදායින් පසු ගනුදෙනුකරුවෙකු සතුව තිබුණහොත් එහි පාඩුව විද දරා ගැනීමට ඔවුන්ට සිදුවනු ඇති.

කෙසේ වෙතත් ගංවතුර, ගිනි ගැනීම් වැනි ස්වාභාවික ආපදා හෝ දෛනික භාවිතයේ දී හානි සිදුවන මුදල් නෝට්ටු එලෙස මාරු කර ගැනීමට නිශ්චිත දිනයක් නොමැති අතර ඒවා ඕනෑම දිනයක ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කිරිමෙන් මාරු කර ගත හැකියි.

Popular Articles