Friday, April 19, 2024

Top 5 This Week

Related Posts

ඔබ ඔබේ හඬ සොයාගන්න

මම වැඩෙමින් සිටි කාලෙයේ මගේ තාත්තා කියපු දෙයක් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ” පුතා ඔයා ඉපදුන මොහොතේ හැමෝම සතුටු වුන වෙලාවේ ඔයා ගොඩාක් ඇඩුවා. හැබැයි කවදා හරි ඔයා මැරෙන දවසේදී හැමෝම අඩද්දී ඔයාට සතුටු වෙන්න පුළුවන් විදිහේ ජිවිතයක් ගත කරන්න. “ අපි ජිවත් වෙන්නේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා අපටම අමතක වුන කාලයක. අපට මිනිසෙකු හඳට යැවීම පහසුයි. එත් අහල පහල අසල්වැසියෙකු මුණගැසීමට පාර මාරු වීමට අපට අපහසුයි. සම්බන්ධකම් පවත්වාගන්න පුළුවන් E – mail , Fax සහ ඩිජිටල් දුරකථන අපි ළඟ තිබෙනවා. එත් අවාසනාවකට වගේ මිනිසුන් එකිනෙකා සමඟ සම්බන්ධකම් අඩුම කාලයක තමයි අපි ජිවත් වෙන්නේ.

මා ඔබෙන් අසන්නේ ඔබ මිය යන විට ඔබ වෙනුවෙන් හඬන්නේ කවුද? මේ මිහිතලය තුල අප ජීවත්ව සිටි කාලය තුල අපි කි දෙනෙක්ට සෙතක් ලබාදී තිබෙනවාද? ඔබෙන් පසුව එන පරපුරට මොනාද ඔබ ඉතිරිකර යන ආදර්ශ? ඔබ අවසන් හුස්ම හෙලන මොහොත වන විට ඔබ මේ මිහිතලය තුල ඔබ තබා යන උරුමය, දේපල කුමක්ද? මගේ ජිවිතයේ මා ඉගෙනගත් එක් පාඩමක් තිබෙනවා. ඒ තමයි ජීවිතය ගැන ක්‍රියා නොකරන්නේ නම් ජිවිතය ඔබ පිළිඹඳව ක්‍රියා නොකරන්නේ නම් ජීවිතය ජීවිතය ඔබ පිළිඹඳ ක්‍රියා කිරීමේ පුරුද්දක් ඇති කරගන්නා බවයි.

මගේ පිළිතුර හැම විටම ඇරඹෙන්නේ එකම ආකාරයට. ” ඔබේ හඬ හඳුනා ගන්න” කිසියම් වටිනා කාර්යයකට යොදවන තෙක් බලා සිටිනා විශේෂ දක්ෂතා අප සියලු දෙනා ළඟ තිබෙනා බව මා විශ්වාස කරනවා. අපි මෙහි පැමිණ සිටින්නේ යම්කිසි විශේෂ අරමුණක් සඳහායි. එය අප අවට සිටින අයගේ ජිවිත වලට ද අගයක් එකතු කරන අතරම, අපගේ මනුෂ්‍ය හැකියාවන් බලවත් කර ගැනීමට ඉඩ සලසන කිසියම් වූ උතුම් අරමුණකි. ඔබේ හඬ හෙවත් ඔබේ උරුමය සොයා ගැනීම යනු ඔබ නිරතව සිටින රැකියාව අත් හැර දැමීම නොවෙයි. ඔබේ හඬ සොයාගන්න යන්නෙහි සරලම තේරුම වන්නේ ඔබේ වැඩ කටයුතු කෙරෙහි වඩාත් නැඹුරු වීම සහ ඔබ හොඳින්ම කරන දේවල් කෙරෙහි අවධානය යෙදවීමයි. ඉන් කියවෙන්නේ ඔබ ආශා කරන වෙනස්කම් වෙනත් කිසියම් කෙනෙකු විසින් කරන තෙක් බලා සිටීමේ පුරුද්දනැවැත්විය යුතුයි. මහත්මා ගාන්ධි කිවේ මෙසේය. ” ඔබේ ලෝකය තුල ඔබ දැකීමට ආශා කරන වෙනස ඔබ තුලම ඇති කර ගන්න. ” එසේ කල විට ඔබේ ජීවිතය වෙනස් වනු ඇත.

 

උපුටා ගැනීමකි

 

Popular Articles