Friday, April 26, 2024

Top 5 This Week

Related Posts

හැරී කුමරුගේ මංගල කේක් ගෙඩිය තෝරයි .

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ හා ඇමෙරිකානු ජාතික මේගන් මාකෙල්ගේ රාජකීය මංගල උත්සවය ලබන මැයි 19 වනදා පවැත්වීමට නියමිතය. ඒ සඳහා වන මංගල කේක් ගෙඩිය තේරීම හැරී කුමරුගේ හා මේගන් ගේ කැමැත්ත පරිදි පසුගියදා සිදු විය.

රාජකීය කේක් ගෙඩිය ලෙස මේ යුවල විසින් තෝරාගෙන ඇත්තේ දෙහි හා එල්ඩර් බේරී යොදා ගනිමින් නිර්මාණය කල කේක් වර්ගයක් බව වාර්තා වේ. නැවුම් මල් වලින් හා බටර් ක්‍රීම් වලින් කේක් ගෙඩිය හැඩ ගැන් වී බව කෙන්සිටයින් මාලිගය නිවේදනය කර තිබේ. මෙම කේක් ගෙඩිය නිර්මාණය කරන්නේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිටින ප්‍රසිද්ධ සම්මානනීය සුපවේදිනියක මෙන්ම දක්ෂ කේක් නිර්මාණ කාරියක වන ක්ලෙයාර් ප්ටැක් ය.

 

Popular Articles