Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

බොරුව ගැන හිත හිතා ලෙඩ වෙනවාද?

අපේ ජීවිතේ යම් යම් දේවල් අවිනිශ්චිත වෙනවා. ජීවිතේ කොයි දේත් නිශ්චිත කරගෙන කරන්න බැහැ එහෙම කරන්න අපහසුයි. පවක් වුනාද? නැත්ද? අනාගතය සාර්ථක වේද? නැත්ද?මම පරිහරණය කරන දේවල්වල කුණු හෝ විෂබීජ තියෙනවද නැත්ද? ආදී මේ කොයි දේත් අවිනිශ්චිතයි. මේ අවිනිශ්චිතතාවයට මුහුණ දෙන්න කෙනෙකුට බැරි වෙන්න පුලුවන්. එක් කෙනෙකුගෙන් තව කෙනෙකුට ඒ තත්වය වෙනස් වෙන්න පුලුවන්. සමහර අයට මේ තත්වට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. එත් සමහරුන්ට මෙයට මුහුණ දෙන්න අපහසුයි, එය නිශ්චිත වෙනකම් හිතට හරි නැහැ. එහෙම වෙනකොට තමයි (Obsessive Compulsive disorder) නැත්නම් ග්‍රස්තිය කියන තත්වයට යන්නෙ. එහෙම අවිනිශ්චිතතාවය ඉවසාගන බැරි කෙනා” නිශ්චිතව මමම මේ හිතන විදිහට වැඩේ වෙන්නේ හෝ උනේ” කියල ස්ථීර කරගන්න නොයෙක් විකාර දේවල් කරන්න හෝ හිතන්න පටන් ගන්නවා.

මේ සැකය, අවිනිශ්චිත සිතුවිලි මුලදිම විසදගන්න ඕනි. අවිනිශ්චිතතාවයට මුහුණ දීමට තියෙන හැකියාව වර්ධනය කර ගන්නට නිතර උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා සමහර දේවල් අනවශ්‍ය ලෙස හිතට ගන්නෙ නැතුව “ඔන්න ඔහෙ කමක් නෑ, වෙන දෙයක් වෙයි, අවිනිශ්චිත සිතුවිලි නිතර එනවානම් ඔන්න ඔහෙ ආපු දෙන් ” කියල ඉන්න පුරුදු වෙන්න ඕනි. ජීවිතයේ හැම දෙයක්ම 100% ස්ථිර කර ගන්නට බැහැ.

මෙවැනි OCD තත්වයක් ඔබ තුලත් කාලයක් තිස්සේ පවතිනවානම් , එය ඉතාම කරදර කාරී ස්වභාවයකින් පවතිනවා නම් , එදිනෙදා ජීවිත්යේ සාමාන්‍ය කටයුතු වලට බධාවක් වන තරමට ඒ දේවල් බලපානව නම් ඒ සදහා ප්‍රතිකාර වලට යොමු වීම අත්‍යාවශයයි. ඔබ ඒ සදහා මනෝ වෛද්‍යවරයෙක් හෝ මනෝ චිකිත්සකවරයෙක් ඉක්මනින්ම හමුවී මේ තත්වය විසදා ගැනීමට කටයුතු කරන්න.

Popular Articles