Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

වෙනස් වීදිහට කුකුළු මස් කන්න කැමති අයට

අපි හැමදාම කුකුළු මස් කන්නේ කරී චිකන් හදල. එහෙමත් නැත්නම් ඩෙවල් දාලා. ඉතින් හැමදාම එකම විදිහට චිකන් කන්නේ නැතුව වෙනස් විදිහකට චිකන් කන්න කැමති අයටයි අද අපි මේ ක්‍රම දෙක කියල දෙන්නේ.

පෘතුගීසි ක්‍රමයට සැදූ කුකුළු මස්

කුකුළු මස් තරමක් ලොකු කැබලි 6ක්
ඔරිගානෝ තේ හැන්දක්
අමු මිරිස් කරල් 2
සුදු ලුණු ගෙඩියක්
කරාබු නැටි 2ක්
මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
විනාකිරි මිලි ලීටර් 60ක්
ඔලිව් තෙල් මිලි ලීටර් 60ක්
රස පදමට ලුණු
තලාගත් ගම්මිරිස් කුඩු තේ හැඳි 3ක්

මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල හොදින් සෝදා ගන්න. අමු මිරිස් , සුදු ලුණු,කරාබු නැටි ටික සිහින්ව අඹරා ගන්න. පසුව තලාගත් ගම්මිරිස් කුඩු, ඔරිගානෝ,මිරිස් කුඩු සමඟ හොදින් මිශ්‍ර කරගන්න. එයටම කුකුළු මස් ද එකතු කරන්න. විනාකිරි හා ලුණු කුඩු එයටම දමා හොඳින් කවලම් කර සීසන් වීමට මිනිත්තු 30ක පමණ කාලයක් තබන්න. පෑන්එකක් ලිප මත තබා එයට ඔලිව් තෙල් දමා රත්කරගන්න. සීසන් වීමට තැබූ මස් ටික එයට දමා හොඳින් පුළුස්සා ගන්න. වැඩි රසයක් එක්කර ගැනීමට මස් ටික මත ඉහත මිශ්‍රණය නැවත නැවතත් තවරන්න.

 

රම්පේ කොලවල එතු කුකුළු මස්

කුකුළු මස් 200g
ළුණු ගෙඩියක්
සුදු ළුණු ගෙඩි 2ක්
ඉඟුරු 10g
පාසලි තේ හැඳි 2ක්
බිත්තර කහ මදයක්
සෝයා සෝස් ටිකක්
රස පදමට ලුණු
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
එළවලු තෙල් 250ml
ටූත් පික් 15ක් පමණ

පළමුව අවශ්‍ය ද්‍රව්‍ය හොඳින් සෝදා ගන්න.ඉන්පසු කුකුළු මස් සියල්ල හොඳින් අඹරා ගන්න. ළුණු, සුදු ළුණු , ඉඟුරු, පාසලි වෙනම අඹරා ගන්න. ඉන්පසු අඹරා ගත කුකුළු මස් සමඟ හොදින් කලවම් කරගන්න. එයටම බිත්තර කහ මදය, සෝයා සෝස්, ගම්මිරිස් කුඩු ලුණු එකතු කරගන්න. දැන් මිශ්‍රණය සීසන් වීමට 15 මිනිත්තු පමණ තබන්න. ඉන් පසු රම්පේ කොලයක් රැගෙන එහි අගට සීසන් වීමට තැබූ කුකුළු මස් මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා සමෝසා ඔතන ආකාරයට ඔතා ගන්න. රම්පේ කොලය ලිහිල් වීමට නොදී ටූත් පික් ගසා ගන්න. දැන් පෑන් එක ලිප තබා තෙල් එක්කර රත් වීමට තබන්න. පෑන් එක රත් වීගෙන එන විට එයට රම්පේ කොලවල එතූ කුකුළු මස් දමා බැදගන්න. සියල්ල හොඳින් බැද ගත පසු අපසු කොලය ඉවත් කර සෝයා සෝස් සමඟ කෑමට ගන්න.

 

Popular Articles