Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

වඩාත් හොඳ මවක් සහ පියකු වන්න සෑම විටම

ඔබ ඔබේ දරුවන් ඇතිදැඩි කරන ආකාරයෙන් පැහැදිලි වන්නේ ඔබ ඔබේ අනාගත පරපුර ගොඩනගන ආකාරයයි. දෙමවුපියන් ලෙස කටයුතු කිරීමේ කලාව පිලිබඳ විදිමත් පුහුණුවක් අප බොහෝ දෙනෙකුට නැහැ. එහෙත් අපේ දෙමවුපියන් අපට සැළකු ආකාරයට අපිත් අපේ දරුවන්ට සැලකීම සාමාන්‍ය ක්‍රමය නේද? අපි ඒ පිළිබඳව වෙනත් මාර්ගයක් දන්නේ නැහැ.

මවක් හෝ පියෙක් වීම ලෝකේ තියන ලොකුම සතුටයි. එය මහත් වගකීමක් සහිත වරප්‍රසාදයක්. මම මගේ දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සුදානම් නමුත්, එය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. විශිෂ්ට දෙමවුපියන් වශයෙන් කටයුතු කිරීමේ කුසලතා ද අප වර්ධනය කර ගත යුතුය. අප දරුවන් ඇති දැඩි කරමින් තිබෙන ආකාරය නිවැරදි යැයි සිතමින්, ඔවුන් ඒ මඟ ගොස් බුද්ධිමත්, අනුන් ගැන සැලකිලිමත් වන සහ තාර්කික අය බවට පත් වනු ඇතැයි ප්‍රර්ථනා කරමින් සැහීමකට පත්ව සිටිය නොහැකිය.

දෙමවුපියන්ගේ හැකියාවන් දියුණු කිරීමට ඉවහල් වන සම්මන්ත්‍රණ වලට සහභාගී වීමද, මේ ක්ෂේත්‍රයට අදාළ පොත් පත් කියවීමද, ප්‍රමුඛ චින්තකයන්ගේ අදහස් රැගත් CD පට වලට සවන් දීම ද අපට පහසුවෙන කල හැකි දෙයක් සහ එය කිරීම අප කල යුතුයි. ඉන් පසුව අප ජිවිත කාලය නැමති පර්යේෂණාගාරය තුලදී අප උගත් දේ පිරිපහදු කර ඒවා අපේ පවුල් වලට වඩාත්ම හොඳින් ගළපා ගත හැකි උපක්‍රම පෙන්වීමට ද අප නිර්භීත විය යුතුය.

ඔබ බොහෝ කාර්යබහුල බවත් ඉතා කෙටි කලක් තුල කිරීමට බොහෝ දේ ඔබට ඇති බවත් අප දන්නවා. එහෙත් ඔබේ පුතුන්ගේ සහ දියණිවරුන්ගේ ළමා වියේ ඒ ආශ්චර්යමත් ඒ දවස් කවදාවත් උදා නොවනු ඇත. හොඳම දෙමව්පියන් බවට පත් වීමට ඔබට හැකි උපරිම මට්ටමින් කාලය සහ ශක්තිය ඔබ නොයෙදුවහොත් ඒ අහිමි වූ අවස්ථා ගැන යම් දිනයකදී ඔබට තදින් දුක් වීමට සිදුවනු ඇත.

 

උපුටා ගැනීමකි

Popular Articles