Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

2018 සිංහල අවුරුදු නැකත් සීට්ටුව

සුර්යයා මිණ රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමත් සමඟ එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික සිංහල හා දෙමල ජනයාගේ ප්‍රධාන සංකෘතික මංගල්‍යයයි. මේ 2018 සිංහල අවුරුදු නැකත් සීට්ටුවයි.

නව සඳ බැලීම :-
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 18 වෙනි ඉරිදා ද අභිනව සුර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 20වෙනි සිකුරාදා දිනද සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය :-

අප්‍රේල් මස 12 වැනි බ්‍රහස්පතින්දා දින බෝ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව :-

අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 08:13 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.

පුණ්‍ය කාලය :-

අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 01:49 සිට එදින අපර භාග 02:37 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 01:49 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 08:13 සිට අපර භාග 02:37 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනවි.

ආහාර පිසීම :-

අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භග 10.40 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුර දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා, හකුරු මිශ්‍ර කිරිබතක් ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය :-

අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 11:53 ට නිල් වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම :-

අප්‍රේල් මස 16 වැනි සඳුදා පූර්ව භාග 10:16 ට උතුරු දිශාව බලා හිසට දිවුල් පත් ද, පයට ඉඹුල් පත් ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ දිවුල් මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.

රැකි රක්ෂා සඳහා පිටත්ව යාම :-‍

අප්‍රේල් මස 19 වැනි බ්‍රහස්පතින්දා දින කහ සහ රන්වන් පැහැති වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කොට පූර්වභාග 06:03 ට නැගෙනහිර දිශාව බලා පිටත් වීම මැනවි.

ඉහත සියලු නැකැත් වේලාවන් පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සම්මත ඔරලෝසු වේලාවට අනුවය.

Popular Articles