Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

යාළුවොත් එක්ක කෑම්ප් ගහන්න නියම තැනක්

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ගම්මානයේ පිහිටා ඇති මෙම බෝඹුරු ඇල්ල දෙවන රාජසිංහ කාලය දක්වා ඉතිහාසයක් තියනවා..රජුගේ හිටපු ඇතා දන්වැල් කඩාගෙන කැලේට පැන්නා .පසුව අඬබෙර කරුවන් යව කිව්වලු ඇතා අල්ලලා දෙන කෙනාට ගම් වාරයක් දෙනවා කියල. ඉතින් ගමේ හිටපු වනසිංහ මුත්තා ඇතා අල්ලලා බෝ ගැහෙ බන්දා. ඉතින් ඇතා බෝ ගහ මුල ගැට ගැසීම නිසා එය බෝමුලේ ගම යන නමින් ප්‍රසිද්ද විය. පසුව බෝ මුල බෝඹුරේ යනුවෙන් හදුන්වල තියෙනවා.

වැලිමඩ අඹගස් දුව හන්දියෙන් හැරිලා තමයි මේ බෝඹුරේ ඇල්ලට යන්න තියෙන්නේ. සංචාරක ආකර්ෂණය දිනා ගත් තැනක් නොවන මෙය වැලිමඩ සිට 15km දුරින් පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 1500වඩා උසින් පිහිටා ඇති මෙය ලංකාවේ ඇති විශාල පළලක් ඇති දිය ඇල්ලක් වේ.මෙය ඉතාමත් සුවිශේෂී දිය ඇල්ලක් වේ. දෙමුහුම් දිය ඇල්ලක් වන මෙහි එක තැනකින් වතුර ඇවිත් දෙපැත්තට බෙදී වතුර වැටෙනවා. ඒ වගීම පිදුරුතලාගල කඳු වැටියේ කොටසකින් ඇදහැලෙන පෙම්වතුන්ගේ දිය ඇල්ල, නැත්තම් lovers leap නිර්මාණය වේ. එතනින් පහලට ගලාගෙන ඇවිත් හාව එළිය ජලාශයට ඇද හැලේ. එතනිනුත් පහලට සඳතැන්නෙන් බොරලන්ද ජලාශය නිර්මාණය වෙනවා. එතනිනුත් ගලාගෙන ඇවිත් උමා ඔය හදන්න මූලික වෙන පුංචි ගංගාවක් වන දුල්ගල ගඟින් තමයි මෙමෙ ඇල්ල නිර්මාණය කරන්නේ….

1842m උසැති මෙම දිය ඇල්ල අදියර 4ක් ඔස්සේ ඇද හැලෙයි. මෙම පළල දිය ඇල්ල තැන 4කින් කඩා හැලෙයි.

 

 

 

 

 

 

Popular Articles