Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

උයන පිහන මේ රහස් ටික දන්නවනම් ඔයාටත් පුළුවන් හොඳම ගෘහණිය වෙන්න

ඔබට ඔබේ කෑම වල රසය සහ ගුණය වැඩි කර ගන්න පුලුවන්නම් රසකාරක නොයොදන එක ඔබේ ශරීර සෞඛ්‍යටද ඉතාමත් හිතකරයි. අද අපි ඔබට කියලා දෙන්නේ පුංචි පුංචි ක්‍රම මඟින් කෑම රසවත්ම මෙන්ම පිසීම පහසු කරගත හැකි ආකාරයයි.

පෝෂණීය ආහාර වේලක් පිළියෙළ කරගැනීම මෙන්ම අරපිරිමැස්ම පිළිඹඳව ද ගෘහනියක් වන ඔබ සැලකිලිමත් විය යුතුයි.

 

අල වර්ග තැම්බිමේදී එයට ලුණු ස්වල්පයක් දමන්න. එවිට අල වල පෝෂණය විනාශ නොවේ

එළවළු කපා ගැනීමට පෙර සෝදා කපන්න. එසේ නොමැති නම් එහි පෝෂණය නැති වේ.

කරවල කැබලිවලට කපා පොල් වතුර දමා පිසින විට කරවල වල ලුණු රසය අඩු වේ.

කහමදය නොකැඩි බිත්තරය කඩා ගැනීමට පිහිය අයිස් වතුරේ දමා කඩන්න.

ගෝවා පිසීමේදී ඇතිවන දුර්ගන්ධය නැති කිරීමට පාන් කුඩු ( කට්ලට් මිශ්‍රණය ) ස්වල්පයක් වෑන්ජනයට එක්කරන්න.

තැලිච්ච තක්කාලි පොඩි නොවී කපාගන්න නම් විනාඩි 10ක් පමණ විනාකිරි වල බහා තබන්න.

පතෝල පිසීමේදී කපාගත් පසු විනාඩි 5ක් පමණ ලුණු වතුරේ තබා මිරිකා ගත් පසු වඩා රසවත් වේ.

බත් පිසින විට දෙහි ඇඹුල් ස්වල්පයක් එකතු කරන්න. එවිට බත් ඇට එකට නොඇලෙන අතර හොඳ පැහැයක්ද ලබා ගත හැකියි.

පොලොස් ව්‍යංජන මෘදු කරගැනීමට මෙන්ම රත් පැහැ කරගැනීමට කන හුණු ස්වල්පයක් එක් කරන්න.

රතුළුණු සුද්ද කරන විට මඳක් උණුසුම් වතුරේ තබා ගත් පසු දෑස් වලට සැර නොවේ.

ව්‍යංජන වලට දෙහි එක්කර ගැනීමේදී ලිපෙන් බා ගැනීමෙන් පසුව දමන්න. නැතිනම් එහි ගුණය මෙන්ම රසයද අඩුවේ.

හොද්ද කැටි ගැසීම වැළැක්වීමට ලිපෙන් බා ගැනීමට මොහොතකට පෙර අබ එකතු කරන්න. නැතහොත් අබ තැම්බි ව්‍යංජනය තිත්ත රස විය විය හැකිය.

ශීතකරණ කරන ලද මස් මෘදු කරගැනීමට පොල් වතුර හෝ විනාකිරි මිශ්‍ර වතුරේ බහා තබන්න.

ශීතකරණයක් නොමැති නිවෙස් වල මිරිස් ගුලි අඹරා තබන විට ඒ මත ලුණු කැටයක් තබන්න. පොල්තෙල් කාලයත් සමඟ මුඩු වෙන අවස්ථා තිබෙනවා. ඒ ගතිය නැති කිරීමට තෙල් බෝතලයට ලුණු කැටයක් දමන්න.

බත බෙරි වූ විට ඒ මතට විනාකිරි ඉසීමෙන් බෙරි ගතිය මග හරවා ගත හැකියි.

මාළුවල පිලී ගඳ නැති කිරීමට මාළු සෝදන විට කහ කුඩු ස්වල්පයක් හා දෙහි ලෙල්ලක් අතුල්ලන්න.

පුහුල්, කැකිරි කල් තබා ගැනීමට එහි නැට්ට වටේට පිහියෙන් කපා තබන්න.

සුප් වලට පැණි දොඩම් එක් කිරීමෙන් වඩා රසයක් එකතු කරගත හැකිය.

මිරිස් බදින විට පොල්තෙල් ස්වල්පයක් අඩියට එක් කිරීමෙන් සෙවල ගතිය නැති වී වඩා රසවත් වේවි.

කකුළුවන්, ඉස්සන් පිසින විට මුරුංගා කොළ එක් කිරීමෙන් විස ඇතොත් විනාශ වේ. උෂ්ණය අඩු වේ.

පලා මල්ලුමට පොල්තෙල් හෝ එළඟි තෙල් එක්කිරීමෙන් පසුව මැලවීමෙන් රසය හා ගුණය වැඩි වේ.

කොහිල වල නුල් ඉවත් කර ගැනීමට නම් ලුණු කැට කිහිපයක් එයට මිශ්‍ර කිරීමෙන් ඉවත් කර ගන්න.

කොළ ජාති මැලවී යෑම වැළැක්වීමට කඩදාසියක ඔතා ශීතකරණයේ තබන්න.

රෝස වූ බත් බඳුන ඇල්වතුර බඳුනක් මත තබා දුම් පිටවූ පසු එහි රෝස ගතිය ඉවත් වේ.

මිරිස් බදින විට විනාකිරි වල දමා බැදීමෙන් වඩාත් රසවත් වේ.

 

මේ ක්‍රම අනුගමනය කලොත් ඔබටත් හැකිවේවි රසවත් මෙන්ම ගුණවත් ආහාර වේලක් පිළියෙළ කරගන්න.

Popular Articles