Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

සම්සුන් Galaxy Note X ලඟදීම

සැම්සුන් නෝට් 7 නිෂ්පාදනයේ ඇති වූ දෝෂ නිසා සැම්සුන් වෙළඳ පොළ කඩා වැටුණු විදිහට ලොව පුරා තාක්ෂණික විචාරකයින් කියා සිටියේ නැවත කුමන හේතුවක් නිසා සැම්සුන් ඉදිරි දශකය පහු කලත් තම පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට නොහැකිවන බවයි. ඒ සියලු කතා ගැන තැකීමක් කරන්නේ නැතුව සැම්සුන් ආයතනය ස්මාර්ට් ෆෝන් ලෝකය 2018 වසරේදී දෙවනත් කරන්න ලෑස්තියි. කෙසේ වෙතත් එයට මුලාරම්භය ගත්තේ 2017 වසරේ නෝට් 8 නිකුතුව සමගින් බව තමයි සැම්සුන් ආයතනය කියන්නේ. 2018 වෙනස තමයි නැවෙන සුළු තිරයකින් යුතු නෝට් X නිකුත් කිරීමට සැම්සුන් සැලසුම්කර ඇති බව නිවේදනය කිරීම. ස්මාර්ට් ෆෝන් එක අඟල් 6කින් යුතු ටැබ් එකක් බවට පත් කල හැකි මේ අරුමැති ස්මාර්ට් ෆෝන් එක දකින්න මේ වන විට ලොව පුරා ෆෝන් පරිභෝගිකයින් දෑස දල්වන් සිටින බව තමයි ආරංචි.

Popular Articles