Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

ජාතික වනෝද්‍යානය නරඹා අතේ ඇති මුදලට සතුටු වෙන්න එන්න උඩවලව Happy elephant resort

දෙස් විදෙස් සංචාරකයන් වසර පුරාම දැක ගත හැකි සංචාරක ප්‍රදේශයන් අතුරින් උඩවලව ප්‍රදේශයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. උඩවලව ජාතික උද්‍යානය, ඇත් අතුරු සෙවණ, රිදීගම උද්‍යානය, මුදුනාගල උණු දිය උල්පත් ඇතුළු සංචාරක ප්‍රදේශ බොහොමයක් දැක බලා ගැනීමට මෙන්ම කතරගම යන බැතිමතුන් ද උඩවලව ඉතා වැදගත් වේ.

උඩවලව ජලාශයට ආසන්නයේ පිහිටා ඇති happy elephant resort නිස්කලංක පරිසරයක නිර්මාණය කර ඇති සොඳුරු නිවාඩු නිකේතනයක්. සංචාරකයින් අතර ඉතා ජනප්‍රියත්වයක් උසුලන මෙම නිවාඩු නිකේතනය මීට වසර 03කට පමණ පෙර රංජිත් මුහන්දිරම් මහතා විසින් විවෘත කරන ලදී. සංචාරක ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධියට පත් “උඩවලව ” ට පැමිණෙන දේශීය සංචාරකයන් මුලික කරගෙන මෙම නිකේතනය විවෘත කර තිබෙන අතර පැමිණෙන සංචාරකයන්ට තම නිවෙස මෙන් සැහැල්ලුවෙන් විනෝදයෙන් තම නිවෙස මෙන් කාලය ගත කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට මොහු කටයුතු කර ඇත. විශේෂයෙන්ම මෙම ප්‍රදේශයට පැමිණෙන හා මෙම ප්‍රදේශය පහුකරගෙන යන දේශීය සංචාරකයන්ට නවාතැන් ගැනීමට, ආහාර ගැනීමට, විවේකයට නැවතී සිටීමට අවශ්‍ය පරිසරය සැකසීම තමයි ඔහුගේ මුලික අරමුණ වී ඇත්තේ. නිදහසේ නිස්කලංකව කාලය ගත කිරීමට සුදුසු වටපිටාවක් මෙහි තියනවා.

ආහාර පාන දේශීය අපිටම අවේනික අයුරින් ලබා දීමටත් මෙම ප්‍රදේශයට ආවේනික වැව්මාළු, වැව් කරවල වැව් කරවල වැනි අහාර විශේෂයෙන්ම මෙහි පිළියෙළ වෙනවා.

මෙම නිකේතනයේ නිදන කාමර 15කින් සමන්විතයි. ද්විත්ව, ත්‍රිත්ව හා apartment සහ tree house ලෙස පවතින අතර tree house සංචාරක ආකර්ෂණය වැඩියෙන්ම දිනාගත් නිදන කාමර වේ. විදේශීය සංචාරකයන්ද වැඩි කැමැත්තක් දක්වන මෙම නිකේතනයට දේශීය සංචාරකයන් සති අන්ත පවුලේ සංචාර සඳහා මෙහි නවාතැන් ගනු ලැබේ.

විවාහ මංගල උත්සව සඳහා 400ක් පමණ පිරිසකට පහසුකම් සපයන අතර දිනක සංචාර ආයතන සුහද හමු සඳහා විවෘත ප්‍රදේශය 700ක පමණ පිරිසකට වුවද පහසුකම් සපයයි.

ඔබේ පවුලේ දු දරුවන්, ඥාතීන් සමඟ විනෝද වීමට නිස්කලංකව කාලය ගත කිරීමට එන්න ඔබත් happy elephant resort. ඇත් අතුරු සෙවණ, උඩවලව ජාතික උද්‍යානය මෙන්ම තවත් බොහෝ සංචාරක ස්ථාන නරඹමින් ප්‍රනීත ආහාර වේලක රසවිඳ සුවපහසු දිනක් ගත කිරීමට කදිම තැනක් තමයි මේ happy elephant resort.

 

 

 

Popular Articles