මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ මන්දිරේක සිරගත වුණා කියන්න නම් පුළුවන්. වතික ස්වාමිපුරුෂයා නොවුණු ස්වාමිපුරුෂයා කසාද සහතිකේට අනුව. මට වතික ගැන හැඟීමක් නෑ. එයාටත් එහෙමයි. හැබැයි මාව බැන්ඳේ ඇයි කියලා මටත් වඩා මගේ ගෙදර අය තේරුම් ගන්න කොට වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි. ඉතිං… දුවත් එක්ක ජීවිතය දිනන “මේ මගේ කතාවයි”
නංඟිගේ ටිකට් කපලා එක්ක එද්දි හවස් වුණා. මමයි අක්කයි එකතු වෙලා කේක් එකක් හැදුවා. චුට්ටට Welcome treat එකට. එයාට ඉතිං කේක් කන්න තව කාලයක් බලන් ඉන්න එපායැ. නංඟිගේ මූණේ ලස්සන හිනාවක් ඇඳුනා.
“අනේ…අක්කලා දෙන්නා සෑහෙන්න මහන්සි වෙලානේ….”
“ඔන්න චූටි නැන්දේ අපි තමයි room එක decorate කළේ. ඔක්කොම නිල්….” දුව අක්කගේ පොඩ්ඩො එක්ක එකතුවෙලා කාමරේම සැරසුවා.
“ඔව්…ඔව්…ඡන්ද කාලෙක නම් පක්ෂ කාර්‍යාලෙකට දෙන්න තිබුණා…” මල්ලි හිනාවෙවී කිව්වා.
අළුත් චූට්ටා නිසා මුළු ගේම කිරි සුවඳින් පිරිලා ගියා. පරම්පරාව ගෙනියන්න කොල්ලෙක් ආව නිසා තාත්තා හිටියේ රජෙක් වගේ.
“පහු ගිය දවස් ටික නම් ගතවෙලා ගියා. හුළඟ වගේ….” සේයා ඔෆිස් එකේ වැඩ පටන් ගන්න ගමන් කිව්වා.
“කොල්ලා නම් නියමයි සේයා. ආදරේ හිතෙනවා දැක්කම. අපේ අම්මට ලෙඩ ඔක්කොම හොඳයි ඒකා හින්දා….”
“ඉන්දිගේ අම්මත් ඉන්නවා නේද තාම…?”
“ඔව්…ඔව්… එයා ඉන්දිගේ වැඩ. අපේ අම්මා කොල්ලගේ වැඩ. මල්ලි කියනවා එයාව බලාගන්න තමාලු කෙනෙක් නැත්තේ….” මම හිනාවෙවී කිව්වා.
“මම bank එකට යනවා නෙතූ. තව වැඩ වගේකුත් තියෙනවා. ඉවර කරන් එද්දි දවල් වෙයි. උඹේ මොනා හරි වැඩක් තියෙනවද කරගන්න….?”
“නෑ…මචං. තිබුණොත් මම call එකක් දෙන්නම්….”
“මම ඔෆිස් එකේ දොර ළඟට එද්දි එහෙම call කරනවා නෙමේ..උඹ කරන්නෙම ඒ වැඩේනේ….” සේයා office room එකෙන් එළියට යන ගමන් කිව්වා.
වැඩ ගොඩක් ගොඩ ගැහිලා තිබුණා. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්නත් බැරි වුණා.
“මිස්ට visitor කෙනෙක් ඉන්නවා. එවන්නද මිස්…?” Receptionist වත්සලා call කරලා ඇහුවා.
“එවන්න වත්සලා….” මම කිව්වා.
Visitor කවුද කියලා අහන්නත් බැරි වුණා. ඔය කවුරුහරි එන්නේ නැතෑ.
“May I coming….” කවුරුහරි මගේ office room එකේ දොරට තට්ටු කළා.
“Yes…please….” මම computer එකෙන් ඇස් අහකට නොගෙනම කිව්වා.
“මිස් ගොඩක් busy වගේ දැන්…..” ඉස්සරම කාලෙක ඇහුණු කටහඬක් ආයෙත් පාරක් කණ ළඟින්ම ඇහෙද්දි මම උඩ ගිහින් බිම වැටුණා.
“දහම්…..” අනේ දෙයියනේ…ඒ හිනාව එහෙම්ම මූණෙ තියාගෙන. මගේ දහම්. කොයි තරම් කාලෙකට පස්සෙද….???
“දෙයියනේ…දහම්…ඔයා….” මම පැනපු ගමන් දහම්ව බදාගත්තා. ඒ පුරුද්දට.
“කොහොමද ඔයාට….?” දහම් මගේ ඇස් දෙකට එබුනා.
“අහ්හ්…අනේ… මම හොඳින්…ගොඩක් හොඳින්…ඔයාට කොහොමද….?”
“කොහොමද පේන්නෙ….?” දහම් ඇහුවා.
“හ්ම්ම්…ටිකක් මහත්වෙලා. බඩකුත් ඇවිත්. කොණ්ඩෙත් සුදු වෙලා. හැබැයි ඉස්සර වගේම කෙල්ලෝ රෑනක් නම් ඇති….” මම කිව්වේ ඉස්සරත් දහම්ට ගෑණු ළමයි වහ වැටිලා හිටිය නිසා.
“අන්තිම එක ඇරෙන්න අනික් ඔක්කොම හරි….”
“ඉතිං කියන්න…කොහොමද මාව හොයාගත්තේ….?” මම දහම් එක්ක office room එකේ තිබුණ sofa set එකේ වාඩිවෙන ගමන් ඇහුවා.
“එදා මම ආවා Fashion Designer Competition එක බලන්න. දන්නවනේ මම ඒවා miss කරන්නේ නෑ කියලා. ඔයා දිනපු හැටි මම දැක්කා. එදාම කතා කරන්න හිටියේ. කොහෙද සුනාමිය වගේ දුවලනේ. පස්සේ ඉතිං විස්තර හොයන් එන්න කලින් මේ call කරලා ආවේ…” දහම් කියාගෙන ගියා.
එයා කතා කරපු වචනයක් ගානේ එයාගේ තොල් හෙලවෙන විදිය ඒ ඇස් දිහා මම බලන් හිටියා. කිසිම වෙනසක් වෙලා නෑ.
“මට මේක හීනයක් දෙයියනේ. මම හිතුවේ ඔයා රටෙත් නෑ කියලා…Marry කළාද….?”
මම දහම් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. මම අහපු දේට දහම් හිනාවුණා.
“කෙල්ලෙක් නම් හම්බුණා. කොහෙද ඉතිං මාව දාලා ගියානේ….” දහම් ඇනුම්පද කියනවා.
“මම දාලා ගියේ නෑ වස්තුව….” මම දහම්ගේ ඇස් දෙක දිහා බලන් කිව්වා.
“මම දන්නවා මැණික. ඉතිං කෝ දැන් මහත්තයා….???” දහම් අහද්දි මම ලොකු හුස්මක් පිට කළා.
“අපි යන් එළියට දහම්. Office එක ඇතුළේ ඉඳන් කතා කරන්න බෑ…”
මම සකුනිට කරන්න තිබුණ වැඩ ටික මතක් කරලා සේයටත් පණිවිඩයක් දීලා දහම් එක්ක එළියට ගියා.
“ඉතිං කියන්න….” දහම් මගේ අතක් අල්ලගත්තම මම ලෝබ කමට ඒ අත තුරුල් කරගත්තා.
“මට husband කෙනෙක් නෑ දහම්. ඒ ගැන කතා කරලා වැඩකුත් නෑ. මිනිහෙක් නෙමෙයි අම්මලා මට බන්දලා දුන්නේ. අමු තිරිසනෙක්…” මට වතිකව මතක් වෙන්නෙම තිරිසනෙක් වගේ.
“බබාලා….” දහම් ඇහුවා.
“ඔයා ආසවෙලා හිටිය දුවෙක් ඉන්නවා. අනුකි…..” මම phone එකේ තිබුණ දුවගේ photo එක පෙන්නුවා.
දහම් සෑහෙන වෙලාවක් දෝණි දිහා බලන් හිටියා.
“මට අදම කෙල්ලව බලන්න ඕනේ මැණික. ඔයාමයි….” දහම්ගෙ ඇස් ආදරෙන් පිරිලා. මම කවදාවත් එහෙම ආදරයක් වතිකගෙන් දැකලා තිබුණෙම නෑ.
“දුව ඔයා ගැන දන්නේ නෑ. අඩුම ගාණේ එයාගේ තාත්තවත් එයා දන්නෙ නෑ….”
“මොකක්ද වුණේ….?”
“වතිකට affair එකක් තිබුණා. මාව බඳිනකොටත්. ඒත් එයාට දේපල දෙන්නේ සිංහල බෞද්ධ කෙල්ලෙක් බැන්ඳොත් කියලා එයාගේ අම්මලා කියලා තිබුණා…”
“ඔයාව බැන්ඳා. පස්සේ අරකිව ගෙදර ගෙනාවා….?”
“ඔව්…කෙල්ල හම්බුවෙලා සතියයි. ඒ මිනිහා අඩුම ගාණේ දුවගේ මූණවත් බැලුවේ නෑ. මම මඟුල් මුද්දත් දාලා දරුවගෙයි මගෙයි ඇඳුම් ටික අරන් එළියට බැස්සා. අම්මලා එක්කත් මට තිබුණේ තරහක්. එයාලා ඔක්කොම එකතුවෙලා මාව මේ අමාරුවේ දැම්මේ. මම ටික දවසක් සේයා ළඟ ඉඳලා ගෙයක් හොයාගත්තා. අද මේ වෙනකල් ඉන්නේ ඒ ගෙදර….” මගේ ජීවිත කතාවේ එපාම කරපු chapter එක මම කිසිම හැඟීමක් නැතුව කියලා දැම්මා.
“මම සෑහෙන කාලයක් ලංකාවේ හිටියේ නෑ. මම ඉතාලි ගිහින් හිටියා. ගිහින් ඉගෙන ගත්තා. අම්මලා කෙල්ලො නම් හෙව්වා. ඒත් මට බඳින්න තරම් කෙනෙක් නම් හම්බුණේ නෑ. අනික ඔයා මතක් වෙද්දි මට හිතුනෙම ඔයාව අරන් යන්න තිබුණේ කියලා….”
“දැන් ඒ හැමදේම වෙලා ඉවරයි දහම්. මම මේ තත්වෙට එන්න ගොඩක් දුක් වින්දා. සේයා තමයි මගේ ලොකුම හයිය වුණේ. එයා marry කළෙත් නෑ. මට වුණ දේත් එක්ක ඒකි බය වුණා. පව්. දැන් අම්මවයි තාත්තවයි බලන් ඉන්නවා….”
“ඔයාගේ අම්මලා….?”
“වතික ගැන අම්මලා දැනගත්තේ දුවත් එක්ක මාව ගෙදරින් පැන්නුවට පස්සේ. මට ගෙදර එන්න කිව්වට මම ගියේ නෑ. ඒත් දුව ඉස්කෝලේ ඇරුනම යන්නේ එහේ පොඩි කාලේ ඉඳන්. මම හවස ගිහින් එක්ක එනවා. අක්කා බැන්ඳා. මල්ලි බැන්ඳා. ඒ හැමෝටම බබාලා ඉන්නවා. මල්ලිගේ බබා නම් එදා competition එක දවසේ හම්බුණේ….”
“කාලේ ගතවෙලා ගිහින් තියෙන තරම්….??” දහම් කෝපි කෝප්පේ අතට ගන්න ගමන් කිව්වා.
“ඔයා දැන් මොකද කරන්නේ දහම්….?”
“මම දැන් personal costume designer කෙනෙක් විදියට වැඩ කරනවා. ඔයා වගේම තමයි….”
“අපිට හරියන්නේ මේ ජීවිතේ තමයි…ඇත්තටම මම හරි ආසාවෙන් මේක කරන්නේ….?”
“අද දුවව බලන්න පුළුවන්ද…?” දහම් ආයෙත් ඇහුවා.
“හොඳම දේ ඉරිදට එන්න ගෙදර….දවල්ට කාලා යන්න….” මම දහම්ට ආරාධනා කළා.
“Woow…nice idea….” දහම් මගේ කම්මුලක් මිරිකලා කිව්වා.
ඒ ආදරේ තාමත් ඒ වගේමයි.
මම ආපහු office එකට යද්දි සේයා ඇවිත් හිටියා.
“මොන දීපංකරේකද බන් අතුරුදහන් වුණේ….?” සේයා මාව දැක්ක ගමන් ඇහුවා.
“උඹ මේක විශ්වාස කරන එකක් නෑ සේයා. උඹ හීන දකිනවද….?” මම අහද්දි සේයා කටත් ඇදකරන් මං දිහා බලන් හිටියා.
“කියන මඟුලක් තේරෙන්න කියහං ගෑණියේ….”
“දහම්….දහම් ආවා සේයා….” මම කියද්දි සේයගේ ඇස් ලොකු වුණේ හොල්මනක් දැක්කා වගේ.
“දහම්….???නෙතූ…උඹ හීනෙන් බය වුණාද….?”
“ඒක තමයි මම කිව්වේ….”කියලා මම දහම් එක්ක ගත්ත photo එක සේයට පෙන්නුවා.
“දෙයියනේ නෙතූ…මේක නම් විශ්වාස කරන්නත් බෑ. ලස්සන වෙලා නේ…?”
“ලෝබ හිතුනා බන් ආයෙත් දකිද්දි…” මම ඇත්තම කිව්වා.
“Married ද…?” සේයා ඇහුවා.
“තාම නෑ….” කියලා මම ඇහැක් වහලා හිනාවුණා.
“නාග සලං කිව්වලු…..” සේයා කියද්දි මටත් හිනා ගියා.
©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල

- A word from our sposor -

spot_img

මේ මගේ කතාවයි -07 කොටස

ගෙදර ඉඳන්ම සම පැහැපත් කරගන්න යුවතියන්ට කියාපු පහසුම ප්‍රතිකාරය

සැලුන් එකට යන්නේ නැතිව ගෙදර ඉඳන්ම සම පැහැපත් කරගන්න ක්‍රමයක් ගැනයි මේ කියල දෙන්න හදන්නේ ඔයාලට. ඕනෑම කෙනෙක් මුලින්ම බලන්නේ අපේ මුහුණ දිහානේ. ලස්සන...

ගණිකාවකී ඈ

වෙලාව රාත්‍රි දහය ලෙස ඔරලෝසුවේ සදහන් විය. මම දිව්‍යා හේශානී. තාම අවුරුදු 21යි. ගමේ හැදුන මට ලස්සන දිග කොන්ඩයක් තිබ්බා. ලස්සන සිරුරකට හිමිකම් කියන...

“වේල්සයේ රෝස කුසුම” මිලින වී අදට වසර 22යි

“වේල්සයේ රෝස කුසුම” විදියට හඳුන්වන ඩයනා කුමරිය මිය ගිහින් හරියට ම අද දිනට අවුරුදු 22ක් සම්පූර්ණ ‌වෙනවා. තමන්ගේ පෙම්වතා වුණු ඩොඩී අල්ෆයඩ් එක්ක...

අත්වැල ගිලිහී – 01 කොටස

මට මගේ අම්මා ගැන මතකයක් නෑ. තාත්තගෙන් ඇහුවට කවදාවත් මට උත්තරයක් දුන්නෙත් නෑ. මට අම්මාව දකින්න තිබුණ එකම විදිය තාත්තා ළඟ තිබුණ පුංචිම පුංචි...

පියයුරු පිළිකා වලක්වන්න කදිම විසදුමක්

කාන්තාවන්ට වැළදෙන රෝග වලින් වඩාත් භයානක රෝගයක් තමයි පියයුරු පිළිකා කියන්නේ. ස්ත්‍රී රුපය ඔප් නංවන්නට හේතු වන සුන්දර පියයුරු යුගල රැක ගන්නට උපකාරී වන...

කරපු වැරදි ගැන කවදාවත් පසුතැවෙන්නේ නෑ ඒ දෙවල් ඉදිරි ගමනට පන්නරය කරගත් කථාවක්

සත්‍ය සිදුවිමකී...නම් ගම් සියල්ලක් පසා සත්‍ය සිදුවිමේ චරිතයන්මය නැවතිමේ තිතේ ඉදන් සත්‍ය ලෙසම සිදු වූ සිදුවිම් මගේ ඇගිලි තුඩු මතින් ගොණු කර පාඨක ඔබට.... කිසිම දිනක...

විවේකි සැන්දෑවක් ගත කරන්න රාවණා යුගයට අයිති කදිම තැනක්

උස්සන්ගොඩ කියන්නේ රාවණා රජු සමය දක්වා අතීතයකින් හෙබි ජනප්‍රවාද බොහොමයක් ඇති අක්කර 412ක් පමණ භූමි ප්‍රමාණයක්. මුහුද දෙසට නෙරා ගිය කොටසේ සිට මුහුදට ඉතා අපුරු...

චාරිකා – 08 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

අලුත් අවුරුදු කෑම මේසයට අලුත් විදිහේ කෑම ටිකක් හදමු

අලුත් අවුරුදු කෑම මේසේ අලුත් විදිහට සරසන්න අපි අද ඔයාලට කියල දෙන්නේ රසම රස කෑම වර්ග කිහිපයක් සාදන ආකාරයයි. ඩෝනට් අවශ්‍ය ද්‍රව්‍ය බේකින් පවුඩර් 550g සීනි 50g ඊස්ට් 10g ලුණු...