මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ මන්දිරේක සිරගත වුණා කියන්න නම් පුළුවන්. වතික ස්වාමිපුරුෂයා නොවුණු ස්වාමිපුරුෂයා කසාද සහතිකේට අනුව. මට වතික ගැන හැඟීමක් නෑ. එයාටත් එහෙමයි. හැබැයි මාව බැන්ඳේ ඇයි කියලා මටත් වඩා මගේ ගෙදර අය තේරුම් ගන්න කොට වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි. ඉතිං… දුවත් එක්ක ජීවිතය දිනන “මේ මගේ කතාවයි”
අවුරුද්දේ අන්තිම මාස හතර වෙද්දි ඉස්කෝල වල orders එනවා School Uniform වලට. ඒ වැඩත් එක්ක පුදුම විදියට වැඩ එකතු වෙනවා. නිදහසක් ඇත්තෙම නෑ. ඉස්කෝල වල නිවාඩු දෙන්න කලින් ඇඳුම් යවන්න ඕන ඉස්කෝල වලට. වැඩ කරන මිනිස්සුන්ට OT ගෙවාගෙන කන්න බොන්න දීගෙන ඒ කාලෙට වැඩ ඉතින්.
“නංඟි ඔයා busy ද…?” දාහක් වැඩ අස්සේ අක්කත් call කරනවා.
“කමක් නෑ අක්කේ. කියන්න….” මම කරන වැඩේ නතර නොකරම කිව්වා.
“වතික accident වෙලා….” අක්කා කියද්දි මට,
“මැරිලද…?” කියලා කියවුණා.
“අමාරුයි. ICU එකේ…” අක්කා මම කිව්ව දේ ගැන අහන්නැතුව කිව්වා.
“කොහෙද දැන්….?” මට ඇත්තටම කිසිම හැඟීමක් ආවේ නෑ.
“Private එකේ….මහේෂ් බලලා ආවේ. කාටවත් ඇතුළට යන්න දෙන්නේ නෑලු….”
“කට්ටිය ඇතිනේ බලාගන්න….” වතික මැරිලා කියලා ආරංචිය ආවත් ඔච්චර තමයි.
“නෑ… මේ එකේ case එකක් තමයි…” කියලා අක්කා කියද්දි මම අන්දුන් කුන්දුන් වුණා. මොකද මට අගක් මුලක් තේරුනේ නැති නිසා.
“මොකක්ද අක්කේ වෙලා තියෙන්නේ….?” මම ඒ පාර නම් කර කර හිටිය වැඩේ නතර කරලා ඇහුවා.
“කෙටියෙන් කිව්වොත් ගෑණි වෙන මිනිහෙක් එක්ක ගිහින්. ඒ හිතේ අමාරුවට බීලා එද්දි වාහනේ හැප්පිලා. මහේෂ් කිව්ව විදියට නම් කකුළ් දෙකම කැඩිලා. ඔළුවත් damage කියලා කිව්වේ…” ඒ ඔළුවයි කකුළ් දෙකයි damage වෙන්න තිබුණේ මීට ගොඩ කාලෙකට කලින්. මටයි අර අහිංසක කෙල්ලටයි කරපුවා තමා පටිසන් දීලා තියෙන්නේ.
“මම මොකක්ද කරන්න ඕන…?අක්කා කියන්නේ මම ඒ මිනිහා බලන්න යන්න ඕන කියලද…?”
“මොකක් වුණත් කසාද මිනිහනේ….” අක්කා කියද්දි මට මාරයා නැග්ගා.
“මොකක් කිව්වා…?කසාද මිනිහා…?යස මිනිහා… අනේ අක්කේ මේ… මගේ යකා අවුස්සගන්න එපා….කසාද බැන්ඳ ගෑණි ළමයා හම්බුවෙලා ගෙදර එනකල් දන්නෙ නැති මිනිහා. තව ගෑණියෙක් ගෙදරට ගෙනත් මාව ගෙදරින් එලවද්දි ඔය එකෙක්වත් හිටියේ නෑ මං උගේ කසාද ගෑණි කියන්න. මැරිලා ගියත් මට එහෙම කියන්න එපා. අක්කලට ඕනේ නම් ගිහින් බලාගන්න. මගේ මිනිහා මැරිලා ගොඩක් කල්. කොටින්ම මට මිනිහෙක් හිටියෙත් නෑ….” කියලා මම call එක cut කළා.
අතට අහුවෙන හැමඑකම පොළවේ ගහන්න තරම් තරහක් මට ආවේ. මගේ ජීවිතේම කාලකණ්නි කරපු එවුන් එක්ක මරාගෙන මැරෙන්න තරම් තරහක් මට ආවා.
“ඒ… නෙත්මි… මොකද බන් මේ….?” කියලා අහන් සේයා ආවා.
“ඇයි මොකද ඒ පාර….?” මං සේයා දිහත් රවලා බැලුවා.
“උඹලගේ අක්කා call කළේ….”
“උඹට තෝල්කකම් කරන්න කියන්න වෙන්න ඇති….”
“මොකක්ද වෙලා තියෙන්නේ ගෑණියේ…” සේයා අහද්දි මට හිතුනේ අක්කා seen එක කියලා නෑ කියලා.
“අර මිනිහා accident වෙලා ICU එකේලු….” මම කෙටියෙන්ම කිව්වා.
“කවුද…?? වතික…?” සේයා ඇහුවා.
“ඔව්… ඒ ගස් හිපාටුවා තමා…මැරිලා ගියේ නෑනේ අම්මපා….” මම දත් මිටි කන ගමන් කිව්වා.
“ඇයි අනික් ගෑණි ඇතිනේ….” සේයත් තරහෙන් කිව්වා.
“ඒ ගෑණි වෙන මිනිහෙක් එක්ක ගිහින්ලු. ඒකේ අවුලට බීලා එද්දි හැප්පිලා….”
“අම්මට සිරි… එච්චර සීන් එකක් වෙලාද…? හොඳ වැඩේ බන්. උඹට කරපුවට….” සේයා කිව්වා.
“අපේ අක්කා නොකියා කියන්නේ මට යන්න කියලා බලන්න. මගේ බල්ලවත් යන්නේ නෑ….”
“උඹට බල්ලෙක් නෑනේ බන් යවන්න….” සේයා කියද්දි මට හිනාගියා.
ඒ වුණාට හිත නම් අවුල් වුණා. කරදරයක් වුණාම මනුස්සයෙක්ට එහෙම සළකන එක හරි නෑ කියලා හිත කියන්න ගත්තා. ඒත් ඕන එකක් වුණදෙන්, පාඩුවේ ඉන්න කියලා ආයෙම හිත කියනවා. මට පිස්සු හැදුණේ නැති ටික විතරයි.
“මට තේරෙන්නේ නෑ දහම් මම මොකක්ද කරන්න ඕන කියලා…” දහම් එක්ක විස්තරේ කියලා අන්තිමේට මම කිව්වා.
“මිනිස්සු වැරදි කරනවා නෙතූ. ඒත් දැන් වතික ඉන්නේ කිසිම දෙයක් කරගන්න බැරුව. අක්කා කිව්ව විදියට තාම ඔයාගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා. ඔයාට වගකීමක් තියෙනවා….” දහමුත් අක්කගේ බණේම කියනවා.
“එතකොට උගේ යුතුකම් ගැන ඇයි ඔයාලා කතා කරන්නේ නැත්තේ…??” මම දහම්ගෙත් ඇඟට ගොඩ වුණා.
ඇයි වදේ හැමඑකාටම ඒ මස් වැද්දගේ අසරණකම පේනවා. ඒ යකා දහනම අවුරුද්දක් තිස්සේ මාව විනාස කරපු එක, මගේ දරුවට කරපු නරුම වැඩ… ඒවා පේන්නේ නෑ. ඕනෙම නෑ. මම යන්නෙම නෑ කියලා හිතාගත්තා.
“දහම්… ඔයත් අක්කා වගේ යුතුකම් මට කියලා දෙන්න එන්න එපා. ඌ මට කරපුවා ඔයාලා දැක්කේ නෑනේ…ඕන එකෙක් ගිහින් බලපුදෙන්. මම යන්නෙත් නෑ. යන්න කියන්නත් එපා…” දහම්ගේ call එක cut කළා විතරයි අම්මා ගත්තා.
“චූටි දුව… අර ළමයා….” අම්මා ඒ පිසාචරයට ළමයත් කියනවා. අම්මපා මේ ඔක්කොම මැරිලා ඉපදිලාද…?
“මොන ළමයද…?” මම කේන්තියෙන් ඇහුවා.
“ඔයා ඉන්නේ තරහෙන් කියලා මම දන්නවා චූටි දූ….”
“අනේ නෑ… මම මේ වැලපෙනවා පොළවේ පස් කකා…හැම එකාම මැරිලා ඉපදුනාට මට එහෙම වුණේ නැති නිසා….”
“ඔයා එක්ක කතා කරන්න බෑ. මං තියනවා…” ඒ call එක එහෙම ඉවර වුණා.
දවල් අම්මලාට යන්න එපා කියලා මම ගිහින් දුවව ගත්තා ඉස්කෝලෙන්.
“අද අම්මා මොකෝ….?” කෙල්ල වාහනේට නඟින ගමන් ඇහුවා.
“යමුකෝ…” මම දුවත් අරන් කෙලින්ම ගෙදර ආවා මිසක් කිසිම දෙයක් එයාට කිව්වේ නෑ.
“අම්මා… මොකක්ද වෙලා තියෙන්නේ…?” දුව හයියෙන්ම ඇහුවා.
“ඔයාගේ තාත්තා accident වෙලා….” මම එකපාරටම කිව්වා.
“දහම්….?” දුව ඇස් ලොකු කරන් ඇහුවා.
“නෑ…වතික…..” මම පුටුවක වාඩිවෙන ගමන් කිව්වා.
“මොකක් වෙලාද…?” දුවත් ළඟින් වාඩිවුණා.
“බීලා ගිහින්. කකුළ් දෙකටයි ඔළුවටයි damage ලු….”
“අම්මා බලන්න යන්නේ නෑනේ….?”
“මට ඕනේ කමක් නෑ. ඒත් කනක් ඇහිලා ඉන්න නෑ….”
“අම්මා මොකද හිතන්නේ…? තාත්තා දන්නවද…? එයා මොකද කියන්නේ…?” දුව ඇහුවේ දහම් ගැන.
“එයත් බණ කියනවා….” මම තරහෙන්ම කිව්වා.
“ඔව් ඉතිං…. තුවාලේ තියෙන මිනිහනේ ඒකේ වේදනාව දන්නේ….” දුව කියද්දි මං එයා දිහා බැලුවා.
“අම්මා කැමති දෙයක් කරන්න. මට නම් යන්න ඕන කමක් නෑ. ජීවිතේට දැකලා කතා කරලා නැති මනුස්සයෙක් ගැන මට හැඟීමක් නෑ අම්මා. තාත්තා වෙන්න ඇති. ඒත් මට යන්න ඕනේ කියලා හිතෙන්නේ නෑ අම්මා….” දුව මගේ පපුවට හේත්තු වුණා.
“ඔයා කිව්වා වගේ තුවාලේ තියෙන මිනිහා තමා වේදනාව දන්නේ….” මම දුවගේ ඔළුව ඉඹින ගමන් කිව්වා.
කරන්නේ මොකක්ද කියලා මට ඇත්තටම හිතාගන්න බැරි වුණා. මම කිසිම දවසක එයාට ආදරේ කළේ නෑ. මට එහෙම හැඟීමක් තිබුණෙත් නෑ. ඒත් මං කිසිම වෙනස්කමක් කළෙත් නෑ. නිකමට හරි ළඟින් ඉන්න වෙලාවට මම එයාව සතුටින් තිබ්බා කියලා මට මතකයි. වුණ අඩු පාඩු ගැන කියලා මට රණ්ඩු වෙන්න ඕන තරම් තිබුණා. ඒත් මම දැනන් හිටියා එහෙම කරලා වැඩක් නෑ කියලා. දඬුවම් නියම වෙලා හිරේ ගියාම හැසිරීම හොඳ නම් කලින් නිදහස් කරනවා වගේ මමත් නිදහස් වුණා. ඒ කොහොම වුණත් ආයේ ඒ මූණ දකින්න හිතන් නෙමෙයි මම ආවේ.
“ඒ මිනිහව බලන්න යන්න කියලා මම අක්කට කියන්නේ නෑ. අක්කා කැමති දෙයක් කරන්න. ඕකට ඔහොම වෙලා මදි….” අනේ අම්මේ මගේ රත්තරන් මල්ලි message එකක් එවලා. ඒ මෙහෙයුමේ අක්කගේ දකුණු අත වුණෙත් එයාමයි. දහම් එක්ක පුදුම තරහක් තිබුණේ. මට නම් හිතෙන්නෙම මේ ඔක්කොම මැරිලා ඉපදෙනකල් මම ජීවත් වෙලා කියලා.
සේයා හවස් වෙලා ගෙදර ආවා.
“මං hospital ගියා මචං….” සේයා කියද්දි මං රැව්වා ඒ මෝඩිට.
“උඹ අහවල් එකක් කරන්නද ගියේ…?” මම සේයටත් එක්ක තේ එකක් හදලා කුස්සියේ තිබුණ මේසෙන් වාඩි වුණා.
“දුව කෝ….?” සේයා ඇහුවා.
“නිදි. නැඟිටියි තව ටිකකින්….”
“මේක දිග කතාවක් නෙතූ. වතික ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. මං හිතන්නේ මිනිහට දැන් යාළුවෙක්වත් නෑ…..”
“දැන් උඹ මට කියන්නේ ඒකට කරගහන්න කියලද….?”
“මැද්දෙන් පනින්න එපා බන්. අහන් හිටපන්. උඹ ගෙදරින් ආවට පස්සේ වතිකගෙ business ඔක්කොම වගේ අරකි තමා බලලා තියෙන්නේ. කොච්චර love ද කිව්වොත් වතික ඒ ඔක්කොම ඒකිට ලියලා දීලා. කෙටියෙන් කිව්වොත් වතිකගේ සේසතම දැන් ඒකිගේ. ඒකිට වෙන මඟුලක් තිබිලා. වතික ඒක ගැන කොහොමත් දැනගෙන ඉඳලා නෑ. හොඳම සීන් එක ඌ තමා වතිකගේ පොල් වත්තේ Accountant. වයසෙනුත් බාලයි ඒ ගෑණිට වඩා. ගෑණි පොල් වත්ත බලන්න යනවා ගිහින්. වත්තේ පොල් කඩන මිනිහෙක් ඔත්තුව දීලා තියෙන්නේ. වතික යනකොට ගෑණියි ඒ කොල්ලයි office room එකේම honeymoon යනවලු….” සේයා කියන් යද්දි මගේ ඔළුව රත්වුණා.
“කවුද උඹට ඕවා කිව්වේ….?”
“උඹේ අක්කගේ මිනිහා. මහේෂ් අයියා වතික ගැන update. වත්තේ වැඩ කරන මිනිහා තමා ඕවා කියලා තියෙන්නේ. ඌ කලිනුත් දවසක් වතිකට කිව්වලු පොඩ්ඩක් Accountant ගැන බලන්න කියලා. වතික ගණන් අරන් නෑ…”
සේයා කියද්දි මම ලොකු හුස්මක් ගත්තා.
“වතිකට අම්මලත් නෑ බන්. ඒ මිනිස්සු ලංකාවෙන් ගිහින්. වතික එක්ක කිසිම connection එකක් නෑ….”
“මට තේරෙන්නේ නෑ සේයා. මම එයාට කිසිම වැරැද්දක් කළේ නෑ. මට තාම හිතෙන්නේ නෑ යන්න ඕන කියලා….”
“වතික ඉන්න situation එක එච්චර හොඳ නෑ නෙතූ. Doctor කිව්වේ බේරගන්න අමාරු වෙයි කියලා. මං දන්නවා උඹට වුණ හොඳක් නෑ කියලා. ඒත් අදටත් කසාදේ ඉවරවෙලා නෑ. උඹේ දරුවගේ තාත්තා…” සේයා කියද්දි මට වතිකගේ කඩවසම් මූණ මැවිලා පෙනුනා.
“අන්තිම වතාවට අපි යන් නෙතූ….” සේයා කිව්ව විදියට මට දුක හිතුනා.
“දුව….?” මම ඇහුවා.
“එක්ක යන්. එයාට මේ හම්බුවෙන අන්තිම අවස්ථාව…”
මම සේයයි දුවයි එක්ක hospital එකට ගියා. මම යද්දි අක්කයි මහේෂ් අයියයි හිටියා.
“බලන්න දෙන්නේ නැද්ද….?” මම ඇහුවා.
“අර වීදුරුවෙන් බලන්න. ඇතුළට යන්න දෙන්නේ නෑ….” අක්කා කිව්වා.
මම දුවත් එක්ක වීදුරුවට එබුනා. එහෙන් මෙහෙන් බට ගහලා ලේ, සේලයින් බෙහෙත් ඔක්කොම එක්ක වතික ඉන්න හැටි දැක්කම නම් මට ඇඬුනා. දුවත් එහෙම්ම මගේ පපුවට හේත්තු වුණා.
“ඔයා මං ළඟ හිටියා නම් ඔහොම වෙන්නේ නෑ වතික….” මට කියවුණා.
“නෙතූ… එන්න….” සේයා මාවයි දුවවයි පුටුවක ඉන්දෙව්වා.
“මම මගේ තාත්තව මෙහෙමද නැන්දේ දකින්න ඕනේ….?” දුව සේයගෙන් ඇහුවා.
සේයා මුකුත් කියන්නේ නැතුව දුවව තුරුල් කරගත්තා.
“වතිකගේ relation කෙනෙක්….?” Doctor ICU එකෙන් එළියට ඇවිත් ඇහුවා.
“Doctor… මම වතිකගේ wife….” අවුරුදු ගාණකට පස්සේ මම wife කියන වචනේ පාවිච්චි කළා.
“අහ්…පොඩ්ඩක් එන්න….” Doctor කතා කළා.
“මේකයි මිස් වතිකගේ Brain damage දැන් එයා ජීවත් වුණත් වැඩක් නෑ. මේ machine වල තියලා වැඩක් නෑ…” Doctor කියද්දි මට තේරුනා වතික ආයේ නොඑන්නම ගිහින් කියලා. මට එහෙම්ම කලන්තේ දාලා වැටුණා.
ඇත්ත…අන්තිමේට වතිකට හිටියේ මමයි දුවයි. වතිකගේ ඇස්, වකුගඩු වගේ දේවල් දන් දෙන්න මම තීරණය කළා. මට ඕන වුණේ ඒ පිනෙන්වත් ලබන ආත්මෙක වතික සැනසීමෙන් ඉඳලා මේ සංසාරෙන් ගැලවෙනවා දකින්න.
මරණේ ගෙදර ගේන්නේ නැතුව මල් ශාලාවක තියමු කියලා මහේෂ් අයියා කිව්වා. හරි හමන් යාළුවෙක්වත් නැතුව වතික මොන ජීවිතයක් ගෙව්වද කියලා මට හිතාගන්න බැරිවුණා. මට ඇත්තටම ලොකු අනුකම්පාවක් දැනුනා.
“වතික මොන ජීවිතයක්ද බන් ගෙවලා තියෙන්නේ….?” සේයා මගෙන් ඇහුවා.
“මම දන්නෙත් නෑ බන්… මම නමට ගෑණි වුණාට මම දැනන් හිටියේ නෑනේ කොහේ යනවද මොනවා කරනවද කියලා…”
හත් දවසේ දානෙත් දීලා මම පිං දුන්නා වතිකට හොඳ ආත්මයක් ලබලා පිං කරන්න ලැබෙන්න කියලා. මට එයා වෙනුවෙන් කරන්න පුළුවන් එච්චරයි.
*****************************
වතික නැතිවෙලා දුවත් උසස් පෙළ කළාට පස්සේ මම දහම්ව marry කළා. මේ සැරේ නම් හැමෝගෙම ආශිර්වාදේ එක්කම. දහම් ඇත්තටම හොඳ husband කෙනෙක් තාත්‍තා කෙනෙක් වුණා. ඒ වගේම හොඳ business partner කෙනෙක්. ඒ වගේම මමයි දහමුයි එකතුවෙලා සේයවත් අමාරුවේ දැම්මා. ඒ දහම්ගේ හොඳම යාළුවෙක්ව සේයට බන්ඳලා දීලා. සේයයි නිර්මාලුයි පුතෙක් අරන් හදාගත්තා. පොඩි කාලයක් ඇතුළත අපි හය දෙනෙක්ගේ ජීවිත වෙනස් වුණා. දුව හොඳට උසස් පෙළ සමත් වුණා. ඒත් එයා campus ගියේ නෑ. මම වගේම Private Campus එකක Fashion Designing ඉගෙන ගන්නවා. මට වඩා දුර ගමනක් දුව යනවා. දහම් අපි දෙන්නගේ ලෝකෙට අරන් ආව ආදරේ එක්ක අපි සතුටින් ජීවත් වෙනවා. ඒ ආදරේ මහමෙරක් තරම් මට වටිනවා.
“මං හැමදාමත් ඔයාට ගොඩක් ආදරෙයි දහම්….” මම හැමවෙලේම දහම්ට කියනවා.
********************
ජීවිතේ කියන්නේ ප්‍රශ්ණ පත්තරයක්. එකම ප්‍රශ්ණේ දෙපාරක් වුණත් එකම උත්තරේ ඒකට ගැලපෙන්නේ නෑ. කඩාවැටීම්, බිඳවැටීම් අහිමි වීම් තමා ජීවිතේ වැඩිපුර තියෙන්නේ. ඒත් ඒ හැමදේම තාවකාලිකයි. ජීවිතේ හරි සුන්දරයි. මම මගේ ජීවිතෙන් ඉගෙන ගත්ත ලොකුම පාඩම් ඒක.
නිමි.
©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල 

- A word from our sposor -

spot_img

මේ මගේ කතාවයි – 10 කොටස ( අවසාන කොටස )

නිවසේ ඇතුලත මෙන්ම පිටතත් හැඩකරන බිගෝනියා

දැක්ක ගමන් නෙත් සිත් වශීකරන ශාක අතරින් බිගෝනියා ඔබගේ නිවස පිටත මෙන්ම ඇතුළතද ලස්සන කරයි. * වර්ග රැසයි මෙම ශාකයේ ගොඩක් පාට මෙන්ම විවිද රටා වලින්...

පිරිමිකමට ශාප කරන ගැහැනිය

මේ වාක්‍ය දැක්කාම ඔයාලට මොනාද මතක් වෙන්නේ? අනිවාර්යෙන්ම පිරිමියෙක්ගෙන් වරදක් වූන ගැහැනියක් නේද මතකෙට එන්නේ. අසම්මතයේ හැසිරෙන ගැහැනිය ගණිකාව යැයි කිව්වොත්.. එකී මෙකී නොකී...

සෙල්ෆි උන්මාදය ඔබටත් වැලදිලාද ?

මෑත කාලයේ උන්මාදයක් බවට පත් උන මේ සෙල්ෆි අද වෙනකොට ජිවිතයේ නැතුවම බැරි අංගයක් වෙලා. මේ උන්මාදය බොහෝ දෙනෙකුට උරුම කරලා තියෙන්නේ හොද අවසානයක්...

මේ වගේ පොලිසියක් ලංකාවෙත් හිටියනම් ?

ඉන්දියාවේ අග නගරය වන දිල්ලියෙහි හිංසාකාරී ලෙස කාන්තා අතවරයන් සිදුවීම අද වන විට විශාල වශයෙන් කතාබහට ලක් වන මාතෘකාවකි. වෛද්‍ය ශිෂ්‍යාවක් බස් රථය තුල...

විවාහක කාන්තාවන්ගේ දේපල අයිතිය සහ ගිවිසුම් අයිතිය

1879 වෛවාහක අයිතිවාසිකම් සහ උරුමය පිළිබඳ ආඥා පනත සහ 1923 වෛවහකගත ස්ත්‍රීන්ගේ දේපල ආඥා පනත මගින් දේපල සහ ගිවිසුම් සම්බන්දයෙන් විවාහක කාන්තාව මත පනවා තිබු...

සුළං කපොල්ලෙන් පුංචි ලෝකාන්තයට 

ශ්‍රී ලංකාව ලොව ප්‍රකට සොඳුරු රටවල් අතර පෙරමුණේ තිබෙන රටකි. දේශගුණික, කාලගුණික, වෙනස්කම් වලින් සමන්විත සොබාදහමේ අපුරු දසුන් ඇති සොඳුරු පාරාදීසයකි. ලොව වටා සංචාරකයන්...

වඩාත් හොඳ මවක් සහ පියකු වන්න සෑම විටම

ඔබ ඔබේ දරුවන් ඇතිදැඩි කරන ආකාරයෙන් පැහැදිලි වන්නේ ඔබ ඔබේ අනාගත පරපුර ගොඩනගන ආකාරයයි. දෙමවුපියන් ලෙස කටයුතු කිරීමේ කලාව පිලිබඳ විදිමත් පුහුණුවක් අප බොහෝ...

උයන පිහන මේ රහස් ටික දන්නවනම් ඔයාටත් පුළුවන් හොඳම ගෘහණිය වෙන්න

ඔබට ඔබේ කෑම වල රසය සහ ගුණය වැඩි කර ගන්න පුලුවන්නම් රසකාරක නොයොදන එක ඔබේ ශරීර සෞඛ්‍යටද ඉතාමත් හිතකරයි. අද අපි ඔබට කියලා දෙන්නේ...

Shanudrie එක්ක Photoshoot එකක්

සංකල්පය           : Gayani Batz ඇඳුම් නිර්මාණය  : Gayani Batz හැඩගැන්වීම        : Gayani Batz ජයාරුපකරණය   :Gayani Batz Media Crew / Chamara Jayawardana / MI...