Saturday, April 20, 2024

Top 5 This Week

Related Posts

online සාප්පු සවාරියක් යමු

පෝලිමේ සිට සාප්පු තුන හතරකට පයින්ම ගොස් කේවල් කොට බඩු ගත්ත කාලයට තිතක් වැටුනේ මේ online සාප්පු සවාරි නිසයි. කිසිම තදබදයක්, රස්තියාදුවක්, මහන්සියක් නැතුව වුවමනා කරන දේ නිවසටම ගෙන්වා ගත හැකි මෙම ක්‍රමය දැන් තාක්ෂණයේ පිහිටෙන් ලෝකමය ආක්‍රමණය කොට ඇත. මේ online සාප්පු සවාරි ගැනයි.

අන්තර්ජාල පහසුකම තියෙන ඕනිම යන්ත්‍රයක් උපයෝගී කර ඔන්ලයින් සාප්පු සවාරි යන්න පුළුවන්. ඩෙක්ස්ටොප් පරිගණක, ටැබ්ලට් පරිගණක, ජංගම දුරකථන, වැනි ඕනිම උපකරණයකින් ඔන්ලයින් සාප්පු සවාරි යන්න පුළුවන්. ඒවාට ෂොපින් සර්ච් එන්ජින් නමින් සෙවුම් යාන්ත්‍රණ සකසා තිබෙනවා. ඒවායේ එක එක අලෙවිකරුවන්ගේ සහ නිෂ්පාදකයින්ගේ වෙළඳ භාණ්ඩ මිල සමඟ ඉදිරිපත් කොට ඇති අතර එක එක සෙවුම් යන්ත්‍ර වල මෙම මිල වෙනස් විය හැකිය. එවිට ඒවායේ මිල සසඳා අඩුම මිල යතේ ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරා ගත හැකිය.

ඔබට මිලදී ගැනීමට අවශ්‍ය උපකරණයේ නම සෙවුම් යන්ත්‍රයේ ටයිප් කොට සොයා බැලීම කල හැකියි. නමුත් මේ ක්‍රමය වඩාත් සුදුසු වන්නේ යාන්ත්‍රණයක වට්ටම් ලබන පාරිභෝගිකයෙකු නම් පමණයි. එසේ නොවේ නම් ගුගල් වැනි සාමාන්‍ය සෙවුම් යන්ත්‍රයක ඔබට අවශ්‍ය දේ සොයා බැලිය යුතුයි. මෙහිදී ඔබ සොයන වපසරිය දැක්වීම ඉතා සුදුසුයි. උදාහරණයකට “TV prices in Sri Lanka”

භාණ්ඩ වල ප්‍රමිතිය පිලිබඳ වගකීම තිබෙන්නේ ඔබේ අතේයි. අදාළ භාණ්ඩ මිලට ගැනීමේදී එහි දී ඇති විස්තරය හොඳින් කියවන්න. සවිස්තරව අදාල භාණ්ඩයේ විතර වෙබ් පිටුවේ පල නොවේ නම් අදාළ ඔන්ලයින් සාප්පුවේ ඇති පාර්භෝගික සේවා අංකයට කතා කොට විස්තර දැනගත හැකිය. එසේත් නොමැතිව විස්තරයක් පල නොකොට පාරිභෝගික සේවා ලබා ගත නොහැකි නම් එම භාණ්ඩ මිලදී ගැනීම ඉතා අනතුරුදායකයි.

ඔන්ලයින් සාප්පු වල මුදල් ගෙවිය හැකි ක්‍රම දෙකක් තිබෙනවා. ඒ භාණ්ඩය වෙන් කල විගස ගෙවීම් කිරීම හෝ භාණ්ඩය ලැබුන පසු ගෙවීම් කිරීමයි. මින් ආරක්‍ෂිත ක්‍රමය වන්නේ භාණ්ඩ ලැබුන පසු ගෙවීම් කිරීමයි. එවිට භාණ්ඩයේ තත්වය සොයා බලා ගෙවීම් සිදු කල හැකියි.

ඔබ ලංකාවේ නොවන ඔන්ලයින් සාප්පුවකින් භාණ්ඩ මිලදී ගතහොත් අන්තර්ජාතික මුදල් ඒකක පිලිබඳ දැනුම ඔබට තිබිය යුතුය. විවිධ යාන්ත්‍රණ ඒ ඒ රටේ මුදල් ඒකක භාවිතා කරනු ලබයි. ඔන්ලයින් සාප්පුවකින් ඔබ මිලට ගන්න භාණ්ඩ ඔබ වෙත සැපයෙන දින ගණන එම සාප්පු වෙබ් පිටුවේ සඳහන් කර තිබේ. එමෙන්ම භාණ්ඩ බෙදා හැරීම සඳහා ඔවුන් අය කරන ගාස්තුවද ඔබ භාණ්ඩය වෙනකල වහාම දැනුම්දෙනු ලැබේ. ඒ පිලිබඳ සැලකිලිමත් වී භාණ්ඩ මිලදී ගැනීමට ඔබ උනන්දු විය යුතුය.

Popular Articles