Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

මම ඔයාට හරි ආදරෙයි

අද උදෙත් ඔයා ඇස් ඇරලා උදා වෙන අද දවස දිහා බලන්න තරම් වාසනාවන්ත වුනා නම් නොපමාව කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඔයාට ආදරෙයි කියන්න අමතක කරන්න එපා.

අපි මුලින්ම අපිට ආදරය කරන්න පුරුදු වෙමු. ඔයා ඔයාට ආදරය කරන තරමට ඔයා ඔයාව ගෙනියන්න පුළුවන් ඉහලම තලයකට ගෙනයාවී. ඔයා ඔයාව විශ්වාස කරන තරමට ඔයාට දෙන්න පුළුවන් හොදම දේවල් ඔයා විසින්ම ඔයාට ලබා දේවී. ඉතින් අපි කතා කරමු අපි අපිට ආදරය කරන හැටි. “SELF LOVE” තමන් විසින් තමන්ට ආදරය කිරීම. එහෙමත් නැත්නම් “ස්වයං ආදරය” කිරීම කියලත් කියන්න පුළුවන්.

ස්වයං ආදරය “Self Love” කියලා කියන්නේ අපේ ශාරිරික, මානසික සහ ආධ්‍යාත්මික වර්ධනයට සහාය වන ක්‍රියාවන්ගෙන් වර්ධනය වන තමා ගැනම කරන අගය කිරීමට. තමන්ගෙ යහපැවැත්ම සහ සතුට ගැන ඉහළ සැලකිල්ලක් දැක්වීම. අන් අය, අවට ලෝකය සතුටු කිරීමට තමන්ගෙ යහපැවැත්ම කැප නොකිරීම කියන කාරනා ටික.

Self Love එහෙමත් නැත්නම් “ස්වයං ආදරය” විධි කීපයකට බෙදෙනවා.
ඒ තමයි

  1. ස්වයං අවබෝධය
  2. ස්වයං වටිනාකම
  3. ආත්ම අභිමානය
  4. ස්වයං රැකවරණය
    මේ වචන වල තේරුම් වලින්ම ඔයාට තේරෙනවා නේද ඔයා ඔයාව කොයිතරම් ආදරෙන් පරිස්සම් කරන්න ඕනෙද කියලා. ලෝකයට ආදරය බෙදන්න කලින් අපි අපිට ආදරය කරලා ඉමු. අපිව ආදරයෙන් පුරවගමු.

ඉතින් අපි මේ එකින් එක ගැන වෙන වෙනම කතා කරමු.
මොකක්ද මේ ස්වයං අවබෝධය කියලා කියන්නේ? ඇයි ස්වයං අවබෝධය එහෙමත් නැත්නම් Self Awareness අපිට වැදගත් වෙන්නේ?

ස්වයං අවබෝධය කියලා කියන්නේ තමන්ට තමන් ගැන අවධානය යොමු කරන්න තමන්ට තියෙන හැකියාව සහ තමන් වෙනුවෙන් තමන් විසින් කරන ක්‍රියාවන්, තමන්ගේ සිතුවිලි හෝ චිත්තවේගයන් තම අභ්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන හෝ නොවන ආකාරය තේරුම් ගැනීමට තියෙන හැකියාව. අපි අපිව කොයි තරම් දුරට තේරුම් අරන් ඉන්නවද කියන කරුණ අපිට හරිම වැදගත්.

ස්වයං අවබෝධය මගින් යම් යම් අවස්ථාවලදී අපේ හැසිරීම් සහ එලෙස හැසිරීමට ක්‍රියාකල සිතුවිලි හා ආවේග ගැන අවබෝධයක් ගන්න වගේම ඒ දේවල් කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියලා හිතලා බලන්න අපිටම පුළුවන් වීම එක්ක අපිට නිදහස ලබා දෙනවා ඒ ඒ අවස්ථානුකූලව අපේ හැසිරීම් සහ සිතුවිලි වෙනස් කරගෙන අපිට අවශ්‍ය විදියට අපේ ජීවිතය හසුරවගන්න.
නිකමට උත්සාහ කරලා බලන්න ඔයාට තරහා එන වෙලාවක තරහා යටපත් කරලා හිනාවකින් ඒ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන් ද කියලා. ඒක තමයි ඔයා ඔයාට ආදරය කරන පලවෙනි පියවර. තමන්ගෙ චිත්තාවේග හැගීම් තමන් විසින්ම පාලනය කිරීමට ඉගෙන ගැනීම. කරදර වෙන්න කාරණා තිබුණත් එක් හොද දෙයක් ගැන හෝ අවධානය යොමු කිරීම.

මම ආයෙමත් එනකන් පුළුවන් නම් ඔන්න ඔය උඩ කිව්ව කාරනාව උත්සාහ කරලා බලන්න.
ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම ❤️

මීට ආදරණීය අවේණි ❤️

වෘත්තීය මනෝවිද්‍යා උපදේශිකා
දේශානි අවේණිකා සියඹලාපිටිය

Popular Articles