නිවසක් ඉදිකිරීමත්, විවාහ ( marriageවීමත් මිනිසෙකු ජිවිත කාලයට එක් වරක් පමණක් කිරීමට බලාපොරොත්තු වන දේවල්ය. සාර්ථක දිවිපෙවෙතකට මාර්ගය එයයි. නිවසක් ඉදිකිරිම මෙන්ම විවාහ වීමත් මනා සැලැස්මක් නොමැතිව සිදුකිරීමෙන් ජීවිතය අසාර්ථක වෙයි. නිවසක් ඉදිකිරීමේන් වන අයගේ ආයුෂ වර්ණ සැපබල යන සාධක ප්‍රධාන වන අතර එවැනි පසුබිමක් තුල නිවැරදි වාස්තු විද්‍යානුකුලව නිවසක් තනා ගැනීමට පෙරදිග වැසියන් උත්සුක වූ බව දක්නට ලැබේ.

 

අතීතයේ දී නිවසක වැසිකිලි පද්ධතිය පිහිටා තිබුනේ නිවසට තරමක් දුරිනි. පසුකලෙක එය නිවස අද්දරින් ඉදිකෙරුණ අතර තවත් කාලයක් ගත වන විට නවීන අංගෝපාංගයන් සහිතව නානකාමරයක් ලෙස වැසිකිලි පද්ධතිය නිවෙස් අභයන්තයේම ඉදිවන්නට විය. අද වර්තමානය වන විට මෙම නානකාමරය නිදනකාමරයේ අභ්‍යන්තරයේ නිදන කාමරයට දොර විවෘත වන ලෙස ඉදිකරනු ලැබේ.

 

කාලයාගේ ඇවෑමෙන් නිවාස ඉදිකිරීමේ කලාව බටහිරකරණය වෙමින් නොයෙක් නවීන අංග පෙරදිග වාස්තු කලාවට එක වුවද එය අද වන විට නිවැසියන්ගේ විවාහ ජිවිත අවුල් ජාලයක් බවට පත් කරන්නට සමත් වී ඇත.

 

නාන කාමර, වැසිකිලි, බාත්රුම් , වොෂ් රුම් යන කුමන නමින් හැඳින්වුවද නිදන කාමරයේ අභ්‍යන්තරයේ මෙය ඉදිකිරීමෙන් යුග ජිවිතයේ අඹුසැමි සතුට හිනවීම , අනියම් සම්බන්දතා ඇතිවීම , ලිංගික බෙලහිනතා, ලිංගික විකෘතිතා ඇතිවීම , ඇද්දී දුර්විපාකයන්ට අඹු සැමියන්ට සිදු වේ.

 

මා විසින් ගවේශයන කරන ලද හා පර්යේෂණ කරන ලද කරුණු අනුව ජන්ම පත්‍රයේ අනියම් සම්බන්ධතා ඇති විය හැකි යෝග නැති වුවද එකී පුද්ගලයන්ගේ අනියම් සම්බන්දතාවයන්ට මුලිකව තිබුනේ නිදන කාමරය අභ්‍යන්තරයේම නාන කාමරය පිහිටා තිබීමයි. එමෙන්ම යම් කිසිවෙකුට අනියම් සම්බන්ධතාවයක් ඇතිවන යෝගයක් පිහිටා තිබුනේ නම් එවැනි අයට මෙම පිහිටීම පනින රිලවුන්ට ඉනිමන් තැබීමක් වන්නේය. මෙහිදී අනියම් සම්බන්ධතාවයන්ට උත්තේජනයක් සැපයීම සිදු වේ. එසේ වන්නේ එම කාමරය තුල දීර්ඝ කාලයක් ජිවත් විමෙන්ය.

 

අද සාමජයේ අනියම් සම්බන්ධාතා ඇතිවෙමේ ප්‍රවනතාවය ඉහල අගයක පවතින අතර පුද්ගල ජන්ම පත්‍ර නොමැති වුවද නිදන කාමරය තුල නාන කාමරය පිහිටා ඇති ආකාරය අනුව මෙහි ප්‍රතිවිපාක නිර්ණය කල හැකිය.

 

ඔබගේ ප්‍රීතිමත් පවුල් ජීවිතය සතුට සැනසුම අපේක්ෂා කරන්නේ නම් මෙකි වස්තු දෝෂයන් තොරව නිවැරදිව වාස්තු විද්‍යානුකුලව නිවාස ඉදිකර ගැනීමෙන් ජීවිතය සැපවත් කරගන්න.

 

නාන කාමරයේ වැරදි පිහිටීම

                                 

         

 

නාන කාමරයේ නිවැරදි පිහිටීම    

   

           

 

අදහස
ජෝතිෂ්‍ය හා වාස්තුවේදී  s.c.k. අමරසිංහ මහතා     

0776505897                                   

- A word from our sposor -

spot_img

අනියම් සම්බන්ධතාවයකට මග පෙන්වන වාස්තු දෝෂ පිලිබඳ ඔබ දැනුවත්ද

සරාගී දෙතොලක් ලබාගන්න කැමති ඔයාට

ලස්සන රෝස පැහැති දෙතොලක් ලබා ගන්න කවුද අකමැති. එය ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. රෝස පාට දෙතොල් ඇති ඕනෑම අයෙකුගේ තියෙන්නේ ස්වභාවික ලස්සනක්. එවැනි...

කාන්තා අයිතීන්ද මානව අයිතීන් වේ

 කාන්තා අයිතීන් කෙරෙහි පටු ලෙස බලන අයගේ විශ්වාසය වන්නේ අයිතීන් යනු කාන්තාවක් ලෙස උපත ලබා ඇති නිසාම ඔවුන්ට ලැබෙන වරප්‍රසාදයක් හෝ අසාධාරණ වාසියක් බවය.නමුත් මනුෂයන් වශයෙන් සියලු...

ගෙදර ඉඳන්ම සම පැහැපත් කරගන්න යුවතියන්ට කියාපු පහසුම ප්‍රතිකාරය

සැලුන් එකට යන්නේ නැතිව ගෙදර ඉඳන්ම සම පැහැපත් කරගන්න ක්‍රමයක් ගැනයි මේ කියල දෙන්න හදන්නේ ඔයාලට. ඕනෑම කෙනෙක් මුලින්ම බලන්නේ අපේ මුහුණ දිහානේ. ලස්සන...

ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය 01 – කොටස

ළමයින් වැඩිහිටියන් වන විට බොහෝ දේ ඉගෙනගන්නේ පාසලෙන්, දෙමවුපියන්ගෙන් සහ බොහෝවිට සමාජයෙන්. තාරුණ්‍ය, යෞවනය පහු කරගෙන වැඩිහිටියෙක් බවට පත්වන විට ඔවුන්ගේ දැනුම කුසලතා වර්ධනය...

ස්භාවිකව සම පැහැපත් කරගන්න කැමති ඔයාට

අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. විවිධ ක්‍රිම් වර්ග භාවිතා නොකර ස්වභාවික ආකාරයට සම දිප්ත්මත් කරගන්න පුලුවන්නම් කොච්චර හොඳද? ඉතින් https://thewoman.lk අපි හැමදාම ඔයාට කියල...

සුරූපී නිළි ශ්‍රී දේවිගේ අවසන් රංගනය

මංගල උත්සවයට සහභාගී වූ ශ්‍රී දේවිගේ අවසන් රංගනය... https://youtu.be/-b91RavZOT8

කුට්ටනය ( Trafficking ) – දණ්ඩ නීති සංග්‍රහයේ 360 වගන්තිය

මුදල් හෝ වෙනත් දෙයක් සඳහා පහත සඳහන් ඕනෑම ක්‍රියාවක් හෝ ක්‍රියා සිදු කරන අයෙක් කුට්ටනය කිරීමේ වරදට වරදකරු වන අතර අවුරුදු 10 දක්වා...

L T T E විසින් හැංගු රත්‍රන් තොගය සෙවූ නිලධාරීන්ට ලැබුණු දේ

එල් ටි ටි සංවිධානය විසින් යුධ සමයේ මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ රත්රන් සහ ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ දින (20)...

ශ්‍රී ලංකා කාන්තා ව්‍යවසායකයින් සඳහා කුඩා ව්‍යාපාර අදහස් සහ අවස්ථාවන් කිහිපයක්

අද වන විට ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ නිර්මාණශිලිත්වය ඉතා ඉහල මට්ටමක පවතිනවා. ඔවුන් නව සොයාගැනීම් සහ නව නිපැයුම් කරා ලංවී ඇත. නමුත් ඔවුන් වඩාත් සවර්ධිත...