Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ඔසුවකට ආහාරයකට වගේම පිරිසිදුවටත් කදිම දෙහි

දෙහි යුෂ ආහාර වලට එක් කිරීමෙන් රසය වගේම පානයක් ලෙස සැකසු විට එන රසයත් කාටත් අමතක නොවුණු නැවුම් රසයක්. ඒ නිසාම ආහාර රසවත් කිරීමට ගෘහනියන්ට දෙහි දාන්න නම් අමතක වෙන්නේ නැහැ. නමුත්, ඔබේ ආහාර රසවත් කරන දෙහි ඔබේ නිවසේ අත් උදව්වට ගත හැකි බව ඔබ දැන සිටියා ද? භාජන පිරිසිදු කරගන්න. මුළුතැන්ගෙයි අවට පරිසරය පිරිසිදු කරන්නත් දෙහි වලින් ලැබෙන ප්‍රයෝජන බොහොමයි.

 

කුණු බැහැර කරන භාජනය පිරිසිදු කිරීම

දෙහි කැබලි කිහිපයක් කපා කුණු බඳුනෙහි දැමු විට එහි දුගඳ ඉවත් කරගැනීමට ඔබට හැකි වේ.

දෑත් පිරිසිදු කරගැනීමට

උයන පිහන කටයුතු වලදී ලුණු, සුදු ළුණු, බිට් ආදිය කැපූ විට එහි දුගඳත්, පැහැයත් දෑතේ දවස පුරාම පවතී. එම තත්වයන් මඟ හැර ගැනීමට දෙහි යුෂ ස්වල්පයක් අත්ලට ගෙන අතුල්ලා පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.

රිදී භාණ්ඩ වල දීප්තිය ඇති කර ගැනීමට

දෙහි යුෂ ලුණු සමඟ ගෙන ඔබේ රිදී භාණ්ඩයේ මෘදු ලෙස අතුල්ලන්න. මෘදු රෙදි කඩක් ගෙන පසුව එය පහලට පිස දමන්න.

මයික්‍රෝවේව් උඳුන පිරිසිදු කර ගැනීමට

මයික්‍රෝවේව් බඳුනට දෙහි බිංදු කිහිපයක් දමන්න. එය මිනිත්තු හයක් පමණ පිසගන්න. ඉන් පසු මෘදු රෙදි කඩකින් බඳුන පිස දමන්න.

නිවසේ ලී භාණ්ඩ පිරිසිදු කර ගැනීමට

එළවළු කපනය ( cutting board ), රෝලින් පින්ස් ( rolling pins ), බඳුන් ආදී ලින් තනු උපකරණ දෙහි යුෂවලින් පිස දමන්න. එවිට ඒවායේ පැල්ලම් සහ දුගඳ නැති වේ.

 

නාන කාමරයේ පුස් බැඳීම් ඉවත් කිරීමට

නාන කාමරයේ ඇති ටයිල්වල සහ ටයිල් අතර පුස් බැඳීම සාමාන්‍යයෙන් සිදු වන සුලභ කරුණක්. ඒවා ඉවත් කර ගැනීමට සාමාන්‍ය ප්‍රමාණයෙන් දෙහි යුෂ සහ බේකින් සෝඩා ගෙන මිශ්‍ර කරන්න. ඉන් පසු ටයිල් මත හා පුස් බැඳුණු ස්ථාන වල මෙම මිශ්‍රණය දමා අතුල්ලන්න. එය පැය තුනක් පමණ තබා සෝදා හරින්න.

මුළුතැන්ගෙයි දුගඳ වටපිටාව ඉවත් කිරීමට

දෙහි බෑයක් වතුර බඳුනක දමා තැබීමෙන් කුස්සියේ ඇති දුර්ගන්ධය ඉවත් කර ගැනීමට පුළුවන්. විනාඩි 30ක් හෝ 45ක් අතර කාලයක් එය හොඳින් නටවන්න. එවිට දුර්ගන්ධය ඉවත් වේවි.

Popular Articles