Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

හිස කෙස් රකින ස්වභාවික සත්කාර

ඔබටත් හිස කෙස් පැසීම/ ගැලවී යාම/ හිස කෙස් තුනී වීම/හිස් හොරි ආදී ප්‍රශ්න තියෙනවද? කොතරම් ප්‍රතිකාර කලත් මේ සඳහා විසඳුමක් නැ කියන ඔයාලට අද අපි කියලා දෙන්නේ මුදල් වැය නොකර පහසුවෙන්ම ගෙදරදීම කළ හැකි ස්වභාවික සත්කාර…..

බිත්තර
බිත්තර කියන්නේ වියලි හිසකෙස් වලට තෙතමනය ගෙන දෙන ස්වභාවික මොයිස්චරයිසරයක්. සෝදා පිරිසිදු කරගත් හිසකෙස් වල බිත්තර සාරු තවරා විනාඩි 20 ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

 

මී පැණි
ඔබ භාවිතා කරන කන්ඩිෂනර් වර්ගයෙන් මේස හැන්දක් ගෙන එයට මී පැණි ටේ හැදී 2ක් මිශ්‍ර කර හිසකෙස් වල තවරා විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. මෙයින් ඔබේ හිස කෙස් වලට මෘදු දීප්තිමත් බවක් ලබාගත හැකිය.

 

බේකින් සෝඩා
බේකින් සෝඩා තේ හැන්දක් වතුර කෝප්පයකට මිශ්‍ර කර හිස කෙස් මත තවරා විනාඩි 5ක් තිබෙන්නට හැර සද හරින්න. එයින් නැවත පළුදු වූ හිසකෙස් ශක්තිමත් කරයි.

 

යෝගට්
බිත්තරයකට යෝගට් මේස හැඳි 2ක් මිශ්‍ර කර හිසකෙස් වල ගලවා විනාඩි 5ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න මෙමගින් ලැබෙන ප්‍රෝටීන් හිස් කෙස් පෝෂණය කර වැඩීම ඉක්මන් කරයි.

 

ලෙමන් සහ මී පැණි
හිස කෙස් සේදීමෙන් පසු හිසකෙස් වල තෙතමනය තිබියදීම ලෙමන් යුෂ මේස හැඳි 2ට මි පැණි බිංදු කිහිපයක් එක්කර හොඳින් කලවම් කර හිසකෙස් මත ගලවන්න. එය වතුරින් නොසෝදා එසේම අවියලෙන්නට හරින්න.මෙම සත්කාරයෙන් හිසකෙස් වල අඳුරු දුර්වල පෙනුම නැති වී මන ශක්තිමත් බවක් සහ පෙනුමක් ලබා දෙයි.

 

ඔලිව් තෙල්
හිරු එළියට වැඩි වෙලාවක් නිරාවරණය වීම නිසා පළුදු වූ හිසකෙස් වලට නව පණක් ලබා දීමට ඔලිව් තෙල් මේස හැඳි 2ට මී පැණි තේ හැඳි 1/2 සහ බිත්තර කහ මද තේ හැඳි 1/2 එකතු කර හොඳින් මිශ්‍ර කර හිසකෙස් වල තවරා විනාඩි 20 පමණ තිබෙන්නට හැර මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

 

Popular Articles