Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

සෙල්ෆි උන්මාදය නිසා වයසට යනවා වැඩියි

සෙල්ෆි ( Selfie ) ඡායාරූප කලාව මෙරට ජනප්‍රිය වූයේ Facebook නිසාය. දුර්ලභ හෝ ලස්සන සෙල්ෆි ඡායාරූප රැගෙන මුහුණු පොතට එකතු කිරීම හෝ සිය සමීපතමයන්ගේ ජංගම දුරකතනයට යැවීම විශේෂයෙන්, තරුණ තරුණියන්ගේ ආශාවකි. වරද ඇත්තේ සෙල්ෆි ඡායාරූප ගැනීමේ නොව ඒ වෙනුවෙන් සිය ජීවිතය අවදානමේ හෙළිමය.

 

මාරයා දොරකඩටම පැමිණියත් තමන්ගේ ජංගම දුරකථනය ( mobile) හෝ ඩිජිටල් කැමරාව (digital cemara) ගෙන ඔහුත් සමඟ සෙල්ෆියක් (selfie) ගන්නට අපේ කට්ටිය අමතක කරන්නේ නැත. තමන්ට වන විපතකදී වුවත් අනෙක් අයෙකුට වන විපතක දී වුවත්, කෙතරම් භයානක අවස්ථාවකදී වුවත් සෙල්ෆියක් ගැනීමට අද කාලේ තරුණ තරුණියන් පසුබට වන්නේ නැහැ. වයස් භේදයකින් තොරව ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මේ පුරුද්දේ කොටස් කාරයෝ වී සිටිති. ඔවුන් බොහෝ දෙනාගේ දවසේ තිබෙන සුන්දරම බලාපොරොත්තුව වන්නේ සුන්දර සෙල්ෆියක් ගැනීමය. එයින් සිදුවන ඇබැද්දිය ඉතා හානිකරය.

 

භයානක අවස්ථා වල සෙල්ෆි ගැනීමට ගොස් වන ජිවිත හානි ද සිතට ගැලපෙන සෙල්ෆියක් ගැනීමට නොහැකි වීමෙන් සිදුවන මානසික කලකිරීම ද, මානසික ආතතියද, බොහෝ විට වාර්තා වේ. සෙල්ෆි ගැනීමෙන් ඔබට සිදුවන හානි ගැන ඔබ මොහොතක් සිතුවේ නැහැ නේද?

 

ඇමරිකාවේ සමීක්‍ෂණයකට අනුව “සෙල්ෆි” ගැනීමට යැමෙන් 2014 වසරේ පමණක්‌ ලෝකයේ අනතුරු 33,000 ක්‌ සිදුව තිබේ. එම නිසාම 2014 වසර “සෙල්ෆි” අවුරුද්ද යනුවෙන් හැඳින්වූවේය. “වොෂින්ටන් පෝස්‌ට්‌” පුවත්පතට අනුව 2014 වසරේ සිට 2016 වසර දක්‌වා ලෝකයේ “සෙල්ෆි” අනතුරුවලින් පමණක්‌ මියගිය ගණන පනස්‌ හතරකි. මින් මරණ විසිහතක්‌ සිදුවී ඇත්තේ අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙනි. එම දත්තවලට අනුව 2017 වසරේ ගතවූ මාස හය ඇතුළත ලෝකය පුරා සිදුවී ඇති “සෙල්ෆි” අනතුරු මරණ සංඛ්‍යාව විසිහයකි. මෙම ලැයිස්‌තුවට ශ්‍රී ලංකාවේ නම ඇතුළත්වී ඇති ගණන තිදෙනෙකි.

 

සෙල්ෆි ( Selfie ) ගැනීමෙන් ඔබට සිදුවන හානි

ජංගම දුරකථන වල ඇති අධි ශක්ති දෘශ්‍ය ආලෝක කිරණ ( WDT ) තිරයෙන් විහිදෙන නිල් ආලෝකය සමට ඉතා අහිතකරය. ඒවාට නිතර මුහුණ නිරාවරණය වීමෙන් මුහුණේ රැළි මතු වීම ඉක්මන් වේ. සමේ ඇදෙන සුළු බව අඩුවී ආකෘතිය වෙනස් වේ.

 

සමෙහි ස්වාභාවික තෙල් නිෂ්පාදනය අඩු වීම, සම යට ගැඹුරු තෙල් තට්ටු අඩු වීම, එල්ලා වැටුණු සමට හේතු වේ. වෛද්‍යවරුන්ට නිතර දුරකථනය තබා ගන්නා ප්‍රදේශය අනුව මුහුණේ රැළි තිබෙන පැත්තද තීරණය කල හැකිය. ඒ මුහුණේ ඒ පැත්ත රැළි වැටී ඇති නිසාය.

 

ජංගම දුරකථනය සතු අනෙක් භයානක කම වන්නේ ජංගම දුරකථනයේ සතු ප්‍රභල චුම්භක ශක්තියයි. චුම්භක ක්ෂේත්‍රයෙන් සමේ ඛනිජ ලවණ වල වෙනස් කම් සිදු වේ. DNA වලට හානි සිදු වේ. සමේ DNA වලට හානි සිදු වූ විට එය නැවත යතා තත්වයට පත් කර ගැනීමේ කිසිඳු මොයිස්චරයිසර් වර්ගයකින්, තෙල් වර්ගයකින් මේ තත්වය පාලනය කිරීමට නොහැකි වීම මෙහි ඇති අවාසනාවන්ත තත්වයයි.

 

අධික selfie ගැනීමේ භයානක උවදුරක් වන්නේ නාසිසියම් හෙවත් අධි ආත්මාර්ථකාමී මානසිකත්වය වර්ධනය වීමයි. විශාදය වැනි මානසික රෝගී තත්වයන්ට ගොදුරුවීම මෙයින් සිදු වේ.

 

ඔබත් මේ selfie උන්මාදයෙන් පෙලෙන අයෙක් ද?

ඔබත් මේ selfie උන්මාදයෙන් පෙලෙන අයෙක් ද? ඔබ විසින් ඔබව වයසක පෙනුමක් ලඟා කරගැනීමක් සිදු කරගන්නවා ද? මෙයින් මානසික වශයෙන්ද ශාරීරික වශෙන්ද ඔබට බලපෑමක් ඇති කරන්නක්. මෙයින් අත් මිදුනහොත් ඔබටත් මානසික වශයෙන් මෙන්ම ශාරීරික වශයෙන් විකෘතිතා ඇති වීම ඔබ විසින්ම වලක්වා ගත හැකියි.

 

Selfie

 

Popular Articles