Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

බඩේ දැවිල්ල සහ ගැස්ට්‍රයිටීස් වලින් බේරෙන්න ලේසි විදිහක්

අද කලේ තියෙන කාර්ය බහුල ජිවන රටවත් එක්ක තරුණ, වැඩිහිටි කාටත් බහුලව හැදෙන ලෙඩක් තමයි මේ ගැස්ට්‍රයිටීස් කියන්නේ.මේ රෝගයට හේතුව තමයි අපේ අමාශයේ තියෙන ආම්ලික තාවය ඉහල යාම. අමාශයේ තියෙන මේ ආම්ලික තාවය ඇති වෙලා තියෙන්නේ අපි ගන්න අහර ජීරණය කරගන්න. අහර ගැනීමත් එක්ක ආම්ලිකතාවය අඩු වෙලා නැවත අහර ගැනීමේදී ඒවා දිරවීම පිණිස අම්ල එකතු වීම සිදු වෙනවා. ගැස්ට්‍රයිටීස් හැදුන කියල දැනගන්න වෙන්නේ උදරය, පපුව ආශ්‍රිතව එන දැවිල්ල තත්වය සමගයි. සාමාන්යෙන් අපි බද පුරවා දැමීම ක් කියල කියන්නේ උදරයේ ආම්ලිකතාවය ඉහල යමක්. නමුත් එක ගැස්ට්‍රයිටීස් තත්ත්වක් නෙමෙයි. කල් පවතින, නිතර ඇති වන ආම්ලිකතාව තමයි ගැස්ට්‍රයිටීස් විදිහට හඳුන්වන්නේ. ඒ කියන්නේ ඔබේ උදරයේ අම්ලිකතවයේ යම්කිසි සංකුලතාවයක් සිදු වෙලා තිබෙනවා අමශයට හානි සිදු වෙලා .

ගැස්ට්‍රයිටීස් හැදෙන්නේ ඇයි

බොහෝ විට ගැස්ට්‍රයිටීස් හැදෙන්න හේතු වෙන්නේ අපේ ආහාර රටාවේ තියෙන අඩුපාඩු නිසයි.. ප්‍රධාන වශයෙන්ම නිසි වෙලාවට ආහාර නොගැනීම, කෙටි ආහාරවලින් ප්‍රධාන ආහාර වේල්වල අවශ්‍යතාව පුරවා ගැනීම සහ විශේෂයෙන්ම උදේ ආහාර වේල නොගැනීම ගැස්ට්‍රයිටීස්වලට ප්‍රධාන හේතුවක් වෙනවා. පාසල් යන දරුවන් අතර මේ රෝගය බහුලව හැදෙන්නේ මේ හේතුව නිසයි.

මේ ගැස්ට්‍රයිටීස් තත්වය පහසුවෙන් මගහරවා ගන්න මේ කියල දේවල් වලින් පුළුවන්. ඒ තමයි වැල්මී සහ අළු කෙසෙල්

වැල්මී

සාමාන්‍යයෙන් පඳුරු ශාකයක් විදිහට හැඳින්වෙන වැල්මීවල විද්‍යාත්මක නාමය වෙන්නේ Glucyrrhiza glabra Linn. උසස්ම වැල්මී විදිහට සැලකෙන්නේ යුරෝපයේ හෝ මැදපෙරදිග සිට ආනයනය කෙරෙන වැල්මී වර්ගයි. ආයුර්වේද බෙහෙත් වලදී බොහෝ විට භාවිත කරන දෙයක් උනත් ශ්‍රී ලංකාවේ වැල්මී වැවෙන්නේම නැති තරම්.දිගැටි මුල් වගේ දුඹුරු පැහැයට හුරු වැල්මී මුලක් හපලා බැලුවොත් දැනෙන්නේ මිහිරි පැණි රසක්. ගැස්ට්‍රයිටීස්, ආමාශයේ තුවාල, විෂබීජ ආසාදන, මළ බද්ධය වගේ ගැටළුවලට වැල්මී ඉතාම ගුණදායකයි. දිනපතා උදේට එළකිරි සමග වැල්මී මිශ්‍ර කරලා බීමට ගැනීමෙන් පහසුවෙන්ම ගැස්ට්‍රයිටීස් සමනය කරගන්න හැකියාව තියෙනවා.

අළු කෙසෙල්

අපිට වෙලදපොලේ පහසුවෙන් අඩු මිලට ලබා ගන්න පුළුවන් එළවළුවක් තමයි අළු කෙසෙල් කියන්නේ. ආහාරමය තන්තු ප්‍රතිශතය ඉහළම මෙහි සිරුරට සිසිල ගෙනෙන ගුනයකින්ද යුක්තයි. මීට අමතරව ඉතාම පහසුවෙන් ජීර්ණය වන ආහාරයක්. අළු කෙසෙල් නිතර ආහාර වේලට එකතු කර ගැනීම දිගු කාලීනව ගැස්ට්‍රයිටීස් ඇති වීමෙන් වැළකී ඉන්නත් හොඳ උපකාරයක් වෙනවා. අළු කෙසෙල් ගෙඩිය වගේම එහි පොත්තත් රසවත් මැල්ලුමක් ආකාරයෙන් හදන්න අපේ අම්මලා නම් දැනගෙන හිටියා .

Popular Articles