මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ මන්දිරේක සිරගත වුණා කියන්න නම් පුළුවන්. වතික ස්වාමිපුරුෂයා නොවුණු ස්වාමිපුරුෂයා කසාද සහතිකේට අනුව. මට වතික ගැන හැඟීමක් නෑ. එයාටත් එහෙමයි. හැබැයි මාව බැන්ඳේ ඇයි කියලා මටත් වඩා මගේ ගෙදර අය තේරුම් ගන්න කොට වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි. ඉතිං… දුවත් එක්ක ජීවිතය දිනන “මේ මගේ කතාවයි”
අවුරුද්දෙන් පස්සේ හැමෝම මහන්සි වුණේ Fashion Designer Competition එකට. හැමෝගෙම අදහස් යෝජනා එක්ක fancy dress එකක් කරන්න තීරණය කළා. මම internet එක පීරලා හෙව්වා එක එක විදියේ fancy dress fashions. දුවත් එක එක ඒවා ඇඳලා දුන්නා. දුවට හරි ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. එයා ආසයිලු Painter කෙනෙක් වෙන්න. මම හැමවෙලේම කියන්නේ මොන දේ කළත් මේ ලෝකේ මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න කියලා. නැත්තන් මොන රස්සාව කළත් මොන තරාතිරමක හිටියත් වැඩක් නෑ.
කෙල්ල හම්බුවෙන්න ඉද්දි මට බයත් හිතුනා වතික වගේ වෙයිද කියලත්. මම ඒක නිසාම පිරිත් අහන්න, ලස්සන සිංදු අහන්න, හොඳ කතා කියවන්න වගේ හිතට සනීපයක් දැනෙන දේවල්ම කරන්න පුරුදු වුණා. ඇත්තටම අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක් තිබුණේ නෑ. වතිකගේ වෙනස්වීම් එක්ක මම ගෙව්වේ එහෙම ජීවිතයක් තමයි.
 “අම්මා…මේක කොහොමද….” කියලා අහන් දුව ආවා රෑ කාමරේට.
 කෙල්ල හරි ලස්සන ඇඳුමක් design කරලා.
 “Woow…ඒක නම් නියමයි පුතා….” peacock colors එක්ක ඒක හරිම ලස්සනට තියෙයි කියලා හිතුනා.
 “අම්මා කරන්නේ peacock theme එක නිසා ඔළුවට අර මොණරගේ වගේ චූටි පිහාටු තියෙන band එකක් දාමු. එහෙම නැත්තන් fancy නිසා tiara එකක් හරි feathers දාලා…” කෙල්ල කියන් යද්දි මට මැවිලා පෙනුනා.
 “ඔයාටම තමයි අපේ මොණර පැටික්කි වෙන්න වෙන්නේ….” මම කෙල්ලගේ කම්මුලක් මිරිකලා කිව්වා.
 “අපි පවීට කතා කරමු අම්මා. එයාගේ කොණ්ඩේත් නිකන් මොණර පිලක් වගේනේ….” පවනි කියන්නේ දූගේ හොඳම යාළුවා. මට සේයා වගේ.
 “පවීගේ අම්මා කැමති වෙයිද…?” පවනි කොහොම වුණත් පවනිගේ අම්මා නම් අමුතු චරිතේ. Bank එකක වැඩ කරන නිසා වෙන්න ඇති.
 “අයියෝ…just leave it to me sudu. I’ll take care of her….” කෙල්ලගේ පණ්ඩිතකම.
 “බලකරන්න එපා ඒත්. දන්නවනේ ඒ අම්මා ටිකක් උඩින් ඉන්නේ කියලා….” මම කෝකටත් කිව්වා.
 “මම ඒක දන්නවා අම්මේ. ඒ ආන්ටි හිතන් ඉන්නේ එයා Central Bank එකේ ලොක්කා කියලා. ඒ වුණාට මාත් එක්ක ෂේප්…”
 පවනිගේ අම්මත් saree jacket මහන්නේ අපෙන්. පුෂ්ටිමත් ඇඟක් තියෙන නිසා එයාගේ saree jacket මහන්න ආවම අපේ අයට දාහක් උපදෙස් දීලා යන්නේ. මොන දේ කිව්වත් අපේ අය මහන්නේ අපේ විදියටම තමයි. හැබැයි අද මේ වෙනකල් කිසිම අවුලක් නම් වෙලා නෑ. පොඩ්ඩක් විතර උඩින් ඇවිදින එක ඇරෙන්න වෙන කියන්න තරම් අවුලකුත් නෑ මනුස්සයගේ.
 “එයාව තරහා කරන් බෑ. අපේ වැඩ වලට Bank එකේදි සෑහෙන්න උදව් කරනවා….” මම කියද්දි දුව හිනාවුණා.
 “ඒකත් නිකන් තිත්ත නිසා බොන්නත් බෑ බියර් නිසා අහක දාන්නත් බෑ වගේ සීන් එකක් නේ….”
“හම්මේ ඔව්…ඒක නම් නියම බියර් කල්දේරමක් තමයි….” මම කියද්දි දුව හයියෙන්ම හිනාවෙලා,
 “පවිත් බයේ ඉන්නේ එයත් අම්මා වගේම බෝලයක් වෙයි කියලා….” කිව්වා.
 “ඒ මනුස්සයා දවසම එක තැන වාඩිවෙලානේ ඉන්නේ. ඇඟට ව්‍යායාමයක් වැටෙන්නේ නෑනේ….එයා නිසා අපිට Bank එකේම customersලා කීයක් හම්බුණාද…? ඒක නිසා එයාව පරිස්සමින් ආශ්‍රය කරන්න ඕනේ….”
“අම්මා බයනොවී ඉන්න. මං පවීව අරන් එන්නම්. ඒ හැටි වෙලාවකට නෙමෙයිනේ. පවී ඔය වැඩ වලට හෙණ ආසයි මටත් වඩා. එදා මම ක්ලාස් ඇන්ද skirt එකට පිස්සු වැටිලා. දැන් එයාට ඒකම ඕනෙලු වෙන color එකකින්….” දුව කියාගෙන ගියා.
 “අයියෝ ඕක මොකක්ද? මහලා දෙමු ඉතිං….” ඇඳුමක් මහන එක කොහොමත් අමාරු දෙයක් නෙමෙයි මට.
 මහන එකෙන් පුදුමාකාර ආශ්වාදයක් ලබනවා මම. හැබැයි අර කලිනුත් කිව්වා වගේ සේදිල්ලයි, නැමිල්ලයි නැත්තන් ඒක තවත් හරි සුන්දරයි.
 කෙල්ල දක්ෂයා. එයාගේ යාළුවගේ අම්මගෙන් permission අරන් තිබුණා. හැබැයි ඊට පහුවදාම පවනිගේ අම්මා මාව හොයන් ආවා. එනකොට එන්නෙත් නිකන් නෙමේ. කන්න බොන්නත් අරන්. ඒක නිසා මම නිකන් හම්බුවෙන අස්සයගේ දත් ගණන් කරන්න යන්නේ නෑ කොහොමත්.
 “කොහොමද නෙත්මි….?” Bank එකේ customerට දාන හිනාවම මටත් දාගෙන පවනිගේ අම්මා, රේණු ඇහුවා.
 “වරදක් නෑ. හොඳින් ඉන්නවා රේණු….මොකෝ මේ පැත්තේ…?”
 “අනුකි මොකක්ද මේ fashion show එකක් ගැන කිව්වා…”
 “අනේ ඔව්… මේ fashion designersලගේ competition එකක්. ඉතිං මම ඒකට fancy dress එකක් කරනවා. මම අපේ අනුකිට dress කරමු කිව්වම එයා කිව්වේ පවනි ආසයි කියලා. මම කිව්වා ඔයාගෙන් අහන්න ඕනේ කියලා. ඒක අහන්න ඇත්තේ ඔයාගෙන්…”
 “පවනි නම් උඩ පැනලා කැමතියි. කමක් නෑ නෙත්මි. ඔයාගේ වැඩක් නේ. ලස්සනට කරගන්න. දුවව ඕනේ කවදටද….?” මට හිතාගන්න බැරි වුණා රේණු වැඩිදුර දේවල් අහන්නෙ නැතුව කැමති වුණ එකට.
 “මම ඇඳුම මහද්දි කියන්නම් රේණු. Measurements ගන්න. ඉතිං… ඔයාට saree jacket එහෙම….?”
 “සාරි දෙකක් ගත්තා. ඒ වුණාට ඒ දෙකේම jacket piece හරි නෑ නෙත්මි. මම ගෙනත් දුන්නොත් ඔයාට රෙදි දාලා මහන්න පුළුවන්නේ…?”
 “අයියෝ ඕක මොකක්ද…? ඔයාට ඕන material එකක් කියන්න. අපි ළඟ තියෙනවනේ….”
 “හරි darling එහෙනම් මම සාරිත් අරන් එන්නම් වෙලාවක. ඔන්න මම ඔයාට මස්කට් අරන් ආවා. ඔයාගේ ආසම කෑමනේ….”
 රේණු කියද්දි මට හිනාගියා. මගේ customersලත් දන්නවා මම ආස කෑම.
ඒත් වතික…? නිකන් ආසාවටවත් අහලා නෑ කන්න ආස මොනවද කියලා.
 “මොනාද බංකු බංකු කියන්නේ…?” සේයා රේණුට කියන්නේ එහෙම තමා.
 “එයාගේ දුව පවනිව ගමු කිව්වනේ dress කරන්න. අපේ පණ්ඩිත ආච්චි ඊයේ ඕක කියලා….”
 “ගෑණි බෑ කිව්වද…?”
 “අපෝ නෑ…කවද්ද එක්ක එන්න ඕනේ ඇහුවා…”
 “පුදුමයි…හැබැයි එතකොට ගෑණිට කියන්න පුළුවන්නේ අපේ daughter තමා dress කළේ කියලා. නයා පාර එසේ මෙසේ නෙමෙයිනේ….”
 “දුවලගේ ඉස්කෝලෙන් permission ගන්න ඕනේ ඔක්කොටෝම කලින්. හෙටවත් ඉස්කෝලෙට යන්න ඕනේ…”
 “අපෝ ප්‍රින්සිපල් උඹට මුකුත් කියන එකක් නෑ….”
 “ඒ වුණාට මම හිතන්නේ නෑ දෙයි කියලා. බැරිවුණොත් අපි සකුනි ගමු. ඒකිත් ලස්සනයිනේ….”
 “ඉස්කෝලෙන් අහලා ඉමුකෝ…..”
 මම හිතුවා වගේම ඉස්කෝලෙන් permission දුන්නේ නෑ. තාම පොඩි කෙල්ලෝ නිසා. ඒත් මම ඒ උත්තරේට ලෑස්ති වෙලා ගිය නිසා මට ඒක ඒ හැටි ගාණක් වුණෙත් නෑ.
 “අයියෝ…පව් අම්මා පවී. හොඳටම අප්සට් වෙලා….” රෑ කකා ඉද්දි දුව කිව්වා.
 “කරන්න දෙයක් නෑ පුතා. ඔයාලා ඉස්කෝලේ යන ළමයි. තාම පොඩියි. අපි අම්මලා වුණාට ඔයාලා හැදෙන්නේ ඉස්කෝලේ නීති එක්ක. ඒවට පිටින් වැඩ කරලා ප්‍රශ්ණ ඇති කරගන්න බෑ මට…”
 “ඒ වුණාට අම්මේ…?”
 “චූටි දූ…තේරුම් ගන්න. සෙල්ලමක් නෙමේ….හැම මිනිහෙකුටම විනයක් ඇතුව හැදෙන්න ඕනේ නිසා තමා ඉස්කෝලෙක එහෙම නීතී තියෙන්නේ. එහෙම නැත්තන් ගාල කඩාගත්ත හරක් වගේ යයි ඔයාලා. දැකලා ඇතිනේ ගාලෙන් එළියට දාන හරක්ටත් කෝටු පාර දෙනවා. උන් පිළිවෙලයි මිනිස්සුන්ට වඩා නම්. දහ අට වෙන්නකෝ. ඊට පස්සේ බලමු….” මම දුවට තේරෙන සිංහලෙන් කියලා දුන්නා.
 පවනි නම් හොඳටම අප්සට් වුණා. ඔය වයසේ කෙල්ලන්ගේ හිත් පාවෙන සමනළ් පිහාටු වගේ. හරි ඉක්මණට රැවටෙනවා. කෙල්ල ගොඩක් hopes තියන් ඉන්න ඇති. රෑ තිස්සේ හීනෙනුත් දකින්න ඇති. පව්.
 “අම්මා…වෙසක් එකට දන්සැලක් දෙමුකෝ අපි…” අන්න මගේ දානපති කෙල්ල.
 “නියමයිනේ. කොහෙදිද දෙන්නේ…??”
 “අම්මගේ shop එක ළඟ. ඉස්සරහ parking එකේ…”
 “ඔව්..නරක නෑ අදහස නම්…ඒත් දෙන්නේ මොනවද…?”
 “අයිස් ක්‍රීම් බෑ. කඩල තම්බලා දෙමු. පාන් එක්ක සීනි සම්බෝල. මඤ්ඤොක්කා….” කෙල්ල එයා ආස list එක කියන් ගියා.
 “මම office එකේ අයගෙන් අහන්නම්කෝ….දෙන්න දෙයක්….”
 “ඔන්න මමයි මගේ යාළුවොයි එනවා support එකට….”
 “අහ්හ්…මේ කට්ටිය මේ ගැන්සි බහින්න….”
 “පිනට…පිනට…” කෙල්ල කැරකි කැරකි කිව්වා.
“උඹත් නැත්තන් මං මැරිලා කෙල්ලේ….” කියලා මගේ හිත කිව්වේ දුවගේ දහංඟලේ හිතින් විදින ගමන්.
©නදීශානි බණ්ඩාර

මේ මගේ කතාව – 04 කොටස

මෝහන ප්‍රතිකාරයේ විශ්මය

" ස්වාපනය " නොඑසේ නම් මෝහන නිද්‍රාවට පත් කිරීම තුළින් විවිධ වූ මානසික රෝග පිඩාවන්ට සහනය ලැබිය හැකි බව ඔබත් අසා ඇති. මෙලෙස නින්දකට...

mega sale in cool planet

7 March - 9 March 7 March at 9:30 to 9 March at 8:30 JR Jayewardene Centre JRJC No 191 Dharmapala Mawatha, Colombo, Sri Lanka

HIV රෝගීන් සමාජයෙන් කොන් කළ යුතුද

HIV එහෙමත් නැත්නම් AIDS ගැන සමාජ කතිකාවතක් ඇති වූයේ 90 දශකයේදීය. මුල් කාලයේ මේ පිළිබඳව එතරම් දැනුමක් සමාජය තුළ නොවූ අතර රෝග ව්‍යප්තිය සිදුවන...

චාරිකා – 01

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ Mobile Phone, WhatsApp, Facebook ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ...

සම්සුන් Galaxy Note X ලඟදීම

සැම්සුන් නෝට් 7 නිෂ්පාදනයේ ඇති වූ දෝෂ නිසා සැම්සුන් වෙළඳ පොළ කඩා වැටුණු විදිහට ලොව පුරා තාක්ෂණික විචාරකයින් කියා සිටියේ නැවත කුමන හේතුවක් නිසා...

කණ්ණාඩි දාන අයට විශේෂයි

කණ්ණාඩි කියන්නේ අවශ්‍යතවයන්ටත් වඩා ෆැෂන් එකක් විදිහට පාවිච්චි කරන දෙයක් වෙලා.කණ්ණාඩි පාවිච්චි කරන යුවතියන් මේකප් කරනකොට දෙවරක් හිතන්න ඕනි.විශේෂයෙන් ඝනකම් රාමුවක් සහිත කණ්ණාඩි පැළදිමේදී...

එඩ්නා සුගතපාල අප අතරින් සමුගනියි

1946 ජනවාරි 03 වන දින පානදුරයේදී උපත ලද ඇය කුඩාකල සිටම කලා අභාෂය ලබා සිටියාය. පියානෝ වාදනයට ඈ සමත්කම්පෑවේ පැසැල් වියේදීමය. 1966 වසරේ ගැහැණු...

කටට රසට කෑම හදන්න නම් මේ ටිකත් දැනගෙනම ඉන්න ඕනි.

ගෘහණියක් වෙනවා කියන්නේ හරිම වගකීමක්. ඒ වගේම තමයි කරන්න තියෙන වැඩ වල ඉවරයක් නැහැ.පවුලේ අයගේ කෑම වේල සකස් කරනවා කියන්නේ ගෘහණියකගේ ප්‍රධාන කාර්යක්. ඇත්තටම...

මේ වගේ පොලිසියක් ලංකාවෙත් හිටියනම් ?

ඉන්දියාවේ අග නගරය වන දිල්ලියෙහි හිංසාකාරී ලෙස කාන්තා අතවරයන් සිදුවීම අද වන විට විශාල වශයෙන් කතාබහට ලක් වන මාතෘකාවකි. වෛද්‍ය ශිෂ්‍යාවක් බස් රථය තුල...