Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

කටට රසට කෑම හදන්න නම් මේ ටිකත් දැනගෙනම ඉන්න ඕනි.

ගෘහණියක් වෙනවා කියන්නේ හරිම වගකීමක්. ඒ වගේම තමයි කරන්න තියෙන වැඩ වල ඉවරයක් නැහැ.පවුලේ අයගේ කෑම වේල සකස් කරනවා කියන්නේ ගෘහණියකගේ ප්‍රධාන කාර්යක්. ඇත්තටම රසට ගුණට කෑම වේලක් හදන්න ගියාම අපිට මුණ දෙන්න වෙන ලොකුම ගැටළුව තමයි ව්‍යංජනයට ගැලපෙන තුනපහ මිරිස් ටික හදාගන්න එක. මොකද ලේසියට පහසුවට කඩෙන් මිරිස් තුනපහ කඩෙන් ගත්තට අපි බලාපොරොත්තු වෙන තරම් රසයක් කමට එකතු වෙන්නේ නැහැ.
ඉතින් අද අපි කියල දෙන්නේ ගෙදරදී මිරිස් තුනපහ රසට හදාගන්නේ කොහොමද කියල. රැකියාවට යන ගෘහනියකට වුනත් නිවාඩු දවසට මේ ටික හදල තියන්න පුළුවන්.

තුනපහ හදනකොට මතක තියාගන්න ඕනි දෙයක් තමයි එළවළු ව්‍යංජනයට ගැලපෙන තුනපහ වර්ග මස් , මාළු ව්‍යංජනයට ගැලපෙන්නේ නෑ කියන එක. පාඩම හරියට එන්න නම් මිරිස් තුනපහ ටික ව්‍යංජනයට වැටෙන්න ඕනි.

මාළු ඉවීමට ගන්නා මිරිස් තුනපහ

වියලි මිරිස් 500g
සූදුරු 50g
කොත්තමල්ලි 100g
එනසාල් ඇට කිහිපයක්
කරාබු නැටි 5ක්
ගම්මිරිස් ඇට ස්වල්පයක්
කුරුදු පොතු අඟල් 5ක පමණ කැබලි 3ක්
මාදුරු ස්වල්පයක්
කරපිංචා අතු 5ක් පමණ
රම්පෙ කැබැල්ලක්

මුලින්ම මිරිස් සෝදා අව්වේ වේලා ගන්න. කොත්තමල්ලි, සූදුරු, එනසාල් ඇට,කරාබු නැටි,ගම්මිරිස් ඇට, මාදුරු,කරපිංචා , රම්පෙ සෝදා මිරිස් සමග කවලම් නොකර වෙනම වේලා ගන්න. වේලාගත් මිරිස් blender එකක ආධාරයෙන් කුඩු කරගෙන කබලේ බැද ගන්න. වේලා ගත් අනිත් ද්‍රව්‍ය කබලක දමා රන්වන් පාට වනතුරු බැදගන්න. එයත් blender එකක ආධාරයෙන් කුඩු කර ගන්න. මිශ්‍රණ දෙකම හොදීන් කවලම් කරගන්න.

මස් ඉවීමට ගන්නා මිරිස් තුනපහ

වියලි මිරිස් 400g
සූදුරු 50g
කොත්තමල්ලි 100g
එනසාල් ඇට කිහිපයක්
කරාබු නැටි 5ක්
ගම්මිරිස් ඇට ස්වල්පයක්
කුරුදු පොතු අඟල් 5ක පමණ කැබලි 3ක්
මාදුරු ස්වල්පයක්
කරපිංචා අතු 5ක් පමණ
රම්පෙ කැබැල්ලක්

මුලින්ම මිරිස් සෝදා අව්වේ වේලා ගන්න. කොත්තමල්ලි, සූදුරු, එනසාල් ඇට,කරාබු නැටි,ගම්මිරිස් ඇට, මාදුරු,කරපිංචා , රම්පෙ සෝදා මිරිස් සමග කවලම් නොකර වෙනම වේලා ගන්න. වේලාගත් මිරිස් blender එකක ආධාරයෙන් කුඩු කරගෙන කබලේ බැද ගන්න. මාළු කරියට බැදපු ප්‍රමාණයට වැඩ ටිකක් වැඩි පුර බැදගන්න. වේලා ගත් අනිත් ද්‍රව්‍ය කබලක දමා රන්වන් පාට වනතුරු බැදගන්න. එයත් blender එකක ආධාරයෙන් කුඩු කර ගන්න. මිශ්‍රණ දෙකම හොදීන් කවලම් කරගන්න.

එළවලු ඉවීමට ගන්නා තුනපහ

සූදුරු 50g
කොත්තමල්ලි 150g
එනසාල් ඇට කිහිපයක්
කරාබු නැටි 5ක්
කුරුදු පොතු අඟල් 5ක පමණ කැබලි 3ක්
මාදුරු ස්වල්පයක්
කරපිංචා අතු 5ක් පමණ
රම්පෙ කැබැල්ලක්

කොත්තමල්ලි, සූදුරු, එනසාල් ඇට,කරාබු නැටි,ගම්මිරිස් ඇට, මාදුරු,කරපිංචා , රම්පෙ සෝදා වේලා ගන්න.Bender එකක ආධාරයෙන් හොදින් කුඩු කර ගන්න. කබලේ දමා බැද ගැනීම අවශ්‍ය නොවේ.

Popular Articles