ආහාර (food) ජලය නොමැතිව කිසිවෙකුටත් නොහැකි බව අප සැවොම දන්නා කරුණකි. මිනිස් ජිවිතයේ පැවැත්මට ආහාර (food) අත්‍යාවශ්‍ය වේ. එහෙත් ඒ අහාර (food) නිසාම රෝගිවෙන, අවස්ථා ද අප අසා ඇත. එසේ වන්නේ සමහර නොගැලපෙන, අගුණ, ආහාර ගැනීමෙනි. මාළු, මස් ආහාරයට ගත වේලට මුදවපු කිරි (curd) නොගත යුත්තේ ඒ නිසාය. සමහර ආහාර වර්ග නිසා ජිවිත හානි සිදු නොවුනද රෝගාබාධ ඇති වීමට හේතුවේ. නිවසේ ආහාර පිළියෙළ කරන ගෘහණියට, මවට පමණක් නොව පොදුවේ සෑම දෙනාටම මෙවන් කරුණු දැනගැනීම වැදගත්.

 

ආහාර ( food ) අහිතකර වන්නේ කෙසේද?

(food) ආහාර අපේ ශරීරයට අහිතකර වන අවස්ථා කිහිපයකි. එනම් තමන් ජිවත් වන දේශය අනුව. තවද මාත්‍රාව අනුව නොගැළපෙන, නැත්නම් විරුද්ධ වන ආහාර (food)ගැනීම. ඊට අමතරව දිරවිමෙන් පසු ඇතිවන ප්‍රතිඵල වලට විරුද්ධ වෙන ආහාර. සහ ඒවා ගන්නා වෙලාව අනුව අහිතකර වෙන්න පුළුවන්.

 

නොගැළපෙන ආහාර ( food ) නිසා ඇතිවන අපහසුතා

එකිනෙකට විරුද්ධ ආහාර ගැනීමෙන් සිරුරට ඇතිවන අයහපත මෙසේයි.

සිරුරේ ලේ දුෂණය වී සම මතුපිට බිබිළි, කැසීම් සහිත පලු ඇති වීම.

උදරයේ පිරුණු බව සහිත අපහසුතා.

උදර දාහය ( උෂ්ණය ).

වමනය.

ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත අපහසුතා.

හෘද ප්‍රදේශය ආශිතව තද කරන්නා වැනි වේදනාව.

හිසරදය.

සිරුරේ ඉදිමුම.

ලේ හිඟ කම.

මනසේ ක්‍රියාකාරිත්වය අවුල් සහගත බව.

ප්‍රජනන ධාතු කොටස් වල සිදුවන විකෘතිතා නිසා මඳ සරු බව.

එම නිසා මෙවැනි එකිනෙකට වෙනස්වන ආහාර පිළිබඳව මනා අවබෝධයක් තිබීම වැදගත් ය. එකිනෙකට විරුද්ධ ආහාර පිළිබඳව ආයුර්වේදයේ සඳහන් වෙන්නේ මෙසේය. එනම් කිරි හා මාළු හෝ මස් එකවර ආහාරයට නොගත යුතු බවයි.මාළු ව්‍යංජනය ගුණයෙන් උෂ්ණ වන අතර කිරි ශිත ගුණයෙන් යුතුවේ. එබැවින් එම නොගැලපීම නිසා සිරුරේ කුෂ්ට රෝග හට ගනු ඇත.

 

food

 

ගුණදායක ආහාර ( food ) වන පළතුරු අගුණ වෙන හැටි

දියර කිරි සමඟ එකවර ඉදුණු කෙසල්, කොමඩු වැනි ආහාර ගැනීම සුදුසු නොවේ. ඇඹුල්රස ආහාරද ගැනීම සුදුසුනොවේ. කිරි පානය කිරීමෙන් අනතුරුව බිත්තර ආහාරයට ගැනීම සුදුසු නැත. පාන් සමඟ බිත්තර ආහාරයට ගන්නේ නම් කිරි පානය සුදුසු නැත. එවිට සේම අමාරුව හදෙනු ඇත. තවද අජිරණය ද සෑදේ.

කෙසෙල් හා කිරි එකවර ආහාරයට ගැනීම. මෙය සිරුරේ සෙම් සෙම් දෝෂය ඉහල ගොස් සෙම් රෝග ඇතිවේ. තවද සිරුර තරබාරු වේ.  දිගටම මේ තත්වය පැවතීම දියවැඩියාවට ද හේතු වේ. හතිය සහ හිසරදයට හේතු වන්නේ කිරි සමඟ කොමඩු ආහාරයට ගැනීමය.  කිරි සහ ඇඹුල් රස පලතුරු ආහාරයට ගැනීමෙන් සිරුරේ සෙම ඇති වී දිරවීම නිසියාකාරව සිදු නොවේ. එම නිසා වමනය, හිසරදය පමණක් නොව කුෂ්ට රෝග සැදීමට ද හේතු වේ.

කිරි ආශ්‍රිත නිෂ්පාදනයන් වන යෝගට් වැනි දේ සමඟ ඉහත ආහාර ගැනීමට සුදුසු නැත. ඊට අමතරව චීස් එක විට ආහාරයට ගැනීමද නුසුදුසුය. එම ආහාර වෙන වෙනම ගත විට ඉතාම ගුණදායක වුවත් එකිනෙකට විරුද්ධ ලෙස ක්‍රියාකර ශරීරයට අහිතකර තත්වයන් ඇති කරයි.

කිරි සමඟ පැලවෙන මුං ඇට වලින් සාදන ආහාර ද එකවර එකවර ලබා ගැනීම සුදුසු නැත. එයට හේතුව වන්නේ ඒ අහාර අජීර්ණය වීමයි. මේ නිසා උදරයේ පිරුණු බව සහිත අපහසුතාවයක් හට ගනී. මල දියර ලෙස වරින් වර පිට වීම ද සිදු විය හැකියි.

ඇඹුල් රස සමඟ කොල්ලු ද ආහාරයට ගැනීම සුදුසු නැත. අඹ මාළුව සහ කොල්ලු හොද්ද එකවර ලබා ගැනීම ඊට එක් උදාහරණයකි. මේ නිසා සිරුරේ පිත වැඩි වී ලේ ( රක්තය ) දුෂණය වේ.

උඳු සහ උක් හකුරු කිරි වැනි ද්‍රව්‍ය ද එකවර ආහාරයට සුදුසු නැත. ඒවා දිරවීමට බොහෝ වේලා ගත වන අතර සිරුරේ පවතින සියුම් මාර්ග ආශ්‍රිතව දියර ස්වභාවය ඉහල ගොස් අවහිර වේ. සිරුරේ බර බව, ඉදිමුම් සහිත බව ඇති වීමට හේතුවකි.

 

food

 

උපුටා ගැනීමකි

 

 

 

 

 

 

 

 

 

 

 

- A word from our sposor -

spot_img

වෙන වෙනම කෑවම ගුණ එකට කෑවම අගුණ කෑම

හරියට fashion කරන්න කැමති ඔයාට

හරියට fashion කරන්න කැමති ඔයාලව දැනුවත් කරන්න මේ ලිපි පෙලින් අපිත් එක්ක එකතු වෙන්නේ කනිෂ්ක සගබෝ ඩයස් මොස්තර නිර්මාණ ශිල්පියෙක් විදිහට ඉතාමත් කෙටි කලකින් ක්ෂේත්‍රයේ...

ශාරුක් කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් ඉදිරිපත් වේ

සිනමාව නිසා රසික ආදරයට වගේම  සම්මාන විශාල ගනණාවකට  පාත්‍ර වුන  සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්, කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම නිසාත්...

Diet කරන ඔබ වෙනුවෙන්…

thewoman.lk අපි අද ඔයාලට කියලා දෙන්නේ ඉතාමත් රසවත් සහ ගුණදායක සුප් වර්ග 05ක්. ශරීරයේ තරබාරුව අඩු කිරීමත් නිරෝගී ශරීරයක් පවත්වාගෙන යාමටත් මෙවැනි සැහැල්ලු සහ...

නිවස ජයගන්න දෝණි 1

හෙට දිනයේ කුලගෙයට පිවිසෙන්න වරම් ලබන දෝණිට අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙසා වදාළ , සුවාසූ දහසක් ධර්මස්කන්ධය අපගේ එදිනෙදා ජිවිතයට බොහෝ දුරට ගලපා...

නිවස ජය ගන්නා දෝනි – 2

බාධක ජයගෙන ආදරේ කරන්න නම්, අපි හැමෝම ආදරයන කරන්න පටන් ගන්නේ ඒ ආදරේ විවාහයෙන් තවත් ශක්තිමත් වෙලා ජිවත් වන තුරුම පවත්වාගෙන යන්නයි.එත් සමහර ආදර කතා...

කායිකව එක් නොවුනත් තවමත් චිත්ත බැඳීම ශක්තිමත් වූ අඹුසැමි යුවලකගේ සත්‍ය කතාවක්

මම නිම්මි. වයස අවුරුදු 34යි. මම විවාහ වෙලා දැනට අවුරුදු 05ක් වෙනවා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවට අවුරුදු 04යි, පුතාට අවුරුදු 02යි. දැනට අවුරුද්දකට...

2018 සිංහල අවුරුදු නැකත් සීට්ටුව

සුර්යයා මිණ රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමත් සමඟ එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික සිංහල හා දෙමල ජනයාගේ ප්‍රධාන සංකෘතික මංගල්‍යයයි. මේ 2018...

අත් යට කළු පාට නැති කරන්න සරල ක්‍රම 5ක්

බොහෝ යුවතියන් අත් නැති ඇඳුම් අදින්න මැලිකමක් දක්වන්නේ අත් යට ඇති කළු පැහැය නිසයි. අත් යට කළු පැහැ ගැනීම මේක් අප් (make up) වලින්...

ආදරයක වටිනාකම නොදත් ආදරය

සත්‍ය සිදුවිමක් පදනම් කොට මගේ ඇගිලි තුඩු මතින් පාඨක ඔබේ රසවින්දනය උදෙසා වචන වලට පෙරලන තවත් එක් වැයමකි "නම් ගම් මනඃකල්පිතයි" වෙන්නපුව නගරයේ....කටුනේරිය ගමේ ජිවත් උන...