Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

සුබ අළුත් අවුරුද්දක් වේවා!

සුබ අළුත් අවුරුද්දක් වේවා!

මම එහෙම ඔයාට සුබ පැතුවට ඔයා ඔයාට සුබ පැතුවද? ඔයා ඔයාට ස්තූතියි කිව්වද? කමක් නෑ තාමත් ඔයා ප්‍රමාද නෑ. අපි අද ඉදන් පටන් ගමු.

අපි අපිට ආදරය කරන හැටි කතා කරන්න, අපිව අපිට පුළුවන් උපරිම තැනට ගෙනියන්න පුරුදු වෙන්න අපි එනවා හැම බ්‍රහස්පතින්දාම “ආදරණීය අද දවස” තුලින්. ඔයාත් එක්ක ඔයාගෙ සිතුවිලි එක්ක කතා කරන්න හැම දවසක්ම ආදරණීය දවසක් කරගන්න එන්න, ඉතින් අපි කතා කරමු. ඉතිං කලින් මම ඇහුව ප්‍රශ්නයම ආයෙ අහන්නම්. ඔයා මේ අළුත් අවුරුද්දෙ හැමටම සුබ පතන්න කලින් ඔයාට ඔයාම සුබ පැතුවද? ඔයා ඔයාට ආදරෙයි කිව්වද? නැත්නම් අපි අද ඉදන් පටන් ගමුද? 2022 අවුරුද්දෙ ඔයාට වුන හොදම දේවල් එක්ක වගේම ඔයාට වුන නරකම දේවල් වලටත් මුහුණ දීලා එදාට වඩා අද හයියට ඉන්න ඔයාව 2023 අවුරුද්ද වෙනකන් අරගෙන ඇවිත් අද දවසෙත් ඔයාව ජීවත් කරවනවට ඔයා ඔයාට ස්තූති කරන්නම ඕනෙ.

ඉස්සර පුංචි දේටත් සැලුන ඔයාව අද ඔය ඉන්න විදියට හුස්ම ගන්න හයිය හිත ඇත්තෙක් කලාට ඔයා ඔයාට ආදරය කරන්න ඕනෙ. වටේ ඉන්න අයට ආදරය බෙදන්න කලින් ඔයා ඔයාට ආදරය කරන්න පුරුදු වෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් වටේ ඉන්න අයට ආදරය බෙදලා දෙන්න. මොකද මේ ලෝකෙ ඔයා ඔයාට ආදරය නොකෙරුවොත් ඔයාට ආදරය කරන්න කවුරුත්ම එන එකක් නෑ. ඒ නිසාම තමයි “Self Love” කියන දේ මේ තරම් වැදගත් වෙන්නෙ.

ඉතින් මේ සුබ අළුත් අවුරුද්දෙ මුල ඉදන්ම ඔයාට පටන් ගන්න පුළුවන්. අපි අපේ අනාගත ඉලක්ක ලැයිස්තුවක් හදලා එතනින් කෙටි කාලීනව හා දිගු කාලීනව ලගා කරගන්න ඕනෙ ඉලක්ක මොනවද කියලා වෙන් වෙන් වශයෙන් ලියාගමු. දැන් ඉදන්ම අපිට පුළුවන් ඒ ඉලක්ක ලගා කරගන්න ඔයා මොනවද කරන්න ඕනෙ කියලත් හොයලා බලලා පටන් ගන්න. හැමදාම උදේට නැගිටලා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් කණ්ණාඩියෙන් පේන ඔයාට සුබ උදෑසනක් කියලා කණ්ණාඩියෙ ඉන්න ඔයාට ආදරෙයි කියන්න. බලන්න එයා හිනාවෙන ලස්සන. ඔයාට හිතාගන්නවත් බැරි දුරකට ඔබ ඔබව ගෙන යාවී. ඔව් ඔබට පුළුවන්, අනිවාර්යයෙන්ම

මීට ආදරණීය අවේණි

වෘත්තීය මනෝවිද්‍යා උපදේශිකා දේශානි අවේණිකා සියඹලාපිටිය

Popular Articles