අවුරුදු 30 වෙනකොට තමයි අපිට දැනෙන්න පටන් ගන්නේ අපිත් දැන් වැඩිහිටියෝ වෙලා කියල. පිස්සු නට නටා අම්මගෙන් බැනුම් අහ අහා හිටපු කාලේ ඉවරයි කියලා හිතෙනකොටත් දුකයි නේද? ජිවිතේ වගකිම් වෙනස් වෙලා , සැමියා එක්ක දරුවන් එක්ක ගෙවන ජීවිතේට තවමත් හරියටම හුරු වෙලා නෑ කියල වෙලාවකට හිතෙනවා නේද? විවාහයට කලින් නම් මේක් අප් , කොන්ඩා මෝස්‌තර , ඇඳුම් පැළඳුම් ගැන කොච්චර නම් හිතුවද? එත් දැන් තියෙන අලුත් වගකීම් එක්ක සමහර වෙලාවට ඔබට ඔබ ගැනම අමතක වෙලා ඇති. එත් එක එච්චර හොඳ දෙයක් නම් නෙමෙයි.
තරුණ වියේදී කරා වගේ වගේ ඔබේ ශරීරයට සාත්තුවක් නොදක්වා , ආහාර පුරුදු නිසිලෙස පාලනට නොකර හිටියොත් මැදිවියට එළඹෙන විට ඔබටත් හිතාගන්න බැරි විදිහට ශාරීරික පිරිහීමක් , අවලස්සනක් පෙන්න පටන් ගන්න එක වලක්වා ගන්න බැරි වේවි. ශාරීරික සුවතාවය ක්‍රම හරියට පවත්වාගෙන යන කෙනෙක් එක්ක කටයුතු කරන්න වුනොත් ඔබව මානසිකව කඩා වැටෙන්නත් පුළුවන්. අපට සමාජයේ සුවුශේෂී චරිතයක් වෙන්න, දරුවාගේ පාසලේ පන්තියේ දෙමවුපියන් අතර කැපී පෙනෙන කෙනෙකු වෙන්න බැරි කමක් නෑ . එකට ඕනි වෙන්නේ අවංක උවමනාවක් විතරයි. එවිට අවශ්‍ය කරන කාලය හොයන්න එක මහා ලොකු දෙයක් නෙමෙයි. ඔබ ඉදිරියට ගියේ නැත්නම් සමාජයේ ඔබට හිමි තැන දිනාගන්න බැරි වේවි.
අනෙක් සියලුම දේවල් සාර්ථක කරගන්න නම් නිරෝගී කයක්, ප්‍රසන්න පෙනුමක් තිබිය යුතුමයි. ඒ සඳහා විශාල මුදලක් ඕනි වෙන්නේ නෑ . අවශ්‍ය වෙන්නේ සිත තුල ධනාත්මක සිතුවිලි කිහිපයක් වර්ධනය කර ගැනීම විතරයි. එකට මේ තියෙන සරල දේවල් ක්‍රියාත්මක කරලා බලන්න ඔබට පුළුවන්.

1. දිනපතා ප්‍රබෝධයෙන් අවදිවන්න. උදේට කන්නාඩියක් ඉදිරියට ගිහින් ඔබ ඔබටම සිනාසෙන්න. සිනහව ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරන දිව්‍ය ඔසුවකි.

2. හොඳින් හුස්ම ගන්න. අප කවුරුත් හුස්ම ගන්නේ බාගෙට. එහෙම නැතුව පෙනහළු පිරෙන්න ගැඹුරු හුස්ම කිහිපයක් දිනකට ගන්න.

3.සතියකට වරක් ඉර උදාව හෝ ඉර බැසීම නරඹන්න. ඒ අවස්ථාවන් සභාවධර්මයේ සුන්දරම අවස්ථාවන් වෙනවා.

4. උණුසුම් වතුර කෝප්ප 3ක් වත් දිනකට පානය කරන්න. සතියකට දින දෙකක් උණුසුම් වතුරින් ස්නානය කරන්න. වතුර රත් කරන කොට එකට අමු කහ කැබලි කිහිපයක් , වෙනිවල්ගැට කෑල්ලක් , සුදු හඳුන් කෑල්ලක් එකතු කරන්න පුළුවන් වඩාත් ගුණදායකයි.

5. හැකිනම් සතියකට දින දෙනක් උපවාසයෙන් ගත කරන්න. ඔබේ ගතට සැහැල්ලුවක් දැනෙයි.

6. නිතර මිහිරි සංගීතයට සවන් දෙන්න. ඉඳහිට ප්‍රිය කරන ගීතයක් සෙමෙන් මුමුනන්න.

7. පිරිසිඳු ජලය ලීටර් 3ක් වත් දිනකට පානය කරන්න.

8 නැවුම් එළවලු පලතුරු නිතර අහාරයට ගන්න. එළවලු ඔබේ ගෙවත්තේම සකසා ගන්න පුළුවන් නම් ලෙඩ රෝග ගණනාවකින් බේරිලා ඉන්න පුළුවන් වෙනවා.

9. සුවසේ නිදන්න. අඩුම තරමින් පැය 8ක්වත් නිදාගන්න. නිදාගන්න වෙලාවට පැය 3කට කලින්වත් රාත්‍රී ආහාරය ගන්න.

10.දිනකට පැයක් ව්‍යායාම වල යෙදෙන්න.

11. සිතේ සතුටට මුල් තැන දෙන්න. කොතරම් කාර්ය සතුටින් සැහැල්ලුවෙන් ඉන්න. හැකිනම විනාඩි 30ක් වත් දිනකට භාවනා කරන්න. ඔබට පුදුම සැහැල්ලුවක් දැනෙයි.

මේ කරුණු ගැන සැලකිලිමත් උනොත් තරුණ පෙනුම හැමදාම තියාගන්න පුළුවන් වෙයි. බාහිර ආලේපන භාවිතා නොකර පිරිසක් ඉදිරියේ කැපී පෙනෙන්න ඔබටත් හැකි වේවි.

– අන්තර්ජාල ඇසුරින්

- A word from our sposor -

spot_img

හැමදාම තරුණ බව තියාගන්න නම්

හරිම විදිහට bio data එක හදන විදිහ

හොඳම රැකියාවක් ජීවිතයේ ඇති තවත් එක් සිහිනයකි. බොහෝ දෙනෙකුට රැකියා සිහිනය යථාර්තයක් කර ගන්නට උත්සහ කරන්නේ අධ්‍යාපනය නිමකිරීමෙන් පසුවයි. අධ්‍යාපනය අවසන් කරන ඔවුන් ජිවදත්ත පත්‍රිකා...

ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද

ද්වි විවාහය හෝ බහු විවාහය - දණ්ඩ නීති සංග්‍රහයේ 362 වගන්තිය වරක් විවාහ වී ඇති පුරුෂයකු හෝ කාන්තාවක තම විවාහය වලංගුව පවතිද්දී සහ තම නිත්‍යානුකුල...

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ – 2 කොටස

පවුල් සංවිධාන ක්‍රම( family planning )අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි...

ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව

ස්ටැටිස්ටා ආයතනයේ අවතම සංඛ්‍යා ලේකන අනුව ඊශ්‍රායලය ලගට ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා වී ඇත. බුද්ධි ගලනය හේතුකොට ගෙන මෙම...

දරුවාගේ යෞවනය සකස් කිරීමේ වගකීම ඔබටයි

මේ කථාව එක් අතකින් සමාජ ව්‍යසනයක්. තවත් පැත්තකින් පවුලේ ඛේදවාචකයක්. අපේ රටේ සිදුවන්නේ සමාජ විපර්යාසයක් කියලා ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. අපි මේ ප්‍රශ්ණය මුලින්ම...

දවල් කෑමට ඉස්සෝ

මිට පෙර ලිපියකින් අපි ඔබට ඉදිරිපත් කරා විවිධ ක්‍රම වලට දැල්ලන් හදන අකාරය. අද අපි ඔබට කියල දෙන්නේ ඉස්සන් විවිධ ක්‍රම වලට හදන්න හැටි....

සීත මිලානෝවේ සිහින කුමිරිය

Model -   Mihiri Anadewa Photography - Moorthi U Senewirathna

මේ මගේ කතාවයි – 10 කොටස ( අවසාන කොටස )

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

Shanudrie එක්ක Photoshoot එකක්

සංකල්පය           : Gayani Batz ඇඳුම් නිර්මාණය  : Gayani Batz හැඩගැන්වීම        : Gayani Batz ජයාරුපකරණය   :Gayani Batz Media Crew / Chamara Jayawardana / MI...