Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

උසින් අඩුනම් වඩාත් දිගට ඇඳුම් අඳින්න එපා

උසින් අඩු කාන්තාවන් තමන්ගේ උස වැඩිකර පෙන්වීමට බොහෝවිට කරන්නේ වඩා උසින් යුතු පාවහන් පැළදීමයි. එහෙත් උසින් වැඩි පාවහන් නිතර පැළඳීම ශරිර්යට හිතකර නැති බවයි වෛද්‍ය මතය.උසින් අඩු කාන්තාවන්ට අඩි උස පාවහන් පලදින්නේ නැතුව උස බව පෙන්විය හැකි උපක්‍රම තිබේ.

තනි පාට ඇඳුම් අදින්න
නොයෙකුත් මෝස්‌තර හැඩතල සහිත වර්ණ කිහිපයකින් යුතු ඇඳුම් වෙනුවට සෑම විටම තනි පහ ඇඳුම් ඇඳීමට යොමු වන්න.තනි පැහැ ඇඳුම් ඔබේ උස වැඩිකර පෙන්නාවි.

විශාල අත් බෑගයක් වෙනුවට කුඩා අත් බෑගයක්
නවීන විලාසිතාව කුමක් වූනත් ඔබ උසින් අඩු කාන්තාවක් නම් කිසිවිටෙක ප්‍රමාණයෙන් විශාල අත් බෑගයක් භාවිතා නොකරන්න. සෑම විටම ශරීරයට ගැලපෙන ප්‍රමාණයෙන් කුඩා අත් බෑගයක්ම භාවිතා කරන්න.

හිසකෙස් මුදුනට කර බඳින්න

හිසකෙස් පහතට කර බැඳීම හෝ හිසකෙස් මුදා හැර සිටිනවාට වඩා හිසකෙස් මුදුනට වන්නට කරන විලාසිතා මගින් ඔබේ උස වැඩි කර පෙන්නවනු ඇත.

දිග ඇඳුම් වෙනුවට කොට ඇඳුම්
දණහිසට අඟලක් පමණ කොට ඇඳුම් ඔබේ පාද වඩා දිගු බවකින් පෙන්වනු ඇත. උසින් අඩු යොවුන් යුවතියන්ට තමන්ගේ උස අඩු බව සඟවන්නට වඩා දිග ඇඳුම් නොව වඩා කොට ඇඳුම් ගැලපේ.

සිරස් ඉරි සහිත ඇඳුම් අඳින්න
සිරස් අතට විහිදුනු ඉරි සහිත ඇඳුම් උසින් අඩු, තරබාරු කාන්තාවන්ගේ එම මහත ස්භාවය අඩු කර උස වැඩි කර පෙන්වන්නට උපකාර වේ.

Popular Articles