Thursday, April 18, 2024

Top 5 This Week

Related Posts

ගැහැණු ළමයෙකුගේ Makeup පෙට්ටියේ තිබිය යුතු දේවල්

මල් වගේ ගැහැණු ළමයින්ට ගමනක් යන්න ගියාම හැඩවැඩ වෙන්න තරමක වෙලාවක් ගතවෙනවා. පොඩි Makeup එකක් කරලා එලියට බැස්සට මුකුත් වරදක් කියන්න බැහැ. ඒ නිසාම මේ කතා කරන්නේ යුවතියන්ගේ makeup පෙට්ටියේ ඉඩක් වෙන්කළ යුතුම දේවල් ගැනයි.

 

ක්ලේන්සේර්, ටෝනර් ( Cleanser , toner )

ක්ලේන්සේර් එකකින් කෙරෙන කාර්යාභාර්ය තමයි මුහුණ හොඳින් පිරිසිදු කිරීම. ක්ලේන්සේර් කළ පසු මුහුණේ තිබෙන රෝමකුප විවෘත වන අතර, ඒවා නැවත වහන එක සිදු කරන්නේ ටෝනර් එක මඟිනි. ඉන් සම වියපත් වීම වලක්වා වියළි ස්වභාවය නැති කරනවා.

ෆවුන්ඩේෂන් ( foundation )

මුහුණේ සම එකම පැහැයට ගෙන එන්නට ෆවුන්ඩේෂන් එකට හැකියාවක් තිබෙනවා. මෙය පවුඩර් වශයෙන්, ක්‍රීම් හා දියර වශයෙන් දක්නට ලැබෙනවා. ඒ වගේම මුහුණේ කැළැල් වසන්නට කොන්සිලර් එකක් භාවිතා කළ හැකියි.

 

අයි බ්‍රෝ පැන්සල ( Eye Brow Pencil )

ඔබේ ඇහි බැමේ අසම්පුර්ණ කොටස් සම්පුර්ණ ලෙස ඇඳ ගැනීම සඳහා මෙම පන්සල භාවිතා කරන්න පුළුවන්.

 

අයි ලයිනර් ( Eye Liner )

ඔබේ දෑස් වටා වඩා පැහැදිලිව රේඛාව ඇඳගන්නට මෙය භාවිතා කරනවා. මෙයත් දියර සහ වියළි වර්ණක ලෙස දක්නට ලැබෙනවා. මින් වඩාත් සුන්දර සහ හැඩකාර ඔබේ දෑස් පෙන්වනවා.

 

අයි ෂැඩෝ ( Eyeshadow )

උත්සවයකට මෙන්ම සාමාන්‍ය ගමනකදිත් අයි ෂැඩෝ ආලේප කිරීමේ වරදක් නැහැ. මෙය ඇසට උඩින් ගාන වර්ණයක් නිසා ඔබ සැරසෙන ඇඳුමේ වර්ණය අනුව ගලපගන්නත් පුළුවන්. මින් ඇසේ සුන්දරත්වය ඔප්නන්වන්නට හැකිසේම, ඔබේ මුහුණට වඩා හොඳ සුන්දරත්වයක් ද ගෙන එනවා.

 

ලිප්ස් ටික් ( LipsTik )

ගැහැණු ළමුන් අතර වඩාත් ජනප්‍රිය ආලේපයක් වන්නේ ලිප්ස්ටික්. මේවාද විවිධ වර්ණවලින් ලබා ගන්නට වගේම ඔබේ තොල් සඟල වඩා පැහැදිලිව ඇඳගැනීමට පැන්සල් ද භාවිත කල හැකියි.

බ්ලෂර් ( Blusher )

ඔබේ දෙකම්මුල් වඩාත් සුන්දර කිරීමටත් කම්මුල් රත් පැහැයෙන්, රෝස පැහැයෙන් බබළවන්නටත් මින් හැකියාව ලැබෙනවා. එසේම මුහුණ හැඩකර පෙන්වන්නටත් සමත් වෙනවා. මුහුණේ හැඩ අනුව අලේප කිරීමටත් ඔබ වග බලා ගත යුතුය.

Popular Articles