Thursday, April 18, 2024

Top 5 This Week

Related Posts

නැවුම් පළතුරු යුෂ පානය කිරීමෙන් දැනෙන ප්‍රමෝදජනක හැඟීම විඳගන්න

ඔබ ගන්නා අහාරය ඔබ ගන්නා පානය ඔබේ මනෝභාවයට පමණක් නොව, ඔබේ සිතිවිලි වල පැහැදිලිකමටද බලපාන බව ඔබ දන්නවා ද? ඈත අතීතයේ සිට ප්‍රඥාවන්තයින් සැහැල්ලු ආහාර පමණක් ආහාරයට ගත්තේ එබැවිනි. ඊට වඩා වැඩි දෙයක් අනුභව කළහොත් එය ඔවුන් අසීරුවෙන් ගොඩනඟා ගත සන්සුන් මනසට හිරිහැරයක් වන අතරම ජිවිතයේ සැබෑ අරුත ගැන මෙනෙහි කරමින් යෙදෙන භාවනාවන්ටද බාධාවක් වන බව ඔවුන් දැනගෙන සිටියේය.

ඔබ සතුව මිල අධික ෆෝමියුලා වන් රේස් කාරයක් ඇත්නම් ඔබ එයට යොදන්නේ හොඳම ඉන්ධන මිස බාල වර්ගයක් නොවේ. ඊට වඩා අඩු දෙයක් යෙදුවහොත් වාහනයේ ක්‍රියාකාරිත්වය අඩු වෙනවා නේද? එසේ නම් වාහනය ක්‍රියාකාරිත්වයට වඩා බෙහෙවින් වටිනා ඔබේ සිරුර තුලට ඔබ හොඳම දේ මිස වෙනත් දේවල් දමන්නේ ඇයි ? වැරදි ආහාර විශාල ප්‍රමාණයෙන් ගැනීම මඟින් ඔබේ ශක්ති මට්ටම හීන වෙනවා. එය ඔබේ සෞඛ්‍යට අහිතකර ලෙස බලපානු ලැබේ. එවිට ඔබේ මනස මුළු ශක්තියෙන් ක්‍රියා කිරීම වැළකෙයි. ඔබ ගන්නා සෑම තෙල් සහිත ආහාර වේලක්ම නිසා, ඔබේ උත්තේජන මට්ටම සහ ඵලදායකත්වයද සාපේක්ෂව පහළ වැටෙයි. ඒ බව අවබෝධ කර ගැනීම වඩාත් හොඳ ආහාර පුරුදු ගොඩනඟා ගැනීමේ ප්‍රථම පියවරයි.

ඔබේ ශක්ති මට්ටම සහ ඔබේ මානසික මට්ටම ඉහල නැංවීමට යොදා ගත හැකි උපක්‍රමයක් නම් නැවුම් පලතුරු යුෂ පානය කිරීමය. ඔබ සදා ගන්නා යුෂ බඳුනක රස ඉතා ඉමිහිරිය. ඔබේ වැඩ කටයුතු ඇරඹීමට පෙර සෑම උදෑසනකම ස්ට්‍රෝබෙරි – ඇපල් යුෂ වීදුරුවක් හෝ දොඩම් – මිදි යුෂ වීදුරුවක් පානය කිරීම මඟින් දැනෙන ප්‍රමොදජනක හැඟීම විස්තර කිරීමට පවා අපහසුය.

 

උපුටා ගැනීමකි

 

Popular Articles