Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

මානසික සැහැල්ලුව ගොඩනැගීම ද විනෝදවීම තුළ අඩංගු බව සිහියේ තබා ගන්න

මහන්සියෙන් වැඩ කටයුතු කළ දවසකට පසුව කවිච්චියක දිග ඇදී පැය 3 – 4 ක් රුපවාහිනිය නැරඹීම සඳහා වාඩි වන විට තිබු තෙහෙට්ටුවටද වඩා වැඩි තෙහෙට්ටුවක් එසේ රුපවාහිනිය නැරඹු පසු දැනීමය.

සමබර ජීවිතයකට විනෝදාස්වාදය බරපතළ ලෙස වැදගත්ය. එහෙත්, ඒ විනෝදාස්වාදය නිසා ඔබ තුළ පුනර්ජිවයක්ද ඇතිවිය යුතුය. විනෝදය මඟින් ඔබ පිළිසකර වී ආපසු ජීවිතය කරා ආ යුතුය. සැබෑ විනෝදය නිසා ඔබේ සුභවාදී හැඟීම් සහ ජවය යලි අවදි විය යුතුය. ප්ලේටෝ පැවසු පරිදි ” මගේ විශ්වාසය නම් කිසිඳු ශාරීරික විශිෂ්ටත්වයක් නිසා ආත්මය දියුණු නොවන නමුත් ආත්මීය විශිෂ්ටත්වය මඟින් සිරුර දියුණු වන බවය. ” ඒ අනුව යමක් ඵලදායක විනෝදයක් වීමට නම් ඒ තුල ඔබේ ආධ්‍යාත්මය සනසන යමක් අන්තර්ගතව තිබිය යුතුමය.

Popular Articles