Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

අත් යට කළු පාට නැති කරන්න සරල ක්‍රම 5ක්

බොහෝ යුවතියන් අත් නැති ඇඳුම් අදින්න මැලිකමක් දක්වන්නේ අත් යට ඇති කළු පැහැය නිසයි. අත් යට කළු පැහැ ගැනීම මේක් අප් (make up) වලින් වහන්න පුළුවන් එයක් නෙමෙයි. ඒ සඳහා වෙළඳපොලේ මිල අධික ක්‍රීම් වර්ග ගෙන ප්‍රතිකාර කරනවාට වඩා ගෙදරදීම ස්භාවික අමුද්‍රව්‍ය වලින් අත් යට කළු වූ ප්‍රදේශ පැහැපත් කර හැකි ක්‍රම 5ක් තමයි අද අපි ඉදිරිපත් කරන්නේ.

1. කිරි සත්කාරය (milk treat)

කිරිවල ඇති විටමින් හා වෙනත් විශේෂ අම්ල මගින් ඇත යට ඇති කළු පැහැය වෙනස් කරන්න පුළුවන්. කිරි මුදවපු කිරිත් සමග මිශ්‍ර කර අත් යට අලේප කිරීමෙන් අත් යට කළු පැහැය ඉවත් කරගන්න පුළුවන්

2. අර්තාපල් (potatoes)

සිහින් අර්තාපල් පෙත්තක් ගෙන අඳුරු වූ ප්‍රදේශයේ අතුල්ලා සිහිල් ඇල් ජලයෙන් සෝදා හරින්න . දින කිහිපයක් නොකඩවා කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාගන්න පුළුවන්

3. බේකින් සෝඩා 

බේකින් සෝඩා ජලය සමග මිශ්‍ර කරන්න. මිනිත්තු 10-15 අතර ප්‍රමාණයක් තබා මද උණුසුම් ජලයෙන් සෝදන්න

4. දොඩම් ලෙලි (orange peel)

දොඩම් ලෙලි අව්වේ වේලා හොදින් කුඩු කර එයින් තේ හැදි 2ක් කිරි තේ හැදී 1ක් සමග මිශ්‍ර කර ඇත යට අලේප කරන්න. විනාඩි 45ක් එලෙස තිබෙන්නට හැර සිහිල් ජලයෙන් සෝදන්න

5. පොල්තෙල් (oil)

අඳුරු වූ අත් යට පොල්තෙල් අලේප කර විනාඩි 15ක් තබා මෘදු සබන් වර්ගයක් යොදා සිහිල් ජලයෙන් සෝදන්න…

Popular Articles