මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ මන්දිරේක සිරගත වුණා කියන්න නම් පුළුවන්. වතික ස්වාමිපුරුෂයා නොවුණු ස්වාමිපුරුෂයා කසාද සහතිකේට අනුව. මට වතික ගැන හැඟීමක් නෑ. එයාටත් එහෙමයි. හැබැයි මාව බැන්ඳේ ඇයි කියලා මටත් වඩා මගේ ගෙදර අය තේරුම් ගන්න කොට වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි. ඉතිං… දුවත් එක්ක ජීවිතය දිනන “මේ මගේ කතාවයි”
“අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න… ආරාධනා….” අමරදේව මාස්ටර්ගේ සිංදුව අහම්බෙන් වගේ මතකෙට ආවා.
දහම් හම්බුණ වෙලාවේ ඉඳලා ලෝකෙම කණපිට හැරිලා වගේ. හිතින් මං ආයෙත් පරණ ප්‍රේමවන්ති වෙලා වගේ.
දුවව හවස class එකෙන් අරන් යන ගමන් මම “ආරාධනා” සිංදුව play වෙන්න දැම්මා.
“අම්මා…ඔයා අද හරි අමුතුයි. වෙනදා වගේ කතා නෑ. ඒත් මූණ හරි එළියයි. මම මේ 1st-time අම්මව මෙහෙම දකින්නේ….” දෝණි මාව සෑහෙන්න analyze කරලා.
“එහෙම පේනවද… ?” මම කෙල්ල දිහා බලලා ඇහුවා.
“ඔව්… ඔයා ලස්සන වෙලා වගේ….” කෙල්ල කියද්දි මට හිනා ගියා.
“කාටද ආඩම්බර….?”
“ඒ ආඩම්බරේ මට නම් වෙන්න බෑ හැබැයි… අම්මී…..” මේකිත් අංජනම් බලනවද මංදා. ඒත් දැන්ම දහම් ගැන දුවට කියලා බෑ.
“මොකක්වත් නෑ ළමයා…යන් යන්…. මොනා හරි කන්න. මට බඩත්ගිනියි….” මම කතාව වෙන පැත්තකට හරවන්න කිව්වා.
“මොකක් හරි. ඒත් ඔයා ඔහොම ඉද්දි ලස්සනයි….” කෙල්ල කියද්දි මගේ හිත හයියෙන් හිනාවුණා.
රෑ වැඩ ඔක්කොම ඉවරවෙලා මම සේයට call කළා.
“මොකෝ බන් මේ මහ රෑ…නින්ද යන්නේ නැද්ද….?” ඔන්න ඔහොමයි අපේ එවුන් call එකකට answer කරන්නේ මහ රෑට.
“මචං…මම කෙල්ලට දහම් ගැන කිව්වේ නෑ… ඒත් කෙල්ලට මගේ වෙනසක් නම් තේරිලා….”
“ඔව් ඉතිං…. බ්‍රාසෝ දාලා මැද්ද පිත්තල පහන වගේ අද දිළිසෙනවනේ….කෙල්ලට ඕක නොතේරුනොත් තමා පුදුමේ…..”
“දහම් ඉරිදා එනවා. කෙල්ලට ඊට කලින් කියන්න ඕනේ….”
“අනුකි පොඩි ළමයෙක් නෙමෙයි නෙතූ…ඔයා කියන්න….”
“ඒත් සේයා…එයා ඒක කොහොම භාරගනියිද කියලා මම දන්නේ නෑ. තාත්තා ගැනවත් එයා අහන්නේ නෑ මගෙන්. එයා දන්නවා ප්‍රශ්ණේ ගැන. මම පිරිමියෙක් ගැන කියන්න ගියාම….”
“නෙතූ…ඔයා හිතනවට වඩා අනුකි ඉන්නේ ඉස්සරහින්….”
“ඔව්…මම එයාට කියන්නම්…” මම අන්තිමේට කිව්වා.
සෙනසුරාදා හැන්දෑවට class ඇරිලා යන ගමන් කියනවා කියලා මම හිතුවා. උදේට ඉස්කෝලේ යද්දි ඕවා කියන්න ගියාම කෙල්ලගේ ඔලුව අවුල් වෙනවා.
“අම්මා…ඉරිදට මොකක් හරි special වැඩක් තියෙනවද…?” පහුවදා ඉස්කෝලේ යන ගමන් කෙල්ල ඇහුවා.
“ඇයි….?”
“මම පවනි එක්ක රස්තියාදුවේ යන්න….”
දහම් එන්නේ ඉරිදට. කෙල්ලව බලන්නම.
“මේ ඉරිදා…දැනට නම් මුකුත් නෑ….ඔයා හවස් වරුවෙනේ යන්නේ….?”
“නෑ….අපි උදේ ඉඳන්ම යන්න හිතුවේ. හුඟ දවසකින් ෂොපින් කළෙත් නෑ….” කෙල්ල කියද්දි මට හිනාගියේ හැමදාම ෂොපින් යන්න ඕන කියලා ගිහින් ඇවිත් කියන්නේ අම්මා මහන විදියේ ඒවා නෑ කියලා.
“අනේ දෙන්නගේ ෂොපින්…හරි…හරි…තව දවස් තියෙනවනේ…” මම කෙල්ලව ඉස්කෝලේ ළඟින් දාන ගමන් කිව්වා.
වෙනදට වඩා වැඩකරන්න අමුතු kick එකක් හිතට ඇවිත් වගේ දැනුනා.
“සකූ… අපිට ආපු T-shirt order එක හරිද…???” 
“ඔව් මිස්. ඒක දවල් වෙද්දි complete. ඊයේ එයාලා ඇවිත් half payment එක කරලා ගියා…”
“ඔක්කොම check කරලා බලන්න කියන්න සකූ. Extra T-shirt ටිකත් දැම්මනේ…??”
“ඔව් මිස්…ඒවා ඔක්කොම හරි….”
“Good…” මම එහෙම කියලා මගේ office room එකට ගියා.
යනකොට ලස්සනම ලස්සන මල් පොකුරක් මගේ මේසේ උඩ. 
“Have a nice day Manika…..” කියලා පුංචිම පුංචි කාඩ් එකකුත් තිබුණා. එර් දහම්ගෙන්. පළවෙනි වතාවට office එකට එනකොට මෙහෙම මල් පොකුරක් මට හම්බුණේ.
මට මතක් වුණේ වතිකව. මල් පොකුරක් තියා එක මලක්වත් එයාගෙන් මට හම්බුවෙලා නෑ. අඩුම ගාණේ මගේ උපන්දිනේ කවද්ද කියලවත් එයා දන්නේ නෑ. මම හැමවෙලේම හිතුවේ මම ජීවිතේ දුෂ්කර කාලයක් ගත කරනවා කියලා. අඩුම ගාණේ සිංදුවක් අහන්නවත් ඒ කාලේ මට ඕන වුණේ නෑ. ඒකත් මට මහා කරදරයක් වගේ දැනුනා. ගේ ඇතුළේ පිරිලා තිබුණ දැඩි නිශ්ශබ්දතාවයට මම හොඳටම හුරුවුණා. ඒත මං වහිනවට ආස වුණා. වැස්සත් එක්ක එන ඒ අඳුරට සීතලට මම ලෝබ වුණා.
“හම්මට…කවුද යකෝ මේ මල් එව්ව එකා….” සේයා කැත විදියට මගේ හීන ටික පොඩි කරලා දැම්මා.
“Have a nice day Manika…. නයි කයිද රෝස් පාන් කිව්වලු…” සේයා කියද්දි මට හිනාගියා.
“උඹට ඉරිසියයි නෙහ්….” මම අහද්දි සේයා ඇස් දෙක පුංචි කරන් මං දිහා බැලුවා.
“වැඩේමයි ඉරිසියා කරන්න. ඒත් උඹ පාට වැටිලා දවසට…..”
“අනේ මංදා සේයා… ජීවිතේම එක පාරට සැහැල්ලු වුණා වගේ දැනෙනවා මට. මට තේරෙන්නේ නෑ ඒ ඇයි කියලා….”
“උඹ අවුරුදු ගාණක් හැමදේම හිරකරන් හිටියා. උඹ කෙල්ල වෙනුවෙන් ඉවසුවා. උඹේ පවුලේ එවුන් වෙනුවෙන් මුළු ජීවිතේම කැප කළා. ඒ හැමදේකම ගැලවුම්කාරයා දැන් උඹ ළඟට ඇවිත්. ඉස්සර උඹේ හිත හදපු උඹේ දුක අහන් හිටිය එකා ආයේ ආවම ඉබේ ඒක සිද්ධවෙනවා. කොහොම වුණත් නෙතූ උඹ දැන් ලොකු කෙල්ලෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒක නිසා සිහිකල්පනාවෙන් වැඩ කරපන්….” සේයා අවවාද දෙන්න පටන් ගත්තා.
“ඉස්සර වගේ ජීවිතේ සැහැල්ලු නෑ බන් මට දැන්. කෙල්ලත් කොයි වෙලාවක හරි කොල්ලෙක් හොයාගනියි. මං ආයෙත් තනිවෙනවා….”
“අපි හැමෝම තනි මිනිස්සු බන්. වටේ ඉන්න හැමඑකාම තාවකාලිකයි. උඹ බණ පොත් ඇහේ තියන් කියවලත් ඕක තේරෙන්නේ නැද්ද….?”
“මං තනිකම ගැන උඹලා ඔක්කොටෝම වඩා හොඳට දන්නවා. ආයේ ඒක ගැන මට කියන්න එපා. විඳලා විඳවලා තියෙනවා උපරිමේටම… ආයේ නම් බෑ සේයා…” අන්තිම වචන ටික කියද්දි මට ඇස් වලින් කඳුළු ආවා.
සේයා කිසිම දෙයක් කියන්නැතුව මගේ උරිස්ස මිරිකුවා. සේයා තමයි මගේ ජීවීතේ A to Z දන්න එකම කෙනා. මං ආදරේ කරපු දහම්ටත් වඩා.
“මම හැමදාම උඹට කියනවනේ. හැමදේම හොඳින් සිද්ධ වෙයි නෙතූ. වෙන්න තියෙන හොඳම දේ සිද්ධ වෙයි…”
“මම දන්නවා. මට කලබලයක් නෑ. අනික මොකක් හරි වෙලා මැරිලා ගියත් කෙල්ලට කාටවත් අත නොපා ජීවත් වෙන්න මම හදලා තියෙන්නේ. ඒක නිසා මට බයකුත් නෑ බන්….”
මොනවා වුණත් office එකේ වැඩ එක්ක busy වුණාම හැමදේම අමතකයි.
දුවට දහම් ගැන කියන්න විදියක් මට හිතාගන්න බැරිවුණා. මොකද මම දුව එක්ක පිරිමි ගැන කතා කරනවා හරිම අඩුයි. වතික ගැන නම් කොහොමත් මම කතා කරන්නෙම නෑ. දුව තාත්තා ගැන ඇහුවම පොඩිම දවස් වල මම කිව්වේ සාමාන්‍ය විදියටම රට ගිහින් කියලා. ඒත් ගොඩක් කල් නොගිහින්ම එයා තාත්තා ගැන කතා කරන එක අහන එක නතර කළා. ලොකු වෙනකොට දුවට තේරෙන්න ඇති මොකක් හරි දෙයක් සිද්ධ වුණා කියලා. පව්.
සෙනසුරාදා හවස කෙල්ලව ක්ලාස් එකෙන් අරගෙන මම ගියා එයා ආසම restaurant එකට. කෙල්ල පුදුම වෙලා මං දිහා බැලුවා.
“අම්මී…..මොකෝ මේ…?” කෙල්ල ඉඳගන්න ගමන් ඇහුවා.
“එන්න ඕන කියලා හිතුනා. හුඟ දවසකින් ආවෙත් නැහැනේ….”
කෑම order කරලා මං දුව දිහා බැලුවේ කතාව කොහෙන් පටන් ගන්නද කියලා.
“අම්මා මොකක් හරි කියන්නද යන්නේ මට….?” කෙල්ල කට කොනින් හිනාවෙල ඇහුවා.
“හ්ම්ම්ම්ම්… ඔව්… ඔයාට කියන්න දෙයක් තියෙනවා….” මම ලොකු හුස්මක් අරන් කිව්වා.
“පහුගිය දවස් ටිකේ අම්මිගේ වෙනසට හේතුවද….?” කෙල්ල අහපු විදියට මට හිනාගියා.
“සෑහෙන්න මාව follow කරලා වගේ….”
“ඔයා මගේ අම්මි. මම අවුරුදු 18ක් තිස්සේ දන්න එකම කෙනා ඔයා. ඉතිං මම නොදැන කොහොමද….?” කෙල්ල පණ්ඩිත වෙලා. සේයා කිව්වා හරි. කෙල්ල හිතුවට වඩා ලොකුයි.
“ඔයාගේ තාත්තා ගැන ඔයා දන්නවද අනුකි…?” මම අහද්දි කෙල්ල ඇස් ලොකු කරන් මං දිහා බැලුවා.
“නෑ… අම්මා මට කිව්වේ එයා රට කියලා. ඒත් ඒක ඇත්ත නෙමෙයි කියලා මම දන්නවා…”
“මට ඔයාගේ තාත්තා වතිකව බඳින්න වුණේ අම්මලාගේ කැමැත්තට මිසක් මගේ කැමැත්තට නෙමෙයි. වතිකට ඕන වුණේ කසාද සහතිකේට ගෑණියෙකුගේ නමක් මිසක් ගෑණියෙක් නෙමෙයි. ඔයා හම්බුවෙනකල් මම ජීවිතේ ගෙව්වේ මිහිපිට අපායක. ඔයා මට හම්බුවෙන්න ඉන්නේ කියලා දැනගත්තම මට එකපාරටම දැනුනේ කරුමයක් වගේ. ඒත් ඔයා මාව හොයන් ආවේ මගේ වාසනාවට කියලා හිතෙන්නත් මට ඒ හැටි වෙලාවක් ගියේ නෑ. ඇත්තටම ඔයා මාව බේරුවා පුතේ. ඔයා තමයි මගේ ගැලවුම්කාරි වුණේ….”
“ඇයි තාත්තා අම්මට මෙහෙම කළේ…?”
“එයාට ගෙදර දේපල දෙන්නේ සිංහල බෞද්ධ උඩරට කෙල්ලෙක් බැන්දොත් කියලා එයාගේ අම්මලා කියලා තිබුණා. වතික අක්කගේ ඒ කියන්නේ ඔයාගේ ලොකු අම්මගේ යාළුවෙක්ගේ යාළුවෙක්. ඔයාගේ තාත්තට ගොඩක් සල්ලි තියෙනවා….” කියලා මම කියද්දිම,
“මනුස්සකමක් නැතුව සල්ලි මොකටද අම්මේ….?” කියලා දුව කිව්වා.
“ඒ හැමදේම දැන් ඉවරයි සුදු දූ. තාත්තා කොහේ ඉන්නවද මොනවා කරනවද කියලා ඇත්තටම මම දන්නේ නෑ. ඒත් මට කියන්න ඕන වුණේ එයා ගැන නෙමෙයි….”
“එහෙනම්….?”
“මම ආදරේ කරපු කෙනා ගැන. දහම් ගැන….” මම කියද්දි කෙල්ලගේ මූණේ ලස්සන හිනාවක් ඇඳුනා.
“Woow…amazing.. ඒක නම් ලස්සන ඇති….ඉතිං ඉතිං….?”
“මම එයාව අඳුරගත්තේ ඉස්කෝලේ යන කාලෙමයි. එයා නිසා තමයි මම Fashion Designer කෙනෙක් වුණෙත්. ඒත් අම්මලා එයාට කැමති වුණේ නෑ. දහම් යන් කිව්වොත් ඕන වෙලාවක යන්න මම ලෑස්තිවෙලා හිටියේ. ඒත් එයා කිව්වේ ඉවසන් ඉමු කියලා. අන්තිමේට අම්මලා මාව වතිකට බන්ඳලා දෙනකල්ම එයාට මොකක්වත් කරගන්න බැරිවුණා. මට ඕන වුණේ මැරෙන්න. ඇත්තටම. ඒත් ඔයා තමයි මට ජීවත් වෙන්න ඕන කියන බලාපොරොත්තුව අරන් ආවේ…ඒකයි මම ඔයාට ආදරේ….”
“අම්මා ඉතිං දහම් ගැන කිව්වේ නෑනේ….”
“එයා ආපහු ආවා සුදු දූ. එදා අපේ competition එක දවසට පස්සේ එයා මාව හොයන් ආවා….”
“ඒ කියන්නේ අම්මගේ ආදරේ ආයෙත් අම්මට හම්බුණා….?”
“ඔව්…එයා ඉතාලි ගිහින් ඉඳලා ඇවිත්. හෙට එනවා ඔයාව බලන්න ගෙදර. ඊට කලින් මට ඔයාට කියන්න ඕන වුණා….”
“ඔයා නම් මහ නරි කෙල්ලෙක් අම්මි. මම එයාට මොකක් කියලද කතා කරන්න ඕනේ….?”
“අන්කල් කියන්න. වෙන මොකක් කියන්නද…?”
“ඒක හරි නෑ වගේ….හරි හරි මම මොකක් හරි කියන්නම්කෝ….” කියලා කෙල්ල කන්න පටන් ගත්තා.
හිතේ තිබුණ ලොකූ බරකින් නිදහස් වුණා වගේ හැඟීමක් මගේ හිතට ආවා.
“Lunch එකටද එන්නේ අම්මා…? මළා…. හෙට මට Shopping යන්න වෙන්නේ නෑ නේද…?”
“පවනිට කියන්න. හෙට අම්මා එක්ක හදිස්සි ගමනක් යන්න වෙලා කියලා. දහම් එන්නේ ඔයාව බලන්න….”
“කෙහෙල්මල…. එයාගේ පරණ පෙම්වතී බලන්න. මාව බිල්ලට තියලා…” කෙල්ල ඇහැක් වහලා හිනාවුණා.
කෙල්ලයි මමයි දෙන්නම පහුවදා උදෙන්ම නැඟිට්ටා.
“අම්මි උයන්න. මම ගේ අතුගාලා මල් ටිකක් දාන්නම් වාස් වලට….” වෙනදට දහය වෙනකල් ඇඳෙන් බස්සගන්න බැරි කෙල්ල උදෙන්ම නැඟිටලා කියවනවා.
©නදීශානී බණ්ඩාර දොඩංගොල්ල 

- A word from our sposor -

spot_img

මේ මගේ කතාවයි -08 කොටස

ඉතා දුර්ලභ චන්ද්‍රගහණයක් හෙට දිනයේදී

සුපර් බ්ලූ බ්ලඞ් මූන් හෙවත් සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් ලෙස හැඳිනවෙන මෙය ඉතා දුර්ලභ චන්ද්‍රගහණයක් ලෙස සැලකෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා...

ගෙදර ඉඳන්ම සම පැහැපත් කරගන්න යුවතියන්ට කියාපු පහසුම ප්‍රතිකාරය

සැලුන් එකට යන්නේ නැතිව ගෙදර ඉඳන්ම සම පැහැපත් කරගන්න ක්‍රමයක් ගැනයි මේ කියල දෙන්න හදන්නේ ඔයාලට. ඕනෑම කෙනෙක් මුලින්ම බලන්නේ අපේ මුහුණ දිහානේ. ලස්සන...

වෙන වෙනම කෑවම ගුණ එකට කෑවම අගුණ කෑම

ආහාර (food) ජලය නොමැතිව කිසිවෙකුටත් නොහැකි බව අප සැවොම දන්නා කරුණකි. මිනිස් ජිවිතයේ පැවැත්මට ආහාර (food) අත්‍යාවශ්‍ය වේ. එහෙත් ඒ අහාර (food) නිසාම රෝගිවෙන,...

දෙවරක් සිතිය යුතු ඩිස්නි කුමරියෝ

සුරඟන කතා ශතවර්ෂ ගණනාවක් පුරා දරුවන් නින්දට පෙර රසවින්දේ පරම්පරාවෙන් රැගෙන එන්නක් ලෙසය. එම සුරඟන කතාවන් තිරයට රැගෙන එන විටදී අපගේ ළමා විය අවදි...

ඉදිරියේදී වාතයෙන් හදපු පෙට්‍රල් පාවිච්චි කරන්න වෙයිද

ටීසිඩ් නම් වන බ්‍රිතාන්‍ය සමගම විසින් 2015 සිට සිදුකරමින් පවතී පර්යේෂණ ගණනාවක ප්‍රතිපල 2018 එලි දැක්වීමට නියමිතයි. ඒ තමයි ජලය සහ වාතය භාවිතා කරමින්...

සුළු අපනයන භෝග හඳුනා ගමු

අතීතයේ සිටම ලාංකිකයන් අපනයනය කළ ප්‍රධාන අපනයන බෝග වන්නේ තේ, පොල්, රබර් ය .මේ ප්‍රධාන අපනයන බෝග වලට අමතරව කරන ලද කෘෂිකාර්මික අපනයනයන් සුළු...

ස්වයං රැකියා සඳහා අදහස් කිහිපයක්

අපි ඉවතලන බොහෝ දේවල් නැවත නැවතත් අපිට පරිහරණය කරන්න පුළුවන්. එය එක් අතකින් කැලි කසළ ප්‍රයෝජනයට ගත හැකි එක් විසඳුමක්. මේ අපි එදිනෙදා පරිහරණය...

දරුවාගේ යෞවනය සකස් කිරීමේ වගකීම ඔබටයි

මේ කථාව එක් අතකින් සමාජ ව්‍යසනයක්. තවත් පැත්තකින් පවුලේ ඛේදවාචකයක්. අපේ රටේ සිදුවන්නේ සමාජ විපර්යාසයක් කියලා ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. අපි මේ ප්‍රශ්ණය මුලින්ම...

ගැහැණුන්ගේ ගෞරවය ගැහැණු විසින්වත් රැක දෙනවද?

අද ඇත්තේ එදා තිබු ඒකාකාරී සමාජය නොවේ. මුදල් පසුපස දුවන අඩියෙන් අඩියට ඉහලට යන්නට මාන බලන මිනිසුන් සිටින සමාජයකි. මනුෂ්‍යාට පමණක් නොව සතා සිවුපාවන්ට...