Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

පුලුවන්නම් තෝරන්න

මේ ගොම්මන් වෙලාවෙ කොහෙද ලමයෝ යන්නේ…

අනේ අම්මා මන් පොඩ්ඩක් ඇවිදලා එන්නම්…

දෙයියනේ තව ටික වෙලාවකින් අදිරි නිතිය දානවා ලමයෝ යන්නෙපා කොහෙවත්…

මොකද්ද අම්ම මේ ජීවිතේනම් මට එපා වෙලා….

ඇති තරම් කන්න බොන්න තියෙන්නෙ කලා මෙන්න මෙහට වෙලා හිටපන් උබ දැන් නාබර වයස බලපන් උබෙ ඇග පත දැන් ගොඩක් ලොකුයි.උබ දැන් පරිස්සම් වෙන්න ඔන වයස කොල්ලො….
නැත්තම් අරුන් උබව අල්ලන් මරයි…

හ්ම්ම්ම්ම්ම්ම්…..

මේ මගෙ ජීවිතේ..හරිම බයෙන් ජීවත් වෙන්නෙ අපෙ ජීවිත කොයි වෙලාවෙද කියන්න බෑ..අපි ජීවත් වෙන්නෙ වෙනමම ලෝකෙක…
ඔයාලගෙ ලෝකෙ වගේ මිනිස්සු හදපු දේවල්නම් අපේ ලෝකේ නෑ.
අපේ ලෝකේ හැමතනම ගස් තියෙන්නෙ.
ඔයලට වගේම අපිටත් ඉර පයනව හදත් පායනවා.
වහිනවා….
අම්මො වැස්ස මතක් කරන්නෙපා.
අපි හරිම අමාරුවෙන් ජිවත් වෙන්නෙ එ කාලේ තුල.
අපි ගහක් උඩකට නැගලා තමා බෙරෙන්නේ…
අපේ ලෝකේ හෑම තැනම කෑමනම් තියෙනවා….

පුතා මෙහෙ වරෙන් මේ මල්ලිව එක්කන් පලයන් උබ මොනාද ඔය ගහ යටට වෙලා කල්පනා කරන්නේ….මෙන්න මෙහෙ වරෙන්

හා අම්මා..

අහ් පලයන් අයියත් එක්ක සෙල්ලම් කරපන්කො ඈ…

මල්ලි සෙල්ලම් බෑ මෙන්න මේ ගහ යටට වෙලා ඉන්නවා.

හ්ම්ම්ම්ම්..අයියේ…

මටනම දැන් මේ ජීවිතේ එපා වෙලා.අම්ම කියනවා අපේ වර්ගෙයගේ විනාසෙ ඇති වෙන්නේ අග පත ලොකුවෙන්න වෙන්නලු. ඒ නිසා මල්ලිට තියෙන නිදහස මට නෑ….

අයියේ ඔයා ඉස්සේල්ලා කොහෙදා යන්න ගියේ.

මන් පල්ලෙහා පිට්ටනිය පැත්තට යන්න ගියේ මල්ලී.මට මේ ගස් යට කලුවරෙ ඉදල එපා වෙලා..

එපා අයියේ පිට්ටනිය පැත්තට යන්න .පේනවනේ රස්නේ තව ටිකකින් වහී කියලා අම්ම කිව්වා..එතකොට අපි දෙන්න මේ ගහට නගිමු.

හ්ම්ම්ම්ම්ම්????

දවසකට එක පාරක් වහින්වාමයි.සමහර සති වලට දවසක් ඇර දවසක් වගේ…ගං වතුර එතකොට අපිට ඉන්න අමාරුයි.මේක තාමා ඉතින් අපෙ ජීවිතේ..

මට හිටියා ලස්සන කෙල්ලෙක් දැන් ටික කලේකට කලින්…
එයා සදහටම මාව දාල ගියා අපි දෙන්න ගහක් මුදූනටම නැග්ගා එයාව වැටුනා ආගාදෙට මට එයාගෙ මිනියවත් බලන්න බැරි උනා…හ්ම්ම්ම්

අපේ ලෝකෙට පිටසක්වල ජිවින්ගෙන් හරිය්ට කරදරයි.පිටසක්ක්වල ජීවින් කියන්නෙ හෙන දිගා දඩු වගේ යෝද ජීවීන් වගෙයක්.අපෙ වර්ගෙ එකා එකා මරල දාන්ව උන්….අපිට උරුම ජීවිතේ මේකා තමා.
හොදකට තියෙන්නෙ මැරැනකන් අපිට බඩ පැලෙන්ම කෑම මේ ලෝකේ ඇතී තරම් තියෙනවා…..????

තෝරාපන් රාලේ…
මේක මන් නිකන් හිතලා ලියන්න ගත්තේ මේ කියනනේ මොන සතෙක් ගැනද කියලා කියන්න බලන්න යාලුවනේ පුලුවන්නම්…

 

 

කුෂි

Popular Articles