Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

ලේසියෙන් පහසුවෙන් ස්ට්‍රෝබෙරි වලින් රසවත් කෑම බීම හදමු

ස්ට්‍රෝබෙරි කියන්නේ මිලෙන් තරමක් වැඩි උනත් අපි කව්රුත් කෑමට ප්‍රිය කරන පළතුරක්. ඉතින් අද අපි ඔයාලට කියල දෙන්නේ ස්ට්‍රෝබෙරි වලින් පහසුවෙන් හදන්න පුළුවන් රසවත් කෑම බිම කිහිපයක්.

ස්ට්‍රෝබෙරි ජෑම්

ස්ට්‍රෝබෙරි ජෑම් කියල අපි කඩෙන් ගන්නේ කෘත්‍රිම ස්ට්‍රෝබෙරි රස එකතු කල පුහුල්. මෙහි කෘත්‍රිම පැණිරස කාරක ආදිය විවිධ ප්‍රතිශත වලින් අඩංගු වෙනවා. ඉතින් අපිට ගෙදරදීම ස්ට්‍රෝබෙරි ජෑම් හදාගන්න පුළුවන් නම් කොච්චර හොදද?

අවශ්‍ය ද්‍රව්‍ය

ස්ට්‍රෝබෙරි 250g
ජලය 100ml
සීනි 50g
කොන් ෆ්ලවර් 10g
දෙහි යුෂ හැඳි 1

ස්ට්‍රෝබෙරි ගෙඩි සෝදා තරමක් පොඩි කරගන්න. ඉන්පසු එයට පිරිසිදු ජලය, සීනි , දෙහි යුෂ යොදා මැටි බඳුනක හෝ නොන්ස්ටික් බඳුනක මන්ද ගින්නේ පිසින්න. විනාඩි 10කට පමන පසු ලිපෙන් බාගෙන දියකරගත් කොන් ෆ්ලවර් හොඳින් මිශ්‍ර කරන්න. සෝදා පිරිසිඳු කරගත් වීදුරු බෝතලයකට මිශ්‍රණය දමන්න.නිවුණු පසු ශීතකරණයේ දමා කෑමට ගන්න.

 

ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක්

අවශ්‍ය ද්‍රව්‍ය

ස්ට්‍රෝබෙරි 100g
නැවුම් කිරි කෝප්ප 1ක්
රස අනුව සීනි

සෝදාගත් ස්ට්‍රෝබෙරි සහ කිරි blender කරගන්න. එයටම සීනිත් එකතු කරන්න . මිශ්‍රණය වීදුරුවකට දමා එයට උඩින් අයිස් ක්‍රීම් හැන්දක් එකතු කරන්න.

 

ස්ට්‍රෝබෙරි ෂෝර්ට් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

ස්ට්‍රෝබෙරි ගෙඩි 15ක්
ස්ට්‍රෝබෙරි ජෑම් 450g
විප් ක්‍රිම් කෝප්ප 1ක්
පාන් පිටි කෝප්ප 2ක්
කිරි කෝප්ප 3/4 ක්
සීනි මේස හැඳි 4ක්
බටර් මේස හැඳි 4ක්
බේකින් පවුඩර් මේස හැඳි 1ක්
ලුණු තේ හැඳි 1/2ක්

පාන් පිටි බඳුනකට දමා බේකින් පවුඩර් , ලුණු , සීනි , බටර් දමා අතේ නොඇලෙන පදමට මිශ්‍ර කරගන්න. ඉන්පසු මෙම මිශ්‍රණය විනාඩි 20 පමණ කාලයක් ශීතකරණයේ තබන්න. පසුව එය ඉවතට ගෙන කොටස් දෙකකට වෙන් කරගන්න. අඟල් 1/2ක පමණ වන රවුම් හැඩයට එම කොටස් දෙක සකසා ගන්න .ඉන්පසු සෙන්ටිග්‍රේට් අංශක 180 වනසේ උඳුන රත්කර විනාඩි 10ක් පමණ  රන්පැහැ වනතුරු බේක් කරගන්න. මෙලෙස සකසා ගත් ෂෝර්ට් කේක් දෙක මත ස්ට්‍රෝබෙරි ජෑම් හා විප් ක්‍රිම් තවරා ස්ට්‍රෝබෙරි වලින් අලංකාර කරගන්න.

 

ස්ට්‍රෝබෙරි ෂර්බට්

අවශ්‍ය ද්‍රව්‍ය

ස්ට්‍රෝබෙරි 500g
බිත්තර සුදු මද 4
සීනි 50g
යෝගට් 120ml
අයිසින් සීනි 50g
දෙහි යුෂ හැඳි 1

ස්ට්‍රෝබෙරි සෝදා බ්ලෙන්ඩර් කරගන්න. මෙයින් අඩක් වෙනත් බඳුනට ඉවත් කර ඉතිරිය ශීතකරණයේ තබන්න. බිත්තර සුදු මද හොඳින් ගසා ඊට දෙහි යුෂ එකතු කර හා වෙන කරගත් ස්ට්‍රෝබෙරි මිශ්‍රණය දමන්න. එයටම සීනි, යෝගට්, අයිසින් සීනි එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. කෑමට ගන්න අවස්ථාවේදී මෙයින් හැන්ද බැගින් වීදුරුවට දමා මුලින් වෙන් කරගත් මිශ්‍රණය  එකතු කර ගන්න.

 

Popular Articles