Thursday, April 18, 2024

Top 5 This Week

Related Posts

ඉවසුවා ඇති වෙනස් කරමු

* හිංසනයක් සිදු වූ විට හුදකලාව විඳ දරා නොගෙන නිවැරදිව ප්‍රතිචාර දැක්වීමට දන්නවා
* කාන්තාවක් සේ ඉපදීම හිංසනයට ලක්වීමට කිසිසේත්ම හේතුවක් දැනගෙන කටයුතු කරනවා
* හිංසනය පිළිබඳ සමාජය තුල ගොඩනඟා ඇති වැරදි මතවාද, හිංසනයන් සිදුකිරීමට අවසරයන් ලෙස යොදා ගැනීමට ඉඩ දෙන්නේ නැ
* තමන්ට සිදුවන හිංසනයන් වෙනුවෙන් නීතියේ පිහිට පතා පොලිසියට උසාවියට යාමෙන් යුක්තිය ඉටු කරගත හැකි බව විශ්වාස කරනවා
* හිංසනයන් සිදුවන ආකාරයන්/ක්‍රම පිළිබඳ දන්නවා.(නිවැරදි අවබෝධයක් තිබෙනවා)
* හිංසනයක් සිදුවූ විට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරයන් පිළිබඳව අවධියෙන් සිටිනවා
* තමන් අඳින, පළඳින, ඇවිදින, කතා කරන, හිනාවෙන, ප්‍රතිචාර දක්වන, හැසිරෙන ආකාරයන් හිංසනය සාධාරණිකරනය කිරීමට හේතුවක් නොවන බව දන්නවා
* හිංසකයන් සෑමවිටම ශක්තිමත් පිරිසක් නොවන බවත් සමාජය ඉදිරියේදීත් ඔවුන් දුර්වල පිරිසක් වන බව දන්නවා
* ටෙලි නාට්‍ය හෝ වෙනත් වැඩසටහන් වල දෙබස්, චරිත, ජවනිකා, කාන්තාවන්ට එරෙහි හිංසනය සාධාරනීකරණය කරන විට: එයට එකඟ නොවී විරුද්ධ වෙනවා, ප්‍රතිචාර දක්වනවා
* හිංසනයට එරෙහිව නැඟීසිටීමෙන් යුක්තිය ඉටුකරගත හැකි බවත් ඒ වෙනුවෙන් නැඟී සිටීමේ අවශ්‍යතාවයත් පිළිගන්නවා
* දුප්පත්කම නිසා ඇතිවන අසරණබව හිංසනයට හිංසනයට නතුවීමට හේතුවක් නොවන බව පිළිගන්නවා
* හිංසනයට පත්වීම තමාගේ තමාගේ වරදක් ලෙස සිතන්නේ නැහැ වගේම එය අන් අය සමඟ ප්‍රකාශ කිරීමද වරදක් ලෙස දකින්නේ නැහැ
* හිංසනය මඟින් කාන්තාවන් යටත් කරගත නොහැකි බව දන්නවා
* හිංසනයට ලක්වූ විට ඒ වෙනුවන් කතා කිරීම හෝ ඊට එරෙහිව ක්‍රියාත්මක වීම ලජ්ජාවට කරුණක් ලෙස සිතන්නේ නැහැ
* හිංසනය විසඳුම් සෙවිය යුතු පොදු සමාජ ප්‍රශ්නයක් ලෙස පිළිගන්නවා
* හිංසනය යනු කාන්තාවන් නිවැරදි කිරීමට යොදාගත හැකි මඟක් නොවන බව දන්නවා

 

අදහස

Popular Articles