Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ගමේ පදමට අඹ ව්‍යංජනයක් හදමු

අඹ ව්‍යංජනය කියන කොටම කටට කෙල උනනවා නේද? එහෙම එකේ වැඩි කතා මොකට ද ? අපි රසම රසට ගමේ පදමට අඹ ව්‍යංජනයක් හදමුකෝ.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • අඹ ගෙඩි 03ක්
  • පිරිසිදු කර සිහින්ව කපා ගත් රතු ළුණු 50g
  • අමු මිරිස් කරල් 03ක්
  •  තක්කාලි ගෙඩි 02ක්
  • සුදුළුනු
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • අබ තේ හැඳි 1/4ක්
  • රම්පෙ, කරපිංචා
  • මිරිස් කුඩු මේස හැඳි 02ක්
  • තුන පහ කුඩු මේස හැඳි 02ක්
  • කහ කුඩු ස්වල්පයක් සහ සීනි මේස හැඳි 02ක්
  • රස අනුව ලුණු
  • පළමුව මිරිකා ගත් පොල් කිරි කෝප්ප 01ක්
  • දෙවනුව මිරිකා ගත පොල් කිරි කෝප්ප 01ක්

සාදා ගන්නා ආකාරය
අඹ පොතු ඉවත් කර සාමාන්‍ය ප්‍රමාණයට කපා ගන්න. එළවළු ද සිහින්ව කපා ගන්න. භාජනයක් ගෙන රත් කර එයට තෙල් ස්වල්පයක් දමා අබ, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු එකතු කර හොඳින් කවලම් කර එයට රතු ළුණු, තක්කාලි, අමු මිරිස් ද එකතු කර සියල්ල රත් වූ පසු එයට මිරිස්, තුනපහ, කහ එකතු කර හොඳින් රත් කරගන්න. ඉන්පසු එයට කපා ගත අඹ ටික එකතු කර ලුණු සහ සීනි දමා දෙවනුව පෙරාගත් පොල් කිරි එකතු කර හොඳින් තම්බා ගන්න. එය තැම්බූන පසු පලමුවපෙරා ගත් කිරි ටික එකතු කර එය පසුන පසුව එය ලිපෙන් බා ආහාරයට එකතු කර ගන්න.

Popular Articles