Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

කරපු වැරදි ගැන කවදාවත් පසුතැවෙන්නේ නෑ ඒ දෙවල් ඉදිරි ගමනට පන්නරය කරගත් කථාවක්

සත්‍ය සිදුවිමකී…නම් ගම් සියල්ලක් පසා සත්‍ය සිදුවිමේ චරිතයන්මය

නැවතිමේ තිතේ ඉදන් සත්‍ය ලෙසම සිදු වූ සිදුවිම් මගේ ඇගිලි තුඩු මතින් ගොණු කර පාඨක ඔබට….

කිසිම දිනක කතුවරයකුගේ ඇගිලි තුඩු මතින් නොලියවෙන… කතුවරයෙකුට පෙල ගැස්විමට ධෛර්යක් නොමැති….ජීවිත අවදානමක් ගත්….ජීවිතේ හදාගන්න බැරි තරම් වැරදි කල….ආදරණිය මවු සෙනෙහසකින් හා ඊට දෙවැනි නොවු අවංක ආදරවන්තියකගේ කියාගන්න බැරි තරම් ලැබුනු ආදරයකින්…තනියම හදාගන්න බැරි වැරදි හදාගත්තු….පැරදුනු ජිවිතය දිනපු අසංක උමයන්ග මුදුන්කොටුව (අමුවා) වන කතෘ මගේ පෙරවදනයි…

“කතෘ වන මගේ පෙරවදනයි”

බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රීක්කයේ යාගොඩ කියන පුංචි ගමේ ජීවත් වුන අසංක…

අම්මා ගුරුවරියකද තාත්තා තාක්ෂණක ශිල්පියෙක්ද යන මා පිය යුවලගේ දෙවැනු දරු ගැබ වූ අසංක පලමු වසරට ඇතුලත් වෙනවා 2001 ක වර්ෂයේ…නිවන්දම රෝමාණු කතෝලික ප්‍රාථමික විදුහලේ අධ්‍යාපනය හදරන්න පටන් ගන්නේ අසංකගේ අම්මාගේ ඇස් මාණයේම හිඳය…මංඳ එම විදුහලේම ඉංග්‍රීසි විශය භාර ගුරුතුමිය අසංකගේ මව විම නිසාවෙනී….

පහා වසර ශිෂ්‍යත්ව විභාගය තෙක් අධ්‍යාපනය හදාරා… ශිෂ්‍යත්ව විභාගයෙන් ලමුන් 38කින් තිදෙනෙක් ලමුන් විසිදෙනෙක් ලකුණු සියයට වැඩිවද පහලොස් දෙනෙක් සියයට අඩුවෙන්ද…ලකුනු 98ක් අරගත්ත අසංක අම්මාගේ නම්බුව සුනු විසුනු කොට ජීවිතය අරම්භය සනිටුහන් කලේය…

,දෙමවුපියන් විසින් මුදල් ගෙවා යක්කල අනුර මාධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම හදාරන් 2006 වසරේ 6ය වන පන්තියට ඇතුලත් වුන අසංක… විනය ගැටලු දිගින් දිගට දාගත්තු අසංක 2009ය වර්ෂයේදි අසංකගේ අම්මා පාසලෙන් අස් කරගෙන…. කලකිරිමෙන් දැඩි පසුතැවිල්ලෙන් මාබිම පිරීවෙනට ඇතුලත් කරන්නේ එතනින් වත් හැදෙයි කියන බලපොරොත්තු පොදි බැදගෙනය…

දවසින් දවස වැරදි කලා මිස හැදුනේ නෑ මේ වෙනකොටත් මම වැරදි කාරයෙක් බවට හම්වඩු ගැහිලා ඉවරයි…. ගෙදර මිනිස්සුන්ට කලකිරිලා අසංක කියල චරිතේ ගැන පුතා ගැන…

හදිස්සියෙම නොසිතු විදිහට මගෙ තාත්තට සයුරෙන් එතෙරට යන්න වීසා වදිනවා ඒ ඇමරිකාවට… ඒ වෙනකොටත් තාත්තා කියන චරිතය ගැන මගේ හිතේ තිබ්බේ කලකිරිමක් තරහක් වෛරයක් විතරයි… තාත්තට විසා අපු දවසේ මම ගොඩක් සතුටු උනා… මම හිතුනා මම නිදහස් දැන් ආතල් එකේ ඉන්න පුලුවන් කියලා… මොකද අම්මා මට බනින්නේ ගහන්නේ නෑ එයා මට හරි ආදරෙයි තාත්තා ආදරේ නෑ කියනව නෙමෙ මම
මෙ තාත්තා සැරයී එකයී….

මේ වෙනකොට මගෙ අක්කට වයස 22ක් විතර එයා උසස් පෙල අවසන් කරලා NIBM එකේ ඩීග්‍රීරී එක කරන අවදියක තාත්තාත් ගිහින් මාස දෙකක් තුනක් මේ වෙනකොට..

මගේ නිදහස අසීමිත උනා… මම ඒ නිදහසෙන් අසීමිත ලෙස ප්‍රයොජන ගත්තා…

අම්මට මාව ගමේ තියාගන්න බැරි තත්වයක් අවා මොකද ඒ වෙනකොට මම ගමේ ගංජා සෙට් එකට වැටිලා හමාරයි… දවසින් දවස ගමේ මිනිස්සු අම්මට ඇවිත් කියන මගේ වාරදි දරාගන්න බැරි උනා…

අපේ පවුල ගමේ නම්බුකාර විදිහට ජිවත් වෙන පවුලක් අම්මට තේරුම් ගියා මම තව දුරටත් ගමේ තිබ්බොත් නම්බුව වගේම එයාට ලොකු පුතෙක් නැති වෙනවා කියලා…

මාසයක් දෙකක් ගෙවිලා ගියා…. අම්මා මාව මහා නුවර නුගවෙල මද්‍ය විද්‍යලයට ඇතුල් කරලා මාව හොස්ටල් එකේ නැවැත්තුවා…

ඇත්තටම මම හැදුනා කිසි වරදක් නොකර හොදට ඉගෙන ගෙන හොස්ටල් එකට වෙලා ඉදන් වැඩ කටයුතු ටික කරගත්තා…

2010 මට ආදරයක් ඇති උනා එක කෙනෙක්ට මම එයාව ගොඩක් මහන්සියෙන් මගෙ කරගන්න උත්සහා කරලා කරලා අපි එකතු උනා…කාටත් හොරෙන්…

සාමාන්‍ය පෙල ඉවරත් උනා අපේ සම්බන්ධෙ හැමොම වගේ දැන් දන්නවා ගෙවල් වලින් පවා (කෙටියෙන්)

බොඩිම් ජිවිතෙට මම බැස්සේ උසස් පෙල කරන්න කාලයේ ඇවාමෙන් බොඩිම් ජිවිතෙත් ගෙවිලා ගිහින් පාසල් ජිවිතෙට සමු දුන්නා…

අපේ ආදරේ හැදාමත් දුක සැප විදගෙන හටි ආදරෙන් ගලාගෙන ගියා අතරින් පතර පොඩි පොඩි ප්‍රශ්ණ අවාත් එයා මගේම වෙලා හමරයක් උනා….

මම අපහු ගමේ යන්න එන්න ගත්තා… මම වැරදි සමාජෙකට වැටිගෙන යන අවදියක ඒ අභාශයෙන් මතේ අන්තයටම ගියේ කුඩ්ඩෙක් වෙලා….

හොදම හරිය අසංකගේ හැරවුම් ලක්ෂ්‍ය…

කෙටියෙන්ම කිවොත් අවුරුදු 2ක් ඇතුලත මම මුදලින් රුපියල් ලක්ශ 5හක 6කය කුඩු ගැහුවා කිවොත් මම නිවැරදි.. ඔය අවුරුදු දෙකක කාලය තුල මම නොයෙකුත් බාධක වලට මුණ දුන්නා කුඩු ගහන පුරුද්ද නිසා….

පලමු සිර ගත විම…..

මත් කුඩු ගෑර්ම් 1ක් ලග තබාගැනි හා ප්‍රවාහනය යන සිද්දියට මාව 2015 මාවතගම පොලිසියෙන් කුරුණෑගල උසාවියට ඉදිරි පත් කරනවා….උසාවියෙන් අසංකට ඇප නොදි සවස් 14කට කැගල්ල රක්ෂිත බන්ධනාගාර ගත කරනවා …දවස් 14කින් පසු අසංකට ශරිර ඇප 2කකුත් මුදල් ඇප 30000ක ඇප මුදලකට නිදහස් කරනවා..

මගේ ආදර වන්තිය ඔය අතරතුර අසංකගේ අම්මගේන් උන දේ අහගෙන අසංකව බලන්න තවත් ගැහැනු යහලුවෙක් සමග කැගල්ල රක්ෂිත බන්ධනාගාරය බලා පැමිනේනවා… ඒ ඉරිදා දිනක අනෝරා වැසි වසින විටක ඒ වැසි බිද ගෙන එනවා..

අනේ ඉරිදා දිනයන්හි සැක කරුවන් හා සිරකරුවන් බැලිමට දෙන්නේ නෑ…. උත්සහය අසාර්ථක උනු ඇය නැවත් ගෙදර බලා දුක් අදොනාවෙන් හදවතින මොර දී හඩ හඩ යනවා

අනේ අසංකගේ අම්මා හරිම ආදරෙයි එයාගෙ පුතානේ ඉතින සල්ලී දිලා නිදහස් කරන් යනවා යන අතර තුර අම්මා කඳුළු පුරවගෙන වහනේ පැදගෙන හන ගමන්

“”ලොකු පුතේ දැන් මෙකෙන් පාඩම් ඉගෙන ගෙන හොද ලමයෙක් වගෙ ඉන්න ඔනේ ගදරටම වෙලා ඉන්න මගේ පුතේ””

“හා අම්මේ අනිවාරෙන්..”

ගෙදරත් යනවා අසංක කුඩු වලට ඇබ්බැහි වෙල හිටිය නිසා ගෙදර ඇවිත් පැයයි හිටියෙ අම්මගේ ඇස් වහලා කාර් එකත් අරන් තැන්නේකුඹුරට ගිහින් කුඩු කැල්ලකුත් අරන් අසාව ඉෂ්ඨ කරගන්නේ ගෙදර කාගෙත් ඇස් වහලා…

අසංකගේ ආදර වන්තිය ඉන් පසු දිනයේ බලන්න ගෙදර එනවා..

“සුදු මහත්තයෝ ගොඩක් ආදරෙයී… උන ප්‍රශ්න කිසිම දෙයක් ගැන මම අහන්නේ නෑ බනින්නෙත් නෑ මගේ පණට අපි අලුතින් ජිවිතේ අද ඉදන් පටන්ගමු හොඳ ලමයෙක් වගේ ඉන්න පැට්ටෝ අපි දෙන්නා සතුටින් ආදරෙන් ඉමු හැමදාමත් අපිට ඉන්න පුලුවන්. එහෙම බබා…”

අසංකට හිතේ දුක් සියල්ල එක මොහොතින් නැති වී අමතක උනේ වගේ කතාව සයුරි අතින් කියවෙද්දි…

ඒ බසට” හා අම්මී” කියලා උත්තර දිපු අසංක ඊළඟ දවසේ ඉඳනුත් කලේ ඉස්සරටත් වඩා කුඩු ගැහුව එක විතරක් උනා

මේ වෙනකොටත් අසංකට හැමොම අත ඇරලා දාලා ඉවරයී අසංකත් එක්ක හිටියේ මේ ලොකේ හතර දෙනයි..

අසංකගේ අම්මත් සයුරි(ආදරවන්තිය)ත් අසංකගේ මාමත් නොදෙරුම් කම නිසා අසංකගේ මල්ලිත්… එයාලා හැම වෙලාවකම අසංක ඇති කරගන්න ප්‍රශ්ණ වලට මුන දුන්නා ආදරේ කලා මේ කලය තුලදී අසංකගේ ආදරයට වසර 5ක් වෙනවා.. කොයිම මොහොතකදිවත් අසංකගේ මොන වැරදි තිබ්බත් දාලා ගියෙ නෑ තනිකරලා….

එක් දදසක්….
අසංකගේ නැවත වෙනසක් සයුරිට දැනෙනවා..

“තාත්තියෝ මට දෙයක් අහන්න තියනවා…”

“අහන්න අම්මී”

“මට ඇත්තම කියන්න ඔනේ සුදු මහත්තයෝ”

“හරි අම්මී…..මම ඇත්ත කියනවා අහන්න බබා මොකක්ද?”

“අයේත් මොනවට හරි ඇබ්බැහි වෙලාද ඉන්නේ මට ඇත්තම කියන්න…”

ඒ මොහොතෙත් කුඩු සික් එකේ ඉන්න අසංක සයුරු ඇහුව ප්‍රශ්ණෙට උතර දෙන්නේ හොටු පෙර පෙර ඇස් වලින් කදුලු පෙර පෙරය මොකද? කුඩු සික් එකේ මුහුණුවරයන් දෙකක් තමා ඒ දෙක..

“සුදු අම්මී මට මේ දේ නවත්තගන්න බැරුව ඉන්නේ ඉස්සරට වඩා මම දැන් කුඩු බොනවා අම්මී මට මෙක නවත්තන්න උදවු කරන්න අම්මී මට ප්ලීස්”

“තාත්තී අපි දැන් මොක්ද කරන්නේ මෙකට මම තාත්තීව හම්බෙන්න හැමදාම උදේ ගෙදර එන්නම් එතකොට මත් එකමනේ ඉන්නේ අම්මත් ඉන්නවනේ මම තත්තීට යන්න නොදි තියාගන්නම් බබා…”

“එහෙම හරියන්නේ නෑ අම්මී”

“එහෙනම් මගේ සුදු මහත්තයෝ කියන්නකෝ ඔන දෙයක් මම මොනවද කරන්න ඔනේ..”

“මට මේ අමාරුව නැති කරගන්න ටැබ්ලට් අරන් දෙන්න දවස් තුනක් බිවහම හලී අම්මී”

“මොනවද ඒ දෙයියෝ…කොහේද තියෙන්නේ කියද? හා මම අරන්දෙන්නම් කිය උනත් තාත්තී”

“ටැබ්ලට් කියන්නේ මත් වෙන බෙහෙතක් අම්මී”

“අනේ දෙයියෝ ඉටපස්සේ එවට සික් වෙයිනේ…”

“නෑ නෑ අම්මී දවස් තුනයිනේ අම්මී”

“හා බබා මම හෙට අරගෙන එන්නම් ගෙදර තාත්තී අම්මාත් ඉන්නවනේ සෙනසුරාදනේ බබා අනේ අම්මා නැතුව මම එන්නේ නෑ නේ බබා අම්මා ඉන්න නිසා මම එන්නම් අරන් හෙට”

“හා අම්මී අනේ එන්න එහෙනම්”

සයුරි අසංකට බෙහෙත් ටිකක් අරන් දිලා දවස් තුනකින් අසංකගෙන් අහන්නේ දැම් අමරුව නෑ නෙද බබා.. කියලා.. අසංක ටැබ්ලට් ටිකත් බිලා දවස් තුනට හොදට කුඩුත් ගහලා ඉන්නේ හැමොටම හොරෙන්… දැන් අමරු නෑ බබා කියන්නේ සයුරිගේ හිතට සතුට එක්කරගෙනය…

සතියක් දෙකක් ගියා අසංකගේ පොන් එකෙ මැසෙජ් එකක් දැකලා අයෙත් අසංක කුඩු ගහනවා කියලා දැගත්තා…එත් අසංකට එය දැක්ක බව නොදැනෙන්න හැසිරිලා සයුරි ගෙදර හනව ගිහින් කොට්ටෙව් තෙත් වෙනකන් පැය ගානක් අඩනවා…සයුරි තීරණය කරනවා අසංකගේ අම්මට කියන්න අයෙත් ඇබ්බැහි වෙලා අසංක කියල කිහන්න…

“හෙලො අම්මී”

“අනේ මැණිකේ කියන්න දුවේ”

“අම්මා කොහෙද ? ඉන්නේ..”

“ගෙදර දුවේ”

“අම්මේ මම මේ කියන දේ අහලා කලබල වෙන්න එපා අසංක අයෙත් කුඩු ගහන්න ඇබ්බැහි වෙලා”

“අනේ දුවෙ අපි දැන් මොකද කරන්නේ”

“අම්මේ ජපන් යන්නත් තව මාසයයි තියෙන්නේ අයෙත් පොලිසියට අහු උනොත් ආයෙත් රට යන්නත් හම්බෙන්නේ නෑ”

“අනේ ඔව් මැනිකේ අපි මොකද කරන්නේ අනේ ලොකුව හදාගන්නේ කොහොමද දුවේ අපි”

“අම්මේ කරන්න දෙයක් තිය්නව..මම හොයලා වැලුවා පුනුරුප්තාපනය කරන කදවුරක් අම්මේ එකට දාමු රට හනකන්..”

“අනේ කොහෙද දුවේ…හා අපි දාමු හෙටම දාමු දුවේ..අනේ ඔයා ඉන්න එක මට ලොකු හයිහක් මැනිකේ අසංකව ගොඩ ගන්න ඔයාට පිණ්”

“මම අසංකව කවදාවත් තනි කරන්නේ නෑ අම්මේ අම්මා බය වෙන්න එපා අම්මේ…එක තියෙන්නේ මීගමුවෙ අම්මේ අදුරෙන් ආලොකයට කියලා එකෙ මාසෙකට 10000යි ඇතුල් කරද්දී පහාලොස් දාහක් දෙන්න ඔනේ..”

“හරි මගේ දුවේ කොහොමද එක්කන් හන්නේ ලොකු පුතාව අපි”

ගම්පහා ගෙදර යනවා කියලා එක්කන් යමු අම්මා මටත් කතාකරමු යන්න කියලා මටත් එන්න කියන්න මම එන්නම් ඒ කරලා යද්දි මොකක් හරි බොරුවක් කියලා එතනට යමු අම්මේ ඉටප්ස්සේ එයාලා ඇවිත් වහනෙන් ගනී අයේ ද්ජ්වන්නවත් කිසි දෙයක් කරන්න බෑ එතනටම ගියහම අම්මේ…”

“හා දුවේ දෙම කරමු එහෙන්ම්
හෙට උදෙන්ම යමු..”

ඔය විදිහට කතාවෙන්නේ අසංක නිදන් ඉන්න වෙලාවක හොර රහසෙමයී

ඒ කතාඋන විදිහටම අසංකව එක්කන් ගිහින් කදවුරට දානවා සයුරි අම්මයි

අසංකට කදවුරෙ ඉද්දී තමා තෙරුනේ ම්ක්කක්ද උනේ කිය්ලා අසංකට ලොකු වෛරයක් එනවා අම්මයි අයුරි ගැන…. කාලය ගත වෙනව අසංක කදවුරේ දැඩි සික් එකෙන් අපහසුවෙන් දින 4ක් පහක් ගත කරද්දී සික් එක නැති වෙලා යනවා සති තුනක් පමණ සතියකින් අසංකව එලියට ගන්නවා එහෙන්ම සයුරි අසංකයි එකටම විදෙශ ගත වෙන බලාපොරොත්තුවෙන් සයුරි දින ගනිනවා….බලාපොරොත්තු නැති විදිහට අසංක එලියට එන්න කලින් සයුරිට රට යන්න වෙනවා… දැඩි දුකින් සයුරි අසංකට ලියුමක් ලියලා අම්මට දිලා අසංකට දෙන්න කියලා අම්මටත් වැදලා සයුරෙන් එතෙරට යනවා මාසයක් ගත වෙනවා අම්මා අසංකව එක්කන් එන්න යන්නේ එලියට අරගෙන කටුනායක ගුවන් තොටුපලටය ෆලයිට් එක රෑ 8ට මාව කදවුරෙන් අරන් යනව 5හට යන..

කදවුරෙන් එලියට අරන් අසංකගේ අම්මයි මාමයි කාර් එකට ගොඩ වෙල යනගම්න් අසංක අම්මගෙන් ඉස්සෙල්ලම අහන්නේ..

“අම්මේ සයුරී කෝ…”

අසංකගේ අම්මා කට අරිනෙවත් නැතිව යනවා

“අනේ අම්මේ අපි මේ කොහෙද දැන් යන්නේ සයුරී කෝ කියන්නකෝ කෝ ෆෝන් එක දෙන්න මට කොල් එකක් ගන්න”

අසංකගේ මාමා එක පාරටම

කටවහගන්නවා ලොකූ… ඔහේ ඇති සයුරියෙක් නෑ මෙක අහගන්නවා

“ලොකු සයුරි දුව 5ස් වෙනිදා ගියා මට යන්න කලින් ඉදන් හැම වෙලෙම කතා කලා යද්දිත් කතා කලා ගිහිලත් කතා කලා ලොකූ ඔයා බය නැතිව ඉනන.. දැන් මේ අපි යන්නේ එයාර් පොර්ට් තව පැය තුනකින් ඔයාට ෆලයිට් එක සයුරි එයි එහෙ එයාර් පොර්ට්. එකට ඔයාව ගන්න වෙලාවට”

“මොනවා.. අම්මේ මට මේ කිසි දෙයක් තෙරෙන්නේ නෑ ”

ඔහොම අසංක ලංකාවට සමුදිලා සයුරි ලගට යනවා….

ජිවිතේ වැරදුන තැන් සියල්ල නිවැරදි කරගෙන නැතිවෙලා ගිය තත්වය හැමොගෙම ආදරය ලබාගෙන සතුටින් සාර්තකව සයුරිත් එක්ක ජිවිතේ දිනලා අඩම්බරයෙන් හද පිරි සතුටෙන් පාඨක ඔබට මාගේ ජීවන ගමන මාගේ ඇගිලි තුඩු මතින්ම……

2018-07-4 වෙනි දිනට මාගේ ආදර ගමණට වසර 8ට පිරෙන විටෙක මා නිවැරදි විදිහට හොද අවංක ආදර වන්තයෙක් විදිහට අට වෙනි ආදර සන්වත්සරය සමරනවා….මාව හදාගන්න උත්සාහය දුන්න ඒ උත්සහය වටිනාකමෙන් කල අම්මාටත් මගේ සයුරිටත් ඒ උත්සහයට ඒ වටිනාකමට අද වෙන කොට මම සාධාරණය හොදටම ඉශ්ඨ කරලා තියනවා…. ඉදිරි ජිවන ගමන මගේ…අතීතයේ උන අදුරු සෙවනැලි බිය කරු හීන සියල්ල අයෙත් ජිවිතේට කවමතාකවත් නොයෙන විදිහට ලස්සනට අවංක අදරයක් එක්ක සමුගන්නවා….

“මගේ පෙර වදන”
කරපු වැරදි ගැන කවදාවත් පසුතැවෙන්නේ නෑ මම ඒ දෙවල් මගේ ඉදිරි ගමනේ පණ්නරය කරගන්නවා

කතෘ අයිතිය සුරකින්න:- අසංක උමහන්ග මුදුන්කොටුව

Popular Articles