Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

බිස්නස් එකට ආයුෂ අඩු ඇයි

ව්‍යාපාරයක් කරන්න ඕනි කියලා හිතුනම ගොඩක් අය කරන්නේ තමන් දන්න කියන අය අතරින් දියුණු වෙලා තියන ව්‍යාපාරයක් පටන් ගන්නවා.එහෙමත් නැත්නම් ලඟදි පටන් අරන් හොඳට දියුණු වීගෙන යනවා කියලා හිතෙන එකක් කොපි කරනවා. එවැනි ව්‍යාපාරයක් සාර්ථක වෙන්න තියන ඉඩකඩ අඩුයි. එයට හේතුව ඔබ තෝරාගෙන ඇත්තේ ඔබට ගැලපෙන ව්‍යාපාරය නෙමෙයි.

ඇයි ඇයි වැරදුනේ?

රජය මගින් නොයෙකුත් ස්වයං රැකියා පුහුණු වැඩසටහන් පවත්වනවා. එහෙම වැඩසටහන් ගමේ පැවතුණොත් ඒකට ආපු කාන්තාවෝ ඔක්කොම කරන්නේ ඒ ව්‍යපාරය පටන් ගන්න එක.එහෙම දෙයක් සාර්ථක වෙන්න තියන ඉඩකඩ අඩුයි.

උදාහරණයකට අපි ගමු යෝගට් නිෂ්පාදනය කියල
ගමේ හොඳ සාර්ථක යෝගට් ව්‍යාපාරයක් තියනවනම් ඔබට පුළුවන් අමුද්‍රව්‍ය සපයන්නියක් බවට පත්වෙන්න. ඒ කියන්නේ නැවුම් කිරි එකතු කරන එක.ඊට‍ අමතරව ගව පට්ටි පාලනය පටන් ගන්නත් පුළුවන්. ඒ වගේම යෝගට් බෙදා හැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් පුලුවන් මෙය ඉතා පහසුවෙන්ම ගොඩයන්න පුළුවන් අවස්ථාවක්.
තව උදාහරණයක් ගත්තොත් කවුරුහරි සාර්ථකව බත් පැකට් බිස්නස් එකක් කරනවානම් ඒ දිහා බලාගෙන ඔබත් බත් පැකට් ව්‍යපාරයක් පටන් ගන්න එක. එය අසාර්ථක වෙන්න තියන ඉඩකඩ බොහොම වැඩියි.ඒ වෙනුවට වටලප්පන්/අයිස්-ක්‍රීම් වැනි අතුරුපස ලබාදීමේ ව්‍යාපාරයක් එහෙමත් නැත්නම් බත් ඕඩර් ඩිලිවරි සේවාවක් සපයන්න ඔබට පුළුවන්.
රජය පොලිතින් තහනම් කරපු වෙලාවේ ඔබට පුළුවන් වූනා නම් කඩදාසි වලින් ශක්තිමත් බෑග් සාදන ව්‍යාපාරයක් පටන් ගන්න එය ඔබට සාර්ථක ව්‍යාපාරයක් පටන් ගන්න තිබුණ හොඳම අවස්ථාවක්. මේ හැම දෙයක් ගැනම අද්‍යනය කරලා බැලුවම පෙනෙනවා ඔබ පටන් අරන් තියෙන්නේ ප්‍රදේශයට අවශ්‍ය කරන ඔබේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන ව්‍යාපාර නෙමෙයි කියලා.

එහෙනම් කොහොමද අනිත් අය කොහොමද ඒ ව්‍යාපාරවලින් දියුණු වුනේ. අපි ඊළඟ ලිපියෙන් ඒ ගැන කතා කරමු.

Popular Articles