Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ඩොල්ෆින් බලන්න කල්පිටියට යමු

 

කොළඹ පුත්තලම මාර්ගයේ 170km පමණ දුරනික් සුන්දර කල්පිටිය වෙරල තිරය පිහිටා තිබෙනවා. පටු වෙරළ තීරයකින් සමන්විත කල්පිටිය කිලෝමීටර් 100ක් පමණ දිගින් යුක්තයි. කලපුවාසී ඩොල්ෆින් වර්ශයේ සෑම කාලයකදිම පාහේ දැක ගැනීමට හැකි අතර සාගරවාසී ඩොල්ෆින් දැක ගැනීමට නම් මිනිත්තු 30ක පාමණ මුහුදු ගමනක යෙදිය යුතුය.

කල්පිටිය ආසන්නයේ විවිධ වර්ණයෙන් අලංකාර මුහුදු ජීවින්ගෙන් සහ මසුන්ගෙන් සමන්විත කොරල් පර කිහිපයක්ම පිහිටා තිබේ. මෙහි ඇති ලවන ජලයේ සරුවට වැඩෙන කඩොලාන ශාකද බෝහෝ සෙයින් දැකගත හැකිය. එමෙන්ම කාලයකදී කල්පිටිය වෙරළ තීරය කැස්බෑවුන් බිත්තර දැමීමට එන බැවින් කැස්බෑවුන් වෙරළ සොයා එන කාලයට කැස්බෑවුන් දැක බලාගැනීමේ අවස්ථාවද කල්පිටියේ සංචාරය කිරීමේදී හිමි වේ.

කල්පිටියට ඉහලින් දූපත් 12 ක් පිහිටා ඇත. ඉතා අඩු මිලට බෝට්ටු සවාරියක් ගොස් දූපත දැක බලාගෙන අවශ්‍ය අයට බත්තලංගුණ්ඩු බෝට්ටු සවාරිය කදිම තෝරා ගැනීමකි. දුපතක කඳවුරු බැදීමටත් අවශ්‍ය පහසුකම් සපයන පිරිස්ද කල්පියේදී සොයාගත හැක. නමුත් වඩාත් සුදුසු වන්නේ නාවික හමුදාවේ අනුමැතිය සහිතව කඳවුරු බැදීම සුදානම් කිරීමය.

ලංකාවේ පැරණිතම ක්‍රස්තියානි පල්ලිය ලෙස සැලකෙන තලවිල ශාන්ත ආනා දේවස්ථානයද කල්පිටි සංචාරයේදී දැකගත හැකි අපුරු ස්ථානයකි.

සුලං බලයත් නිසංසල මුහුදත් ඇති කල්පිටිය වෙරළ තීරය කයිට් සර්ෆින් වලටම සුදුසු ස්ථානයකි. ලාංකිකයන් මෙන්ම විදේශිකයන් ද හරි හරියට කයිට් සර්ෆින් වල යෙදෙන ආකාරය ඔබටට මෙහිදී දැකිය හැකිය.

Popular Articles