Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

ෆැෂන් කරන්න කැමති ඔයාට

ඔයාගේ ෆැෂන් ගැන ඔයාට තියෙන්නේ මොන වගේ දැනුමක් ද හැඟීමක් ද ? ඔයා පෞද්ගලිකව ඔයා කරන විලාසිතා ගැන එතරම් ප්‍රියමානප බවක් නැද්ද ? වැරදි තැනකට වැරදි දෙයක් ඇඳන් ආව වගේ හැඟීමක් දැනෙනවාද? ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.. මේ කාලේ ගොඩක්ම ජනප්‍රිය අය වැඩියෙන් කැමති ෆැෂන්ස් කීපයක් ගැන අද අපි කතා කරනවා. ඔයාටත් පුළුවන් මේ දැන්ම ඔයාගේ ෆැෂන් සෙන්ස් එක තව ටිකක් වැඩිකරගෙන ලස්සනට, හැඩට ඉන්න..

 උරහිස් කැපීපෙනෙන විලාසිතා

ඔයාගේ අල්මාරියේ වෙනසක් කරනවානම් මෙන්න මේ ඇඳුම නම් අනිවා ඕනිමයි. උරහිස් විවර (Off the shoulder) මේ ඇඳුම් හරිම විශේෂිතයි වගේම නියම ගැහැණු හැඩය ඉස්මතු කරන්නත් සමත්. හමේ වැඩි කොටසක් විවර නිසා හමේ පැහැය කැපී පෙනෙන්නත් මේ ඇඳුම නියමයි.

 

 

 කවදත් පැරණි නොවෙන ලේස්

ඇත්තටම,කවදාවත් පැරණි නොවෙන මෝස්තරයක් තමයි මේ ලේස් විලාසිතා.අපි මේ කියන්නේ ඔයාගේ අච්චම්මාගේ බීරළු මැසිමෙන් ගොතපු මේසරෙද්ද වගේ ලේස් ගැන නම් නෙවෙයි.අද කාලේ ගොඩක් ජනප්‍රිය ලේස් මෝස්‌තර හරිම අලංකාරයි,වර්ණවත් වගේම නිර්මාණයෙන් ඉහළයි.

 

 

ඉරිච්ච ඩෙනිම්

ඇහුව ගමන් අමුත්තක් දැනුණත්,මේ මෝස්තරෙත් පරණ නම් වෙන්නේ නැති එකක්.කැෂුවල් පෙනුමක් තියෙන නිසා හවස්වරුවේ අවස්ථාවන්ට තමයි ගොඩක්ම ගැළපෙන්නේ.ගැළපෙන ඇක්සසරීස් එක්ක ඇන්දම අමුතුවෙන් තොරෝම්බෝල් ඕනිම නැහැ.

 

 

 ස්කර්ට්ස්

හැඩ ගෑණු ඇඟකට නම් කියාපු දේ.ඕපන් එකක් එක්ක තියෙන පෙන්සිල් ස්කර්ට් එකක් නම් ගැහැණු ළමයෙක්ගේ අල්මාරියේ තියෙන්නම ඕනි.තනි පාට ටී-ෂර්ට් එකක් වගේම ගැළපෙන ඇක්සසරීස් මේ ස්කර්ට් එකත් එක්ක ඔයාට හරිම අපූරු පෙනුමක් ලබාදෙනවා.ටිකක් ඔෆීෂියල් විදියේ top එකක් එක්ක වුණත් ඔයාට මේ ස්කර්ට් එක අඳින්න පුළුවන්.ඒ නිසා ලස්සන වගේම හැඩ ඔයාව, තවත් හැඩ කරන්න පෙන්සිල් ස්කර්ට් එක නම් අනිවාර්යයෙන් ඕනිමයි.

 

 

ෆැෂන් කියන්නේ හැමදාමත් වෙනස් වෙන දෙයක්.කාලයත් එක්ක, මිනිස්සු එක්ක, ජීවන රටාව එක්ක ෆැෂන් දවසින් දවස වෙනස් වෙනවා. ඒ වගේම ෆැෂන් කියන්නේ කෙනෙක්ගේ පෞරුෂය, විශ්වාසය, වගේම තමන්ගේ අභිමානය ලෝකයට කියාපාන වැදගත්ම දෙයක්. ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ ෆැෂන්ස් වලින් ලෝකයම දිනාගන්නත්..

 

Popular Articles