Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

හිස කෙස් රැකගන්න මේ විදිහට කරලා බලන්න

අද බොහෝ යුවතියන් අතර තියෙන ගැටළුවක් තමයි වියලි හිසකෙස් එහෙමත් නැත්නම් ඉක්මනින් කැඩී යන හිස කෙස්. ඒ වගේ තත්වයක් ඇති වෙන්නේ අපි කරන සමහර වැරදී ක්‍රියාවන් නිසාමයි. පහත උපදෙස් ඒ විදිහටම කරොත් ඔබටත් ලස්සන කෙස් කළඹක හිමිකාරියක් වෙන්න පුළුවන්.

හිස් කෙස් දිනපතා උණු වතුරින් සෝදන්න එපා. එයින් හිසකෙස් වල තිබෙන ස්භාවික තෙතමනය සහ තෙල් ගතිය ඉවත් වී හිසකෙස් වියලි බවට පත් වෙනවා.

දිනපතා හිස ෂැම්පු කිරිර්මෙන් ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය නිසා හිසකෙස් වල දුර්වල වෙනවා. ඒ නිසා දිනපතා පිරිසිදු ජලයෙන් හිසකෙස් සෝදා දින දෙකකට වරක් පමණ ෂැම්පු කරන්න. ඒ වෙලාවට කන්ඩිෂනර් දමන්නත් අමතක කරන්න එපා.

නෑමෙන් පසු තෙත පිටින් හිසකෙස් පිරීමෙන් කෙස් කැඩෙන බැවින් හිසකෙස් හොදින් වියලුනාට පසුව පිරන්න.

නිතර නිතර hair dryer  පාවිච්චි කිරීම හා හිසකෙස් අයන් කිරීම සුදුසු නැහැ.

හිසකෙස් වල පෝෂණය සඳහා සුදුසු අහාර අඩංගු සමබර අහාර වේලක් ගන්න අමතක කරන්න එපා. ඒ වගේම හැකි තරම් වතුර පානය කරන්න.

මානසික ආතතිය හා අධික ලෙස නිදිමරිම හිසකෙස් ගැලවී යාමට හේතු වන නිසා ඒවායින් වළකින්න.

 

 

Popular Articles